Thursday, March 24, 2011

උපවාසවංශට ගඩාපි වැහීම හා එකට සරනා ගිජුලිහිණියෝ.......

ලිබියාවේ වෙමින් පවතින දෙය කුමක්දැයි හරියාකාරව නොදනිමි. නමුත් සිද්ධියට ගඩාපි සහ පුත්‍රසමාගමේ පොරටෝක් හා උන්ට එරෙහිවන්නන් කෙරෙහි දියත් කෙරුණු මර්ධනය සෑහෙන දුරට වගකිවයුතු බව මගේ වැටහීමයි. එහෙයින්ම ලිබියාව ගැන කියන්නට උචිතම සටහන මීට මාස කිහිපයකට පෙර උපවාසවංශ වෙනුවෙන් තැබූවම බව මට හැඟේ.

වඩාත් උත්ප්‍රාසය දනවමින් උපවාසවංශ හා ඔහුගේ බත්/බෝතල්/බඩු/තනතුරු/ etc. / බැලයන් "ලිබියාවට අත නොතබනු" කියා ටයර් පිලිස්සීමද අරඹා ඇත්තේය.


එදා මා තැබූ සටහන පහත දැක්වේ ( කරුණාකර 'වීරවංශ' යන යෙදුම වෙනුවට 'ගඩාපි' යන්න ආදේශකර කියවන්න).:

" අල්ලපු ගෙදර කෙනාට පස්සා දොර (ගෙදර) ඇරීම.......

අල්ලපු ගෙදර එකා සහ අවලමේ යන කොල්ලන් ගෙය වටේ රැස් කන්නට ගන්නේ ගෙදර එකා තම කටයුත්ත නිසි පරිදි නොකරන විටය.

ඊට එරෙහිව කසිප්පු බී උන්ගෙන් ගේම ඉල්ලනවා වෙනුවට තම කටයුත්ත නිසි පරිදි කරන්නේ නම් වෙන උන්ට සිය ඇඹේණියගේ කිල්ලෝටයට හුණු දමන්නට වරම් නැති බව වීරවංශ ඇතුළු නඩයට කඩේ යන උන්ට වැටහෙන්නේ නැතිකම උන්ගේ කරුමයදැයි අපේ කරුමයදැයි නොදනිමි. "

Tuesday, March 22, 2011

ඔබේ ප්‍රේම ලීලාවට පෙම් කරමි - I Love The Way You Love Me


රජයේ සේවකයන්ගෙන් අප්‍රේල් 01වනදා සිට ආදායම් බදු අයකෙරේ.


නමුත්, මම නුඹේ ප්‍රේම ලීලාවට පෙම් කරමි.
දැඩි හා නොදැමුණු
 මන්දගාමී හා පහසු
හදවතින් හා ආත්මයෙන්
අතිශයින්ම පරිපූර්ණවූ
නුඹේ ප්‍රේම ලීලාවට පෙම් කරමි

 John Michael Montgomery - I Love the Way You Love Me

Wednesday, March 16, 2011

Tuesday, March 15, 2011

බියොන්ඩ් ෆ්‍රේම් වෙත - To Beyond Frame

සිද්ධිය දැක්කෙ පෙරේදා උදේ.

ඒ අස්සෙ "වත්" එයාගෙ අන්තිම සටහන තියල.

වෙන්නෙ මොකක්ද කියල පැහැදිලි නැති උනත් මොනව හරි වෙනව කියල නම් විශ්වාසයි. මේ වැඩේ කරන්නෙ කවුද කියන එකවත්, කොහොමද කරන්නෙ කියන එකවත් වැදගත් නැහැ. මොකද ඒක දැන ගත්තත් අපට කරන්න දෙයක් නැති නිසා. 


ඒත් මට විශ්වාසයක් තියෙනව ඔයා ලිවීම නවත්වන්නෙ නැතිවෙයි කියල. ඒ වගේම මේක අර ජනප්‍රිය තමන් විසින් කෙලවාගැනීමක් නෙවේ කියලත් මට විශ්වාසයි. මොකද මට දැනුණ විදිහට හිට්ස් ගැන හිතන්නෙ නැතිව ලියපු එක්කෙනෙක් ඔයා.

වැඩි දේවල් කියන්න ඕනෙ නැහැ. නැතිවෙලා තියෙන්නෙ කතන්දර කිවිව වගේ බයිනරි ටිකක් විතරයි.

ආයෙත් ලියන්න. අළුත් බ්ලොග් එකකින් එන්න. ඔයාගෙ බ්ලොග් එක මොකක්ද කියල මෙතන කමෙන්ට් එකක් දාන්න. ( මං මෙහෙම කිව්වම බොරු BFලත් කමෙන්ට් දාන්න පුළුවන් කියල දන්නවා. ඒත් ඒක ප්‍රශ්නයක් නැහැ).


තවත්තන ගානට අළුත් මූණුවරකින් එන්න පුළුවන් තරම් අපි සිංහල බව පෙන්නමු. උන් විකුණන්කන මහානුභාවසම්පන්න සිංහලකම උන්ට වඩා අපේ ලඟ තියෙන බව පෙන්නමු.

BF,
පාළුයි..., තනියි..., ඒ නිසා ආපහු එන්න.
මෙවන් මතක අරන් ආපසු එන්න. 


ප.ලි: පිස්සාට අපේ ආචාරය  "welcome back"

Wednesday, March 9, 2011

ත්‍රස්තවාදීන් යනු................,



බොහෝ විට පොරවල්ගේ පොරත්වය ප්‍රශ්න 
 කරන්නවුන්ය.





                                               වෙන විදිහකින් නම්, ආතල් කඩන්නවුන්ය.




ටැබූ, කොලූ ......., ආපසු එන්න.

කපුටන් අඩු බිමේ කසල ගඳ විඳින්න.

Tuesday, March 8, 2011

අම්මට හුඩු ......! අද මාර්තු අට........

හරි.

වයිෆ්,
ඔයා අද උයන්න මහන්සි වෙන්න ඕන නෑ. අපි කඩෙන් කෑම කමු.
ඔයා දවල් ටිකක් නිදාගන්න. අද මට හවසට උණුවතුර එපා.
උදේ මට අමතක උනානෙ. කමක් නැහැ. අද රෑට මං ළමයින්ට කෑම කවන්නම්.
අහ්... අර මෙගා නාට්‍යය යන්නෙ අද නේද? ඔයා ඒක බලන්න. මැච් එක මොකා දින්නත් එකයිනෙ.


හවස එනකොට මං අළුත් කොණ්ඩකටුවක් ගේන්නම්. අද අමතක කරන්නෙ නෑ.
ඔයා අම්මල බලන්න යන්න ඕන කිව්ව නේද? මං එනකොට මොනා හරි අරන් එන්නම්.

නෑ. නෑ. මං අද බීල එන්නෙත් නෑ. හැම පොඩිදේටම බෙරිහන් දෙන්නෙත් නෑ.

ම්...ම්...ම්... ආයෙ මොනවද....?

මම ආයෙ ඔයාගෙ පරණ බෝයි ගැන අහන්නෙත් නෑ.

එතකොට,
ඔයා අකමැතිනම් අදට කටෙන් කරන්න ඕන නැහැ. මං තරහ ගන්නෙ නැතුව ඉන්නම්.

අද වගේ දවසක ඔයා වෙනුවෙන් කැපවෙන එක මට මාර ගටක්.

Monday, March 7, 2011

Friday, March 4, 2011

වගකීමෙන් නිදහස් වීමේ නිවේදනය.....!

වැඩේ පත්තු වී තිබේ. මා විසින් සැකකල පරිදිම මහේල හා තිලාන් කේන්ද්‍රකොටගෙන ජැස්මින් විප්ලවය ඇරඹෙමින් තිබේ. විපක්ෂනායකතුමා කෙටි පණිවිඩ යවන්න කියන්නේත්, විජිත හේරත් මහතා ආණ්ඩුව සමාවගතයුතු බව කියන්නේත්, සිරස පුරා මිනිසුන් තම විරෝධය පලකරමින් සිටින්නේත් එම නිසාය.

මගේ මේ සටහන ඒ පිලිබඳව හුරේ දැමීමට හෝ ඒක කලේ මා යැයි කියා ලකුණු දමාගැනීමට නොවේ. ඒ සම්බන්ධයෙන් මාගේ වගකීමක් නොමැති බවත්, මා විසින් සටහන් කෙරුණේ එඬරු දඬු දේශපාලනයක් පවතින ලංකාවේ සමහරුන් දැකීමට ආසා සිහිනයක් පමණක් බවත් කීමටය. එම නිසා මෙම ව්‍යාපාරයේ හා මගේ කිසිදු සම්බන්ධයක් නැති බවත් කීමටය.

නමුත් සිදුවීම් පෙලගැසෙමින් තිබෙන ආකාරය අනුවනම් මා ගලවා ගත හැක්කේ අප මහරජතුමාට හෝ මහේල/ තිලාන් දෙපලට පමණි. එසේ නැතහොත් මගේ බිලොග් අඩවිය තහනම් කිරීම හෝ හැක් කිරීමට ලක්වනු ඇතැයි යන බිය මා පෙලමින් සිටී.

එම නිසා, පස්වාන් දහසකට බුදුවන්ට නරෝත්තමයානන් වහන්ස, අනේ අර මහින්ද ගොබිලාට ප්‍රසිද්ධියේ බැනවැදී,මහේලට හා තිලාන්ට කෑම වේලක් දී, ඒ බව ඔබතුමාගේ මිතුරුකතුවරුන් ලවා පත්තර පුරවා ලියවා, මා මේ අබග්ගයෙන් ගලවාගනු මැනවි.

මහේල/ තිලාන් මහත්වරුනි, "අප ඔබ සමගයි" යනුවෙන් කෙතෙක් පණිවිඩ එව්වත් ඒ එවන බහුතරයක් පසුගිය කාලයේ ඔබේ බිරින්දෑවරුන් කොන්ඩම් පුම්බන රූප කිහිපයකින් ආතල් ගත්බව හෝ සිහියට ගෙන දුරකථන අංක මාරුකරනු මැනවි. ඉන්පසු ක්‍රිකට් ගසනු මැනවි.

 අනේ මගේ බිලොග් අඩවිය බේරාදෙනු මැනවි  ...... !


 
 ප.ලි: 
සයිබර් අවකාශයේ මුරදේවතාවුණි, ඇතැම් කටකැඩුණු උතුමෙක් මා මේ සටහන ලියූවේ මේ රටේ දේශපාලකයන් හා ජහමනයා ගන්නා සිඟිති ආතල් උපහාසයට ලක්කරමින් යැයිද, එමනිසා සයිබර් ත්‍රස්තවාදය පිලිබඳ චෝදනාවෙන් මට ගැලවීමට නොහැකියැයිද කියා මගේ බ්ලොග් අඩවිය ඔබතුමන්ලාගේ උදහසට ලක්කල හැකි වුවත්, මේ සටහන මුලදීම කියූ පරිදි මේ වෙන කිසිදු දෙයකට මාගේ සම්බන්ධයක් නැති නිසා මගේ බ්ලොග් පඩංගුව රැකදෙන මෙන්ද ඉල්ලා සිටිමි.

Thursday, March 3, 2011

ලංකාවට ජැස්මින් ආවේය.......

සියළු විරුද්ධ පාක්ෂිකයන් ප්‍රාර්ථනා කල අයුරින්ම, සයිබර් අවකාශයේ මුර දේවතා එළි සැක කල පරිදිදෙන්ම, w3lanka හි පැරකුම් හා පාඨකයා නිගමනය කල පරිද්දෙන්ම, ලංකාවටත් ජැස්මින් විප්ලවය පැමිණ ඇත.

සිද්ධිය ඇරඹුණේ දරුවන්ට කන්න දීගත නොහැකිවූ පියෙකු අරලිය ගහ මන්දිරය ඉදිරිපිට ගිනිතබා ගැනීමෙන් නොවේ. එසේත් නැත්නම් විපක්ෂය දියත් කල දීප ව්‍යාප්ත වර්ජන රැල්ලක දිගුවක් ලෙසද නොවේ. 

මහින්ද නම් වූ අයෙකු ජනතාවගේ හදවතෙහි වඩාත්ම සංවේදී තැනකට ඇනීම නිසාය. එනම් ජාතියේ ක්‍රිකට් තරුවකට අපහාස කිරීම නිසාය. ඔබ සියල්ලන්ම පාහේ දන්නා එම සිදුවීමෙන් පසු සිද්ධි පෙල ගැසුණේ මෙසේය.


1. මහේල ජයවර්ධන විපරමට හා මහින්දට විරුද්ධව නඩු දමයි.

2. සිද්ධියෙන් සලිත වන මහින්ද, නිශ්චල චංචල දැකුම් සමඟ ගොස් සිය හාම්පුතුන් මුණගැසේ.
3. ඉහල තැනකින් මහේලට ඇමතුමක් ලැබේ. මහේල එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරයි. කෝපයට පත් අනෙකා " we'll hang you" කියමින් රිසීවරය තබයි.
4. මහේල ඕස්ට්‍රේලියාවට එරෙහිව ශතකයක් ලබයි.
5. සිම්බාබ්වේ සමග තරගයට මහේල සහභාගි නොවන අතර ඔහු විවේක ගැන්වූ බව අතුරු කමිටු නිලධරයෙක් පවසයි.
6. ලංකාව සිම්බාබ්වේ තරඟයෙන් පරාජය වෙයි.
 7. මහේල, සංගක්කාර හා අරවින්ද මාධ්‍ය සාකච්ඡාවක් කැඳවයි. දේශපාලනයේ කුහක කම් සමඟ තවදුරටත් ක්‍රීඩා කිරීමට හෝ තේරුම් කමිටුවේ සිටීමට නොහැකි බව කියමින් ඔවුහු තම සමුගැනීම දැනුම්දෙති.
8. මහේල හා සංගක්කාර තරඟ පාවාදීමි චෝදනා මත අත් අඩංගුවට ගැනෙති. අරවින්දට අපචාර චෝදනා කිහිපයක් ඉදිරිපත්වේ.
9. විපරමට අමතරව "ක්‍රිකට් හුටපට" යනුවෙන් නව වැඩසටහනක් මහින්ද විසින් හඳුන්වා දෙයි.
10. "ක්‍රිකට් වෙනුවෙන් අපි" යනුවෙන් සංවිධානයක් බිහිවේ. ඔවුහු සිය පුචාරණය සමාජජාල හා කෙටි පණිවිඩ ඔස්සේ සිදුකරයි.
11. මෙ​ම සංවිධානයේ මංගල රැළිය මහේලගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන අතර අරවින්ද හා අර්ජුන විශේෂ අමුත්තන් වශයෙන් සහභාගි වේ.
12. ලංකාවේ ක්‍රිකට් විනාශකල, ලෝක කුසලානය අහිමිකල දේශද්‍රෝහී ආණ්ඩුව ගෙදර යැවීමට පැමිණ සිටි සියල්ලෝ සපථ කරති.
13. උද්ගෝෂණ රැල්ලක් ඇරඹේ. පක්ෂ විපක්ෂ බොහෝ බලවේග ක්‍රිකට් වෙනුවෙන් අපි හා එක්වෙති.
14. දැඩි මර්ධනකාරී පිලිවෙතකින් වුවද නැවතිය නොහැකි තරම් ජනතා විරෝධය බලවත් බව දැනගත් රජය, රටේ පාලනය බාරකාර ආණ්ඩුවකට පවරයි.
 15.මහේල සහ සංගක්කාර යලි ක්‍රිකට් ගසති. අරවින්ද ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති වේ.
16. ජනතාව සතුටින් දිවි ගෙවති.




ප.ලි: නමුත් මෙවැන්නක් සිදුවුණේ නැත. ඒ වෙනුවට සති අග පුවත්පත්වල දේශපාලන හා ක්‍රීඩා කොලම් වල මෙබඳු සටහනක් පලවී තිබුණි.

" ජනපතිගෙන් විපරමට කුණු බැනුම්, මහේල නඩුව අස්කර ගනී"