ප්රභාකරන් යන්න ගියේය. නෝර්වේ උන් ඇවිත් ගියෝය. ෆොන්සේකා හිරේ ගියේය. මල්ලියෙ දැන් ඇමෙරිකන් අධිරාජ්‍යවාද කතාද මිනිසුන් ඒ තරම් ගණන් ගන්නේ නැත. ඒ විතරක් නොව සල්ලි දී පත්තරේට අන්දවාගත් කාටූනය දමා ගැසූ කටවුට් වත්, හති එලාගෙන පැගූ බයිසිකලයවත් පරණ සීන් තරම් නැග යන්නේ නැත. මෙහෙම ගියොත් මුන් අපට කෙලෙහිගුණ සැලකීම අතහැර දමනු ඇත. දැන් තවත් ආලවකයකු හෝ දෙව්දත්තයකු සොයාගැනීමට කාලයයි. එහෙයින් ඒ පැත්තේද මේ පැත්තේද බලා හොඳ බයිට් එකක් සොයාගත යුතුය. බහුතරයක් හුදී ජනයා ආශ්වාදයෙන් නන්නත්තාර වී යන ජාතියේ මාතෘකාවක් මවා හෝ ගතයුතුය.
මට මතක හැටියට කතන්දරය පටන් ගත්තේ තාක්ෂණයත් සමග මහා ඉහලින් ගනුදෙනු කරනවා යැයි සම්මත පිරිසක් අතිනි. ඔවුහු මූණුපොතේ කණ්ඩායමක් තැනූහ. ඒ අකොන්ට එරෙහිවය. මා අකොන් ලංකාවට එනබව දැනගත්තේ මෙම මූණුපොත් කන්ඩායමෙනි.
අකොන් යනු කවරෙක්ද? මාගේ කියවීම අනුව ඔහු හීනමානයෙන් පෙලෙන එය වසා ගැනීම උදෙසා ආරෝපිත අධිමානයකින් කටයුතුකරන කිසිවෙකුටත් අවනත නොවන තරම් ලජ්ජා විරහිත තරුවකි ( මෙබඳු තරු අප රටේද මහ පුටුවේ පටන් සියලු ක්ෂේත්රයන්හි ඇති තරම් සොයාගත හැක).
ඔහු සිය සංදර්ශන වලදීද, වීඩියෝ බහුතරයකද එතැනින් එහාට ගීත රචනා රැසකද කාන්තාව යනු ඉතා පහත් මටටමේ ලිංගික භාණ්ඩයක් ලෙසට හුවා දක්වයි. ( විය හැක. අපේ සිංහල බෞද්ධ කුල කාන්තාවන් හැර අන් කිසිදු ගැහැණියක් උත්තරීතර නොවන සන්දර්භයක අකොන් මවන ගැහැනියට වඩා වෙනස් ගැහැණියක් මේ ශ්‍රී දේශයෙන් පිට සිටිය නොහැක්කේමය. ඇතැම් විට අකොන් ලංකාවට විත් යහතින් ගියහොත් ඔහු දමනය වී අනර්කලී ආකර්ශා හෝ ගීතා කුමාරසිංහ නැතහොත් සංගීතා වීරරත්න වැනි හෙල කුල කතක් යොදාගන උතුම් නිර්මාණයක් කරනු ඇත. එවිට අපට ඔහු ගරු නාමයකින් පවා පිදිය හැක. ත්‍රී සිංහල කාන්තාරක්ෂක වැන්නක්......).
මට අකොන් ගැන තවත් බොහෝ දේ ලිවිය හැක. නමුත් මේ ඊට තැන නොවන්නේය. මන්ද යත් අකොන් යනු මේ මොහොතේ අප සියල්ලන්ගේ අනෙකා වන හෙයිනි. මට අනෙකා පට්ට ගැසීමට අව්ශ්ය නැත. ඒ වෙනුවට අනෙකා තුලින් හා ඔහුට අප දක්වන ප්‍රතිචාර මතින් අප තේරුම් ගැනීමට සූත්‍රයක් නිර්මාණය කොට ගැනීම වඩා යහපත් යැයි මට හැඟෙන හෙයිනි.
ශ්‍රී ලාංකිකයන් අකොන්ට විරුද්ධ වන්නේ ඇයි?
ඔහුගේ වීඩියෝවක බුදුරුවක් ඉදිරියේ නටන අඩ නිරුවත් කතුන්ගේ දර්ශනයක් අඩංගුව තිබීම හේතුවෙනි.
ඉඳින් දැන් සියල්ල සෙට් වී ඇත. මේ අවලමා ලංකාවට ගෙන්වන උන්ටත් ඌටත් බෝම්බ ගසා වනසා ශ්‍රී ලාංකීය කීර්ති නාමය රැකගත යුතුය. බුදුන් වෙනුවෙන් මැරෙන්නට නොව මරන්නට ලද වරමේ රඟ ලොවටම පෙන්වා දීමට මෙබඳු අවස්ථාවක් ආයෙත් ලඟදී නම් නොලැබෙනු ඇත.
ඒ වෙනුවෙන් සැදී පැහැදී සිටින සිංහල බෞද්ධ චන්ඩි ශ්රද්ධාවතුනි. මට ප්‍රශ්න කිහිපයක් ඇසීමට ඇත.
01. මේ වීඩියෝව ප්‍රසිද්ධ කෙරුනේ 2009 ජූලි මාසයේය. ඉතින් ඇයි මෙතරම් පමා..........
02. මහා භික්ෂු සංහාරයක් කල මියන්මාර නායකයා පසුගියදා මෙරටට ආවේය. ඔහුට විරෝධය නොදැක්වූයේ අමතක වීමකින්ද?
03. මා දන්නා තරමින් බුදුන් වහන්සේ දේශනාකල පරිදි අයහපත් ජීවිකාවන්හි යෙදෙන්නන් කිහිප පොලක්ම මෙවර මහ මැතිවරණයට ඉදිරිපත්වී ඇත. ඔවුන්ට විරුද්ධ නොවන්නේ දහම පිළිම තරම්ම නොවටනා හෙයින්ද?
04. තමාට අපහාස කල චිංචි මානවිකාවට බුදුන් සැලකූ ආකාරය අමතක වීම ධාර්මිකව පැහැදිලි කරගත හැක්කේ එල්ලාවල හිමියන්ගෙන්ද නැතිනම් උඩුවේ හිමියන්ගෙන්ද?
05. ප්‍රතිපත්තියෙන් බුදු පුදකල නොහැක්කා, ආමිස පූජාව උදෙසා ඉරාගෙන දැගලීම අවස්ථාවාදයද?
බුදුන්ගේ දහම දියුණු මනසක් ඇත්තන්ටය. මනස දියුණු වීම යනු ගොදුරු ගසාකැමට ඇති කපටි කම නොවේ. නිවැරදි දේ නිවැරදි ලෙස දැකීමත්, වැරදි දේ වැරදි ලෙස දැකීමත්, ඉන් ලද අවබෝධය අනුව කටයුතු කිරීමට ඇති හැකියාවත්ය.
තෙරුවන් සරණයි....
This comment has been removed by the author.
ReplyDeletelack of scapegoats,its as simple as that *sigh*
ReplyDeleteලියුම්කරු මහපුටුවට බනින්නේ තනිකර ද්වේශයෙන් බව පැහැදිලිව පෙනී යනවා. එසේනම් මම ප්‍රශ්නයක් අහන්නම්- මොහුට පෙර මෙම පුටුව හෙබවු අනෙක් අය සුදනෝද? අඩු ගනනෙ මේ කාලකන්නි යුද්දය ඉවර කරපු එකටවත් මේ මනුස්සයට ගරුකරන්න.අනෙක් කිසිම මුල්පුටු කාරයෙකුට ඒක ඉවර කරන්න උවමනාවක් තිබුනද? අනෙක් අය යුරෝපය සතුටු කරන්න කොච්චර අපේ රටේ යුද්දය පාවල දුන්නද? දැන් කාටවත් ඒවා මතක නහැ. ඒක සින්හලයගෙ සිරිත.
ReplyDeleteදරුව, කලබල නොවන්න. සන්සුන් වන්න. මේ මහ පුටුව පමණක් නොව පෙර මහපුටුද එසේමය. ඔබේ රජාණන්ගේ නම නොකියා මහ පුටුව කියූවේ එහෙයිනි.
ReplyDeleteමම මිනිසුන්ට ගරු කරමි. ඒ හොමෝ සේපියන්ස් සේපියන්ස් වර්ගයේ වී උපන් උන්ටවත්, සිංහල බෞද්ධයකු වූ උන්ටවත් නොව තවත් මිනිසෙකුට හෝ මිනිස්වර්ගයකට ගරු කිරීමට හැකි මිනිසුන්ටය.
තවද යුද්ධය යනු තනි මිනිසෙකුගේ ( මහින්ද හෝ ෆොන්සේකා) මෙහෙයක් යැයි ඇදහීමට තරම් මා අන්ධ වී නැත්තේය.
යුද්ධය බිම තබා ඉදිරිය බැලීමට ඔබට ප්‍රඥාව පහල වේවා.
මිත්‍රයා, ප්‍රශ්නයක් ඇති වුනාම කළ යුත්තේ එයට විසඳුමක් යෙදීම මිසක් එය දඩමීමා කරගෙන කිසිවෙකුටත් බැනවැදීම නොවෙයි.
ReplyDeletemonawa wenadawada manda den lankawata
ReplyDeleteනියමයී.
ReplyDeleteAtamessala wage aya thawa thawath bihi wewa. NGO kashtiya thawa thawath bihi wewa. Americawa sada yahathin wajambewa....!!!
ReplyDeleteඇත්ත කිව්වම අනිත් අය කලබල වෙන්නෙ ඇයි?
ReplyDeleteලිපියට මම එකගයි
මෙතන බෞද්ධකම පිළිබද ප්‍රශ්නයක් නැහැ.ධර්මය රැක ගන්න සැබැ උවමනාවක් නැහැ.. එක පැහැදිලියි නෙද..? සිරස නතර කරන්න ඔනා කම තියන්නෙ. ඇත්තටම සිරස කරන්නෙ.. ජාතික එකයි , අයි ටි එන් එකයි බලන ගොබ්බ මොඩයෙ ටික අල්ල ගන්න දැම්මා ප්‍රවිනයි, මහ ගෙදරයි ඉට පස්සෙ නිව්ස් වලින් හොරකම් කරපු එවයි...බොරු කරපු එවයි පෙන්නනවා... ඉතින් අර මොඩ ගොබ්බයින්ට උනත් යමක් කමක් තෙරෙන්න ගන්නවා... එක නතර කරන්න කරපු කුමණ්ත්‍රනයක් මෙක.....හික්...හික්. ගොබ්බයො ටිකට මොලෙ පැදුනොත් විසුමක් වෙන්නෙ නැහැ ඔය කස්ටියටම...
ReplyDeleteදැක්කොත් බුවා නොදැක්කොත් එබුවා... තියරිය සැම තැනකදිම වලංගු දෙයක් බව මට වැටහෙයි....
මමත් ලිපියට සම්පූරණයෙන්ම එකඟයි... මේ කෑ ගහන උදවියට තියෙන්නේ එකොන් එළවා දැමීමේ කැක්කුමද නැත්නම් හුදු අවස්ථාවාදී අදහස් ද කියා තේරුම් ගැනීම එතරම් අපහසු නොවේ, ඔවුන් නගනා තර්ක දෙස බලන කල. මෙතන ඇත්තෙන්ම එකොන් කියන්නේ අනිකා. අනිකා ගේ සදාචාරය ගැන පසුවට කථා කරමු (එකොන් ගේ සදාචාරය පිළිබඳව මේ මොහොතේ ඔහු ජීවත් වන රට තුළින් පවා ප්‍රශ්න කෙරෙනවා) ඒත් ඇයි මේ දෑඟලීම මේ වීඩියෝ එක රිලීස් වුනු ගමන් නොතිබුනේ. මහ මැතිවරණය ලඟ එන නිසා කියා මම නොකියමි...
ReplyDelete"Rose" hela kula kathak nemeda?
ReplyDelete"Rose" hela kula kathak nemeda?
ReplyDelete- Naha Aya rata paawaa dhennata peramuna gath .......siyak.
නියම කතාව. හැබැයි දැන් අපේ ගොයියො ඇටමැස්සට බනී ඒකෝන්ගේ රසික බූරුවෙක් කියලා!!!
ReplyDelete