Wednesday, November 10, 2010

පොල්කෝම්බෙන් උපන් මහත්වරුනි.........


නුඹලා වැනිම පිරිමින් විස්වාසකොට, නොදැනුවත්ව හෝ ඌ වෙනුවෙන් හෝ, එක්වරක් සළු ඉනූ වරදට, වරක් නොව සිය දහස්වරක් කෙලෙසී අවසන, නුඹලා විසින් දඬුකඳේ ගැසූ ගැහැනුන් වෙනුවෙන් පිදෙන උපහාරයයි මේ...............................

ඡායා උපුටනය: http://www.123rf.com/photo_4769054_business-man-with-erect-penis-head.html

Wednesday, November 3, 2010

අපෙ මොකෝ........උන්ට කෙලවෙනවනෙ...!

"සරසවි වලට මාෂල් ක්‍රමය නැවතත්" - ලංකාදීප

ඉඳින්,
වලේ නාට්‍යයකට හූ කීමත්
AT එතේ "අක්ෂරය" පෙන්වීමත්
WUS වලේ පෙම් පිලිසඳරත්
තහනම් ම වනු ඇත.

මතු නොව,
Lover's Lane පැත්තට යෑමත්
6.30 දේශනයෙන් පසු "කලා කවය"ත්
10.30න් පසු විවිධ ප්‍රසංගත්
නැති ප්‍රශ්න තනනු ඇත.

තාරුණ්‍යයේ තෝතැන්න,
දේශනයකදී ප්‍රශ්නයක්
සංවාදයකදී අභියෝගයක්
කලා කෘතියකදී උපහාසයක්
ගුටි කා ගෙදර යෑමට මං තනනු ඇත.

ආරක්ෂාව යන වදනෙහි අකුරුතුල
මර්ධනය යන අරුත ඇති බව
උතුරට දන්නවා අව.........


" නවත්ත ගනිං බං........, මොනා උනත් අරුන්ට කෙලවෙනවනෙ. අනික අපිට තව අවුරුදු කීයද මේකෙ ඉන්න තියෙන්නෙ. මාර්ෂල්ලට බෝතලයක් දුන්නම උන් ෂේප් කරගන්න පුළුවන්"