Wednesday, May 16, 2012

යකෝ එතකොට .....! ඒක මෙහෙමද.........? නැත්තං මේක එහෙමද?

ප්‍රවෘත්තිය 01: (Neth FM)

සෝමාලියානු මුහුදු කොල්ලකරුවන්ගේ අත්අඩංගුවේ පසුවන සියලූ ශී‍්‍ර ලාංකික ධීවරයන් මුදා ගැනීමට කටයුතු කරන බව ධීවර හා ජලජ සම්පත් අමාත්‍යංශය පවසනවා. සෝදිසි මෙහෙයුම් භාර සහකාර අධ්‍යක්ෂ ලාල් සිල්වා මහතා කියා සිටියේ ධීවරයන් මුදා ගැනීම සඳහා වන රාජ්‍ය තාන්ති‍්‍රක මට්ටමේ සාකච්ඡුා මේ වනවිටත් කි‍්‍රයාත්මක බවයි. අත්අඩංගුවේ පසුවන ධීවරයන්ගේ පවුලේ ඥාතීන්ගෙන් ඔවුන් පිළිබඳ තොරතුරු ලබා ගෙන ඇති බවයි ලාල් සිල්වා මහතා කියා සිටියේ. සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් සමග කිසිදු රජයකට සාකච්ඡුා කිරීමේ අවස්ථාවක් උදා වන්නේ නැහැ. එහෙත් අතරමැදියන් හරහා එ් සඳහා මැදිහත් වන බවයි ලාල් සිල්වා මහතා කියා සිටියේ. මේ අතර සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් භාරයේ සිටින ශී‍්‍ර ලාංකික නාවිකයෙකු බේරා දෙන්නැයි ඔහුගේ පවුලේ ඥාතීන් ඉල්ලා සිටිනවා. මීට මාස 14කට පමණ පෙර සරත් සූරසේන නමැති මෙම ශී‍්‍ර ලාංකික නාවිකයා සෝමාලියානු මුහුදු කොල්ලකරුවන්ගේ අත්අඩංගුවට පත් වුණා.
 
ප්‍රවෘත්තිය 02:(Lanka C News)
සරත් ෆොන්සේකා මහතාට මැයි 15-17 අතර දිනකදී නිදහස හිමි වනු ඇතැයි වශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසයි.නවලෝක රෝහලේදී ප‍්‍රතිකාර ලබන ෆොන්සේකා මහතාගේ දඬුවම් කාලය අවසන් වීමට ඇත්තේ 2013 ජූලි මාසයේදීය.
ෆොන්සේකා මහතා නිදහස් කර ගැනීම සඳහා පාර්ලිමේන්තු මන්ත‍්‍රී ටිරාන් අලස් මහතා සහ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අතර සාකච්චා වට කිහිපයක්ම පැවැත්විනි.
කෙසේ වෙතත් මින් පෙරද ජනවාරි පළමුවැනිදා සහ පෙබරවාරි 04 වැනිදා ෆොන්සේකා මහතා නිදහස් කරනු ඇතැයි ආරංචි පැතිර ගියද එය සිදු වූයේ නැත.



එතකොට සාකච්ඡා කරල බේරගන්නෙ මේකත් පැහැර ගැනීමක්ද? මැදිහත් කරුවො එහෙම දාගෙන කොරන්නෙ මේක කප්පම් සීන් එකක්ද?

Friday, March 23, 2012

අල්ලපු ගෙදර කෙනාට පස්සා දොර (ගෙදර) ඇරීම....... {පැරණි රසාංගයක් - බල්ටි හා විසිල් සමඟ}

අල්ලපු ගෙදර එකා සහ අවලමේ යන කොල්ලන් ගෙය වටේ රැස් කන්නට ගන්නේ ගෙදර එකා තම කටයුත්ත නිසි පරිදි නොකරන විටය.

ඊට එරෙහිව කසිප්පු බී උන්ගෙන් ගේම ඉල්ලනවා වෙනුවට තම කටයුත්ත නිසි පරිදි කරන්නේ නම් වෙන උන්ට සිය ඇඹේණියගේ කිල්ලෝටයට හුණු දමන්නට වරම් නැති බව වීරවංශ ඇතුළු නඩයට කඩේ යන උන්ට වැටහෙන්නේ නැතිකම උන්ගේ කරුමයදැයි අපේ කරුමයදැයි නොදනිමි.

මුල් ලිපිය හා කොමෙන්ටු සඳහා මෙතැනින් යන්න

Thursday, March 22, 2012

තප්පුලන හා ගැල් අදින හරකුන් වෙත ආදරයෙනි.....!


හෙට අනිද්දා විදුලි පුටුවට යන්නට නියමිත අප්පෙකුගේ පුතෙක් මෙහෙම ආතල් ගනීවිද?

‘තොපේ‘ උලව් මව්බිමට හා බුදුදහමට නිගා වෙන්නේ තම්බියෙක් හෝ ඇමෙරිකන් කාරයෙක් මෙහෙම පිස්සු කෙලියොත් විතරද?

එක්කෝ නුඹලා මෝඩ අමනයින්ය....! නැත්නම් මෙව්වායින් නුඹලාටද වාසි ඇත...! සල්ලි විසි කරන්නේ NGO පමණක් නොවේ.....!

Sunday, February 26, 2012

ඔන්න බබෝ බිල්ලා.....!

දරුවෝ පුංචි කාලේ අඩන විටත්, කරදර කරන විටත් , කෑම නොකන විටත් ඔව්න් අස්වැසීමට දෙමව්පියන්ට හොද කාරණයක් තිබුණේය. ඒ සෑම විටම දෙමව්පියන් දරුවන්ට කිව්වේ ඔන්න බබෝ බිල්ලා කියලාය.බිල්ලා කියපු ගමන් දරුවෝ ඇඩීම නවත්තන්නේය, කරදර නොකරන්නේය , යස අපූරුවට කෑමත් කන්නේය. ඒත් දරුවෝ කිසිම දවසක බිල්ලන්ද දැක නැත.කිසි දිනෙක නොදැක්ක බිල්ලෙකු ගැන කියා දෙමව්පියෝ රිසිසේ දරුවන්ව නලවා ගත්තේය.
ලාංකීය දේශපාලන පිටියටද බිල්ලා යනු හොද මෙවලමකි . මාරුවෙන් මාරුවට බලයට පත්වෙන හැම ආණ්ඩුවක්ම ලංකාවේ ජනයාට කලින් කලට බිල්ලන් පෙන්නා ඇත්තේය. ලංකාවේ ජනයාද බිල්ලාට බයේ නිහඩ වෙන ලමයින් වගේම නිහඩ වෙති .
වර්ථමාන ආණ්ඩුවද , ජාතියේ ආඩම්බරකාර තාත්තාද මේ වන විට බිල්ලා තියරිය රිසිසේ පාවිච්චි කරමින් සිටී. ලංකාවේ ළදරු ජනයාද ජාතියේ ආඩම්බරකාර තාත්තා පෙන්නන බිල්ලන්ට බයේ මුළු ගැන්වෙන්නේය.ඉතින් පාලකයන්ට බිල්ලා තියරිය මරුය , මසුරන්ය.
දැන් ආඩම්බරකාර තාත්තයි එයාගේ ආණ්ඩුවේ මන්ත්‍රී මල්ලිලායි ඒ කියන්නේ මන්ත්‍රී බාප්පලායි ජනතාවට එක එක බිල්ලෝ පෙන්වති. ආඩම්බරකාර තාත්තා චැනල් ෆෝ සහ යුධ අධිකරන බිල්ලා පෙන්නන කොට එක බාප්පෙක් අධිරාජ්‍යවාදී කුමණ්ත්‍රන බිල්ලෙක් පෙන්වති .මේ බාප්පා නින්දෙන් ගොරවන්නෙත් ග් රෑම් බටහිර... ග් රෑම් බටහිර කියමින්ය. ඒ බාප්පා බටහිර බිල්ලා පෙන්වන කොට තවත් බාප්පෙක් මුස්ලිම් බිල්ලෙක් පෙන්වති . ඒ බාප්පාටද එහෙමය ආශ්වාස ප්‍රාශ්වාස කරන්නෙත් මුස්ලිම් , මුස්ලිම් කියමිනි.
වැඩේ තියෙන්නේ එක එක බාප්පලාගේ බිල්ලෝ එක එක විදියේය.ඒ ඒ බාප්පාට පැවරී ඇති වැඩේට අනුව බිල්ලාද වෙනස් වන්නේය. ඒ වගේම බාප්පලාගේ පැවැත්ම තියෙන දේශපාලන ගුන්ඩුවට අනුවද බිල්ලා වෙනස් වෙති .
දැන් ලංකාවේ ළදරු ජනයා ඉන්නේද පිස්සු හැදිලාය. ඒ තරමට මේ අය බිල්ලෝ පෙන්නති. මේ වෙනකොට බාප්පලා ටික ආඩම්බරකාර තාත්තත් එක්ක තවත් බිල්ලෝ නාට්‍යක් පෙන් වන්නට ලෑස්ති වෙමින් සිටිති . සිද්ද වෙන හැම හොද දේකම තනි උරුමක් කරු තමන් වන්නාසේම මේ නාට්‍යයේ කතාව ,පිටපත් රචනය ,දෙබස්, අධ්‍යක්ෂණය එකී මෙකී නොකී සියල්ල ආඩම්බරකාර තාත්තාගෙනි.
මේ අළුත්ම තාලේ නාට්‍යයේ නම තර්ටීන් ප්ලස්ය(13+). අවශ්ය නලු නිලියන් හැඩ ගන්වා ලයිට් ඔන්කර ස්ටෑන්ඩ් බ්යි , කැමරා රෙඩි , ඇක්ෂන් කියාගෙන ලයිට්ද පෙරලා ගෙන ආඩම්බර කාර තාත්තා කැමරාව ඉස්සරහට දුවගෙන ඇවිත් 13 + කියන කොටම මල්ලිලා ''බෙදුම්වාදී බිල්ලා'' කියා බිම පෙරලි පෙරලී හොටු පෙර පෙර කෑ ගසන්නේය , විලාප තබන්නේය, එතකොටම ජනතාවද ''බුදු අම්මෝ එපෝයි'' කියමින් මරහඩ තබ්න්නේය මේ වෙනකොට ආඩම්බරකාර තාත්තා කැමරාව පිටිපස්සට ගිහින් තමන් 13+ කියද්දී තිබුණ ලග රූපය මල්ලිලා කෑගහදී මධ්‍යෂ්ථ රූපයක් කොට ජනතාව කෑගසන එක දුර රූපයක් කරන්නේය. ඒ උනාට කවදාවත් මේ තාත්තවත්, බාප්පලාවත් බිල්ලාගේ ඇත්ත කතාව ජනතාවට කියන්නේ නැත. කතාවට අනුව මුලින්ම අය්යාට මල්ලිලා විරුද්ධ වන්නේය. ඊට පසු මේ මල්ලිලා ජනතාවත් එක්ක මහපාරට බැස ලොකු අය්යාගේ 13+ බිල්ලාට විරුද්ධ වන්නේය. ආඩම්බරකාර තාත්තාටද බනින්නේය. ජනතාවටද මරුය. විරුද්ධවාදීන් එක එක කථා කීවාට ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදීය , විරුද්ධමත දැරීමටද පුළුවන්ය.අයිතීන් ඉල්ලා සටන් කරන්නටද , පාරට බසින්නටද පුළුවන.
දැන් ජනතාව 13+ බිල්ලා එපා කියමින් බාප්පලාද පෙරටු කොට ගෙන සිව් මහා නදී ගලා බසිනා ආකාරයට සිව් දිශාවන් ගෙන් කොළඹට එන්නේය. ඒකට අවශ්‍ය පහසුකම් මේ ආඩ්ම්බර තාත්තාම දෙන්නේය. ලංගම බස් ටික එක බාප්පෙක් දෙන්නේය. ආරක්ෂාවත් තාත්තාගෙනි කෑමද බීමද කුඩු මුදලාලිලාගෙනි .ජන්තාවට තියෙන්නේ කන්ඩ දෙනවානම් බොන්ඩ දෙනවානම් ,එන්ඩ බස් දෙනවානම් ,බිල්ලා එපා කියමින් ටික දුරක් බාප්පලා එක්ක ඇවිදීමටය. ඒක ඉතිං බාප්පලාට නම් ව්‍යායාමෙටත් එක්ක මරුය.
ඔන්න දැන් ආපහු ආඩම්බරකාර තාත්තා හෙමින් හෙමින් කැමරාව ඉදිරියට එන්නේය .දැන් කැමරාවෙන් පටිගත වෙන්නේ ලග රූපයන්ය මුහුන විශාල වීය .දැන් මේ තාත්තාගේ මුහුණ විඩාබර ගතියක් දිස්වන්නේය . හරියට දහයට අරන් සීයට දීලා වගේය. දැන් මේ දුෂ්ඨ තාත්තා බයවී ඇත්තේය.ඔහුට ජනතා ළමයින්ගේ කීම නොසලකා හැරීමටද බැරිය මොකද ඔහු ජනතා ළමයින්ගේ ආඩම්බරකාර තාත්තාය, ජනතාවාදී නායකයාය. ඉතා දුක් මුසු මුහුණින් ආඩම්බර කාර තාත්තා කතා කරන්නේය. තාවකාලිකව 13+ බිල්ලා අකුලා ගන්නා බව කියන්නේය. ඒ වෙනුවට සර්ව පාක්ෂික සමුලුවක් කැදවන බව කියන්නේය. ඒ කමිටුවට අනුව සර්ව සාධාරණ සැමට එකග විය හැකි විසදුමක් දෙන බව කියන්නේය . ඒ උනාට මීට ඉස්සර සමහර දේවල් අකුලා ගන්නා විට කියනවා වගේ නැවත් ඉදිරිපත් කරන දිනයක් නම් කියන්නේ නැත. බාප්පලා කෑ මොර තබන්නේය. ජනතාවද බිල්ලා නැති නිසා පස්වනක් ප්‍රීති ප්‍රමෝදයෙන් ජය ඝෝෂා නගන්නේය.
දැන් බාප්පලා ජනතාවට කියන්නේ අපේ ආඩම්බරකාර තාත්තා හරිම හොද බවය. අපි මේ වගේ තාත්තා කෙනෙක් ලබන්න පූරුවේ පිං කරලා තියෙන්න ඕනි කියලාය. ඉතිං අර බිල්ලාට බය වෙච්ච ජනතා ළමයිද බිල්ලා නැති කරපු එකට ආඩම්බර කාර තාත්තාට ලව් කරන්නේය . අනේ අපි මොනතරම් වාසනාවන්තයෝද කියාගන්නේය . දැන් තාත්තා ජනතා ළමයි දෙසට හැරී මෙසේ කියන්නේය , '' මම ජනතාවාදී නායකයෙකි ජනතාව යමක් එපා කියූ විට එය කරන්නට මට බැරිය, ජනතාව යමක් කොරන්නය කියූ විට නොකර සිටීමටද බැරිය , මෙතෙක් කලක් මම කොරල තියෙන්නේ ජනතාව කොරන්න කියපුවාය , මෙතෙක් කලක් මම නොකොර තියෙන්නේ ජනතාව නොකරනැයි කියපුවාය. දැන් ඉතිං ආඩම්බර කාර තාත්තාටත් චූන්ය ජනතා ළමයිටත් ගොඩක් චූන්ය.
දැන් මේ තාත්තා උතුරට හැරී මෙසේ කියන්නේය. අපි මේ ප්‍රශ්නය විසදන්නට එකතු විය යුතුයි .මේක ඔබගෙත් මගෙත් ප්‍රශ්නයක්ය . අපේ අනාගත පරපුරේ ප්‍රස්නයක්ය. මමම මේක විසදන්නට ගොඩක් උත්සාහ කරනව . ඔය ගොල්ලොත් අපිට එකතු වෙන්න දැන් බලන්න කරුනා ඇමති තුම , දේවානන්ද ඇමතිතුමා අපි ඔක්කොම සහෝදරයො වගෙ ඉන්නේ මට ඌනි කොහොම හරි මේ රට ගොඩනගන්ඩ ඔයාලත් අපිත් එක්ක එකතු උනොත් ගොඩම තමා. ඔය පහුගිය කාලේ සිද්දි අමතක කොරල දාන්ඩ, විශේෂයෙන් ඔය චැනල් ෆෝ එකෙ කට්ටිය අපෙ ආමි එකෙන් අපරාද කොරනව වගෙ පෙන්නන්න බොරු වීඩියෝ එකක් හදලලු ඔයාල ඒ බොරු වලට අහු වෙන්න එපා.යුද්ධෙ කොරන කොට ඔය සුළු සුළු සිද්ධි ඇති වෙන්ඩ ඇති මම නැතෙයි කියන්නේ නෑ. එව්ව හොයල බලල තමයි ඒ කාලේ යුද්ධෙ මෙහෙයවපු කෙනාට මම දඩුවම් දුන්නේ . බොරුනම් බලන්ඩ එයා තවමත් හිරේ .
ඊට පස්සෙ තාත්තා ඔලුව කසමින් හැරෙන්නේ ඉන්දියාව දිහාටයි .මම සර්වපාර්ෂික සමුළුවක් කැදවලා ඒකෙ ප්‍රගතිය කියන්නම් කියා හෙමින් හෙමින් කැමරාවෙන් ඉවත් වෙනවාත් සමගම ප්‍රශස්ථි ගී ගැයීමට පොරකන ජනතාවාදී කලා කරුවෝ තරගයට ගී ගයමින් ඉදිරියට පැමිණේ.

ආඩම්බර කාර තාත්තගේ , බාප්පලාගෙයි ඔන්න බබෝ බිල්ලා නාට්‍යය එසේය.මේ කතාවේ අඩු පාඩු හදන්න කාටවත්ම බැරිය. විවේචන කාරයොත් ආඩම්බරකාර තාත්තගේ සාක්කුවේය බාප්පලා ගැන කියලා වැඩක් නැත . ඔක්කොමලා ඉන්නේ තාත්තාගේ සාටකේ නූල් පොටවල් වල යන්තමින් එල්ලී ගෙනය එක බාප්පෙක්වත් හුම් කියන්නේත්.ප්‍රශ්න කරන්නේත් නැත. අනේ අපේ අමාත්‍ය මණ්ඩලේ වැඩිම කොටසක් පාලනය කරන්නේ ආඩම්බර කාරයාගේ පවුල් සමාගමෙන් නොවේ දැයි ප්‍රශ්න කරන්නේද නැත.ඉතිං අපිට බලය නොදෙන මේ ආඩම්බර කාරයා කවදාවත් දෙමළෙකුට බලයක් දෙයිද කියා මේ බාප්පලා සිතන්නේද නැත.බැරි වෙලාවත් එහෙම ඇහුවත් මේ සුවච කීකරු මල්ලිලාට දෙන්න උත්තරයක්ද ආඩම්බරකාරයා ලග ඇත.ඈ බොලව් ගොන් හරකුනේ මම උන්ට බලය දෙනවද බොලාටවත් බලයක් නොදෙනකොට.ඇඹිලිපිටියේ උන්නාන්සේටම මම ප්‍රාදේශීය සභාවේ සභාපති බලය දුන්නෙම නොදී බැරිම තැනනේ . මොකෝ උන්නාන්සේ සිංහල නෙමෙයිද? මොකෝ උන්නාන්සෙ බෞද්ධ නෙමේද? ඉතින් එහෙම එකේ මම මේ දෙමළුන්ට බලය දෙයිද?මෙව්වා ඉතිං තේරුම් ගන්ට කූඹියෙකුගෙ තරම්වත් මොලයක් තිබිලා එපායැ. කියා කියන ගමන් මුංට එහෙම මොලයක් නැති එකම මටත් හොදායැයි සිතන්නේය.
ජනතා ළමයිද මේ ගැන ප්‍රශ්න කරන්නේ නැත. දෙනදේ කාලා , බීලා නිකම්ම බස් එකේ කොළඹත් ගිහිල්ලා එන්නේමැයි සිතන්නේය.ජනතා ළමයි එසේ ආඩම්බර කාර තාත්තාගෙන් ප්‍රශ්න අහන්නට සිතන්නේද නැත.ගමේ සමූපකාර ජන්දෙ දී වත් අනිත් පක්ෂයේ එකාට බලය දෙන්නේ නැතිව , ඌව මරලා හරි තමන්ගේ පක්ෂයේ එකාට බලය දෙන්නේය . එහෙව් එකේ මේ උතුරේ ඉන්න දෙමළුන්ට කොහෙත්ම ඕක ලියා නොදෙන බවද දන්නේය.
මේ බඩු ගනන් දවස්වල වේල් දෙක තුනක් කාලා නොමිලේම කොළඹ යන්න තියෙන එක නැති කරගන්නේ මොකට දැයි කියා සිතන්නේය. ඉතිං ආඩම්බරකාර තාත්තා අමාත්‍ය මණ්ඩලේ ඇන්දුවාය කියා සිතන්නේය .අමාත්‍ය මණ්ඩලේ අය පාක්ෂිකයින් අන්දලා ලොක්කට තමන්ගෙ බලය පෙන්නුවාය කියා සිතන්නේය .ජනතා ළමයින් වේල් දෙක තුනක් ෂේප් වෙලා නොමිලේම කොළඹත් ගිහින් ආවා යැයි සිතන්නේය.
 උපුටා ගැනීමකි: මුල් ලිපිය - අජිත් දසනායක

Sunday, February 19, 2012

ආණ්ඩු විරෝධී වීරයන්ට ප්‍රශ්නයක්.....!


                                          මේ 2010 දීය......!

                                            මේ 2011 දීය......!

                                              මේ 2012 දීය......!


නෝනාවරුනි මහත්වරුනි, අම්මේ තාත්තේ, සහෝදරයා සහෝදරිය, කඩාබිඳගෙන ගොස් ගුටිකෑම වෙනුවට අතුරුපාරවලින් ඉලක්කයට ලඟාවීමේ දේශපාලනය ඇරඹීමට තව කීදෙනෙක් ගුටි කෑ / මිය යා යුතුද?

ප.ලි.:
පොලීසිය/ හමුදාව හැම විටම වසන්නේ එක් පිවිසුමකි.

ප.ප.ලි.:
උද්ඝෝෂණවලදී ගුටිකෑම දැනෙන්නේ ගුටිකෑ එකාට පමණි. ආණ්ඩුවට එයින් දැනෙන රෙද්දක් නැත. ඔබලා ආණ්ඩුවට හා ගැතියන්ට බලන්නට කුකුලන් කෙටවීමක් කරනවා පමණි.

ප.ප.ප.ලි:
මේ රටට වීරයන් අවශ්‍ය නැති බවත් අවශ්‍ය වන්නේ නව නළු රසෙන් පිරිපුන් විනෝදය සපයන්නවුන් බවත් කරුණාකර වටහා ගන්න.

Thursday, February 16, 2012

මර්වින් සහ බාලා මැරූ සංවේදී මිනිසුන්ට අපේ උත්තමාචාරය.....!



පෙරේදා පාරේ පිච්චුණ එකෙක් සහ ඊයේ වෙඩි කෑ එකෙක් ගැන රට පුරා උන් කෑ ගැසීමට පටන්ගෙන ඇත.
කෑ ගහන උන්ගෙන් මට අහන්න ඇත්තේ ප්‍රශ්න දෙකකි.
01. කෑ ගහන්නේ අහවල් මඟුලටද?
02. තව කී දවසක් කෑ ගහන්නද?
කියාය.

අද නැත්නම් හෙට තමා හා බිරියගේ නමින් හැඳින්වුන ඕකිඩ් මලත් රැගෙන අප රජතුමා මෙරටට එනු ඇත. කටුනායක ඩී. ඒ රාජපක්ෂ ගුවන් තොටුපලේ එලා ඇති ඉරාන තාර මත දණ ගසා එය සිඹිණු ඇත. පෙරදා වූවාක් මෙන් එසැනින් නුඹලාගේ දුක් නිවෙනු ඇත.

එතෙක් කට වසානොගෙන උද්ඝෝෂණ කිරීමෙන් නුඹලා කරන්නේ ඇතැම් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ගේ රස්සා නැතිකිරීම හා වයසක වාසු වැන්නවුන්ගේ ප්‍රෙෂර් නැග්ගීම පමණි. මන්ද රජතුමා පැමිණ ෂෝටක් ගසා හලාවත වැල්ලේ ඇවිද, මැරිච්ච බාලාගේ පොඩි උන් දෙන්නාට රජ මැදුරෙන් කෑම වේලක් දුන් පසු සියළු ගැටළු විසඳෙන හෙයිනි.

මැරිච්ච උන් දෙස බැලූ විටද වෙඩිතැබූ කරුවල අඳුන ගාගත් හාදයා ( කටුනායකදී රොෂේන් නම් ගංජා කාරයාටද, කොලොන්නාවේදී භාරත නම් කසිප්පුවාටද වෙඩිතැබුවේ මොහුමය) රටට කර ඇති සේවය එමට පෙනේ.

පුච්චා දැමූ කුඩු මර්වින් කොළඹටම කුඩු බෙදූ එකාය. ඌ මැරූ පසු තවත් නම් කුඩු බෙදන්න එකෙක් නැත. ආයේ හැදෙන්නේත් නැත. කොච්චර ගෙන්නුවද බෙදන්න එකෙක් නැති කල කුඩු නැති වන්නේය. ඌ පිච්චූ එකාට උපහාරය පිදිය යුත්තේ එහෙයිනි.

ඔළුව හිල්වෙන්නට වෙඩි කෑ බාලා ද එසේ මෙසේ එකකු නොවේ. විකෘති කාමාශාවන්ගෙන් පිරි අයෙකි. ගැහැනුන්ගේ පියයුරු හපා කෑමට දැඩිසේ ගිජු අයෙක් වන මොහුගේ ගැහැට ඉවසිය නොහැකිව බිරිඳද ගිය මාසයේ රට ගොස් ඇත. ( සල්ලි නැතිකමට ගියාය යනු පට්ට බොරුවකි). ඔහු වෙඩි කෑවේ මහේස්ත්‍රාත්තුමියගේ නංගීගේ හා පොලිස් අධිකාරී තුමාගේ බිරිඳගේ පියයුරු හතරම එකවිට හපා කෑමට යත්න දැරූ අවස්ථාවේය. මෙවන් අසහන කාරයන් මරා දැමිය යුතුය. බිම දන ගසා උන් දෙසට උණ්ඩ මුදා හැරි අපේ එකාට ගෞරව බහුමානය හිමිවිය යුත්තේ එහෙයිනි.

පහතින් දැක්වෙන්නේ මා මෝරන්ට පෙර තැබූ සටහනකි. දැන් මෙහෙම එව්වා ලියන්ට තරම් මා මෝඩ නැත.
http://skydreams2010.blogspot.com/2010/09/blog-post.html