Wednesday, January 25, 2012

බොක්කේ දඩමස් ඇත්තවුන්ගේ හක්ක කුඩුවුණොත් මෙසේය......!

අපි සියල්ලන්ම පාහේ කටක් ඇරියොත් මාර මිනිස්සුන්ය. කිසිදා වැරැද්දක් කර නැත. කලද ඒ ප්‍රගතිශීලී අරමුණකිනි.

අපට විටින් විට අපගේ ආස්තානයන් වෙනස් කිරීමට සිදුවේ. ඒත් අපගේ ශ්‍රේෂ්ඨ අරමුණු වෙනුවෙනි. නැත්නම් ආත්මාර්ථය උදෙසා නොවේ.මේ සම්බන්ධ ඉතිහාසගත උදාහරණය දුටුගැමුණු රජතුමන්ය. එතුමා යුධ කලේ රාජ්‍යය ගැනුමට නොවේ,  “ දේශය රකින්ටය“.

අපගේ කාලයේද එබඳු උතුම් පුරුෂයන් ස්ත්‍රීන් පහලව ඇත. රට දිනෙන් දින දියුණුවට යන්නේ ඒ ආනුභාවයෙනි.

නමුත් මෙබඳු උතුම් හැසිරීම් අවඥාවට ලක්කරන්නන්ද නැතිවා නොවේ. ඔවුන් පවසන්නේ මොවුන් කටින් එකක් කීවද යටි හිත වෙන අරමුණක ඇති බවය.

එවැන්නන්ගේ “ හක්කේ බුදුරැස් බොක්කේ දඩමස් “ යැයි මේ අසමජ්ජාතීහු කියති.

එසේ වෙත්නම් එසේ වෙත්වා.නමුත් අප බුද්ධිමත් ජනයා හක්කද බොක්කද හොඳින් හඳුනති. බුදුරැස්ද දඩමස්ද දනිති. දෙක පටලා නොගනිති. ( පසුගියදා ආචාර්ය මර්වින් සිල්වා මැතිතුමාද රෙද්ද උස්සා පෙන්වූයේ එයට උදාහරණයකි. ඇතැම්විට එතුමා දුටුගැමුණු ඥාතියෙක් වන නිසා විය හැක). එමනිසා කිසිවෙකුට මේ රටේදී නම් ඔය “ හක්කේ බුදුරැස් බොක්කේ දඩමස් “ තියරිය පාවිච්චිකල නොහෙන බව මට විශ්වාසය.

එසේ තිබියදී ‘ලංකා නිව්ස් වෙබ්‘ නම් අසික්කිත, තහනම් කල වෙබ් අඩවියක්, ඉතාමත් ද්වේෂ සහගත පුවතක් පල කරයි. ඒ මෙරට සිටින අවංක, කාර්යශූර, ලස්සන, අහිංසක මාධ්‍යෙවේදිනියක් වන විජයානි එදිරිසිංහ මැතිණියට විරුද්ධවයි.


ඔවුන් විසින් එම මැතිණිය විසින් කල අභීත හෙලිදරව්ව හඳුන්වා ඇත්තේ, ‘පච විජයානිගෙන් තවත් අධෝමුඛ වාතයක් ‘ ලෙසය. ඇගේ දේශප්‍රේමීකම ඔවුන් හෑල්ලුවට ලක්කර ඇත්තේ පහත පුවත ලියූ නිසාය.

රටින් පැන්න මාධ්‍ය නඩය රටට එරෙහි කුමන්ත්‍රණයක

* ප්‍රහාරයකට ආරක්‍ෂක අංශ පෙලඹවීමේ උත්සාහයක් * මුදල් දී රවටා ජනතාව සහභාගි කරවීමේ තැතක් - විජයානි එදිරිසිංහ
කොටි හිතවාදී රාජ්‍ය නොවන සංවිධාන මෙම උද්ඝෝෂණයේ සියලු විය හියදම් දරන අතර මෙහෙයවන්නන්ට ලක්‍ෂ ගණනින් මුදල් ගෙවා ඇත.



දේශහිතෛශී ජනතාවනි, මෙබදු අවලම් වෙබ් අඩවි වලින් රට රැක ගැනීම උදෙසා සැවොම දැනුවත් කරන ලෙසත්. ඒ වෙනුවෙන් මේ සටහන හැකිතරම් බෙදා ගන්නා ලෙසත් ඉල්ලා සිටිනු කැමැත්තෙමු.

කොටි විරෝධී විජයානි එදිරිසිංහ මැතිණියට ජයවේවා.........!




ප.ලි: කවුරුන් හෝ මා ඉහත කී ලස්සන, අහිංසක වැනි විශේෂණ එතුමියට නොගැලපේ යැයි සිතන්නේ නම්, එතුමියගේ ඡායාරූපයක් මෙතැනින් නරඹා සැක හැරගත හැකිය.

Sunday, January 8, 2012

කොටි කචල්ලෙක ගැන සදහම් පනිවිඩයක්

ආයිබෝං කිව්වා. ඇතැම්විට ඌගුල්ලො මං ගැන ආල නැත්තං මේම හිතාගන්ඩ. මං ඇවිල්ලා දැනටමත් සෑහෙංඩ ජනප්රිය පොරක් හරිය? ඇත්ත වසයෙම්ම ඔය දේසපාලනේ ගැන මාර විදිහට ප්රමානාත්මක දැනුමක් තමයි මට තියෙංනෙ. වැඩේ කියන්නෙ එක උගුඩුවෙක්කත් ඕක පිලිගන්නෑනෙ.

රයිට්. ටොපික්කෙකට.

මේ ලගදි බුකියෙ ගිය වලියකදි මං මේම අලුගුත්තේරු කතාවක් කිව්වා.

"කොටිය උපංනෙ මේ රටේ. උං මලේ මේ රටේ. මහ කොටිය මලෙත් මේ රටේ. උං මේ රටට අයිති. අයිතිය වෙනුවෙං මං ඉන්නවා."

ඕකෙ ඉතිං අහවල්ලෙකක් හෝදංඩයැ. කොටිය බැයිනං දේවදත්තයා. මේකෙ උපන්නනං අපේ තමයි. නැතුව අපිට බෝම්බ තිබ්බෙ පිටසක්වල එවුංයැ?

ඊට පස්සෙ තියෙන ගොංකොමට මේමත් කිව්වනෙ.......

"උං ගේම ඉල්ලුවා. සාම්බාරු වෙලාම යංඩ දුන්නා. හරි හෝ වැරදි. දැං ගනුදෙනු ක්ලොස් හරිය?"

ඉතිං ඕකට අපේ එක සඕදර සෑර් කෙනෙක් ඬෙන රිප්ලයියෙකක් දුන්න බොසාලා. මෙන්න මේම.....

"ගේම ඉල්ලුවා ගේම සාම්බාරු වෙන්න දුන්නා කියන එකේ මෙන්න මේ ටිකත් තියෙනවා.

- ආයිත් ගේම ඉල්ලන්න ඉඩ ඇත.

- ගියපාර වගේ සාම්බාරු දෙන්න කල්මැරීමෙන් ජීවිතට් දෙපොලත් යන දෙකම නැතිවේ.

- [උඹලා වගේ ජාති හිතයිශියෝ නිතර අපට අනතුරු හඟවන පරිදි] අරක මේක නොදුන්නොත් ආයිත් ගේම ඉල්ලනු ඇත.

- එනයින් ගේම හා සාම්බාරු සමාප්ත වුවද චැප්ටරය ක්ලෝස් වී නැත."

මල මගුලයි. ඇඬුන ඕයි.

ඉතිං මේ උතුං පෝය දවසෙ මං ඕක ටිකක් ධර්මානුකූලව හිතලා මෙන්න මේම සදහම් පනිවුඩයක් සෑර්ට ඇරියා. සමාරවිට සෑර් යම් මාර්ගපලේකට පත්තුනාද දන්නෙත් නෑ. හෙට වෙද්දි බඩු පොලිත්තෙක්ක හම්බෙයි.

මෙන්න අගනා සදහම් පනිවිඩේ............

"පිංවතුනි, අද මේ උතුම් පෝය දවසෙ මං අරමුනු කොරගන්නෙ අපේ හිතවත් (අහවල්) උපාසක මාත්තයගෙ ධර්ම පාටයක්....

//අනික තමා. ගේම ඉල්ලුවා ගේම සාම්බාරු වෙන්න දුන්නා කියන එකේ මෙන්න මේ ටිකත් තියෙනවා.

- ආයිත් ගේම ඉල්ලන්න ඉඩ ඇත.

- ගියපාර වගේ සාම්බාරු දෙන්න කල්මැරීමෙන් ජීවිතට් දෙපොලත් යන දෙකම නැතිවේ.//

දැං පිංවතුනි, මං ඩොට්ටස් බුවෙක් නොවෙන හිංදා මේ ලෙඩේ නම එකපාරටම කියන්ට අමාරුයි. නමුත් පිංවතුනි අපේ ගොඩවෙද්දුනං කියන්නෙ ගිනිපෙනෙල්ලෙං කාපු උං කලාමැදිරිංට බයයි වගේ හරුපයක්.

දැං පිංවතුනි අපේ කෙහෙලිය ඇමතිතුමා ප්රමුක මහිංදලා/ගෝටලා කස්ටිය එකතුවෙලා ගරු හමුදාපති ජගත් ජයසූරියගෙ පුදානත්වයෙං අම්බ මානසික (සොරි - මානුසික) මෙහෙයුමක් කොරලා කොටිංට දුකෙං පුං යන්ඩ දුන්නනේ. කියංඩ පිංවතුනි දැන්නං මතක්කොලත් ආතල් බේරෙන මාර ඇඩ්වෙංචරස් සීසං එකක් ඒක.

ඉතිං පිංවතුනි ඕම දෙමලා හාංචිපයිස් වෙංඩම දුන්නත් පෘතක්ජන ස්වබාවෙ හිංදා හිතට මදි. ඉතිං හිතෙන්නෙම මුං තාම ගේමෙ කියලා. සංසාරෙ දුකයි පිංවතුනි.

ත්රස්තවාදියා හැදෙංනෙ පෙර අකුසලකර්ම ඔලිං නෙමේ පිංවතුනි. හැදෙංනෙ දේසපාලනෙං. කියංඩ දුකයි පිංවතුනි. ඒත් ඇත්ත. දෙමලගෙ දේසපාලනේ අහවරයි. අර උතුම් මානසික මෙහෙයුමෙං නයිං පාර ඕපං කොරලා අබාන්ස්සෙකයි සිංගර්රෙකයි යුනිලිවර් බුවාලයි අනික් මුදලාලිලා ටිකයි උතුරට සැපත්කොලාට පස්සෙ එහෙ එක බල්ලෙක්වත් මරාගෙන මැරෙංනෑ පිංවතුනි. ඒක තමයි ලෝක නියාම දර්මෙ. තව අවුරුදු හතාටක් ඕම්ම ඉවසං ඉන්ඩ පිංවතුනි. දකුනේ අපි වගේම රටට හෙනගැහුවත්, ආතල් දෙන එකාට කතිරෙ ගාල සුපර්ස්ටාර් බලල බුදියගන්න අමන කාලකන්නි සහෝදර හැත්තක් උතුරෙං කලඑලි බහී. අනේ එතකංවත් අවුරුදු තිහක් හිරකොරලා හිටපු උංට නිදහසේ හුස්මක් අරං කටක් ඇරල කතා කොරල නිදහසේ ඇවිදල කොරල දැංවත් ජීවිතේ විදින්ඩ අයිතියක් තියෙනව කියල මේ පෝය දවසෙවත් හිතාගනිල්ල යකුනේ........"

__________________________________________

/ලි

අඩෝ අපිත් දැං බ්ලොග් ලියනවා හරිය?