Saturday, July 2, 2011

ආණ්ඩුවට, විපක්ෂයට හා 'බුද්ධිමත්' ජනයාට ප්රිශ්න කිහිපයක්

අදාල පාර්ශවයන්ගේ බුද්ධිමට්ටම පිලිබඳ සලකා බහුවරණ ප්රදශ්න ඉදිරිපත්කර ඇති බව කරුණාවෙන් සලකන්න.

1. බී.ටී. අයි. බැක්ටීරියාව කෝ?
අ. එහෙම එකක් තිබුණද?
ආ. තියෙනවා. ඇයි මොකද අහන්නේ?
ඇ. ක්ෂුද්රක ජීවීන් මත යැපීම අපි වගේ ජාතියකට හොඳද?
ඉ. ඒක ඉස්සනම් පහුගිය දවස්වල දඩවලින් හොයපු සල්ලි දෙන්නෙ උඹෙ ....ද?

2. නාථ දෙයියන් සමඟ සාකච්ඡාකර ප්ර ගීත් එක්නැලිගොඩව හොයාගන්න බැරිද?
අ. කවුද ප්ර්ගීත් එක්නැලිගොඩ?
ආ. දෙයියො මේ දවස්වල කාර්යබහුලයි.
ඇ. සම්යයයක් දෘශ්ඨික දේවතාවුන් ඔය වගේ ත්රාස්තවාදීන් ගැන බලන්නෙ නැහැ.
ඉ. මිනිහ හැංගිලා. අපි ලඟදිම විද්යාේත්මකව මිනිහව එලියට ගේනවා.

3. සරත් ෆොන්සේකා වෙනුවෙන් පාරට බස්සනවා කියූ ලක්ෂ ගණන් ජනතාව කෝ?
අ. ඒ වැඩේ අපි අතෑරල නෑ.
ආ. ඊලඟ ජනාධිපතිවරණෙට තව කොච්චර කල් තියෙනවද?
ඇ. හා..පෝ... එතුමගෙ සෞඛ්ය? තත්වය දුර්වලයි. සෙනඟ දැකල හාට් ඇටෑක් හැදුණොත් එහෙම.
ඉ. අනේ මන්ද? අපි නම් ලෑස්තියි. ඒත් ජනතාව?

4. සිරසට බෝම්බ ගැසූ රවි කරුණානායකගේ ගෝලයාටත් උපවාසවංශගේ ගෝලයාට පගා දුන් අයටත් මොකද වුණේ?
අ. මේ රටේ හැමතැනම දූෂිතයි. ආණ්ඩුව අපි අතේ තිබිලත් සාධාරණය කරගන්න බැහැ.
ආ. උන් ආවාවෙකො චන්දෙ ඉල්ලන්න. එදාට අපි ඒ කේස් ටික අදිනවා.
ඇ. මොනවද දොඩවන්නෙ. ලංකාවෙ කවද්ද ඔහොම කේස් වුණේ.
ඉ. ඇහුන්නෑ...

5. චැනල් හතර වීඩියෝවේ බලබිඳි සෙන්පති තුමා එහි අවසන් විනාඩි කිහිපයේ දැක්වෙන දර්ශන ගැන කීවේ මොනවාද?
අ. එතුමා එතැනට ගියේ ඒ ටික පෙන්නන්න කලින්.
ආ. "...කල තියෙන්නෙ. මුන් හොරෙන් කැමරා ෆෝනුත් බංකරවලට ගෙනල්ලනෙ"
ඇ. ඒක රාජ්යි ආරක්ෂාවට සම්බන්ධ ප්ර්ශ්නයක්.
ඉ. ..ගෙ පුතා. තෝ දන්නවද කවුරු ගැනද අහන්නෙ කියල? තමුසෙගෙ නම කියනවා. ගම කොහෙද?

6. මේ දවස්වල නින්ද යනවද?
අ. ඇයි අපිට නින්ද නොයන ලෙඩක් තිබ්බද?
ආ. ඇයි සැකද?
ඇ. ඇයි උඹට සදහටම නිදාගන්න ඕනද?
ඉ. ඇයි කවුරුත් අපිව ඇහැරෙව්වද?

7. ......