සෝමාලියානු
මුහුදු කොල්ලකරුවන්ගේ අත්අඩංගුවේ පසුවන සියලූ ශී‍්‍ර ලාංකික ධීවරයන් මුදා
ගැනීමට කටයුතු කරන බව ධීවර හා ජලජ සම්පත් අමාත්‍යංශය පවසනවා. සෝදිසි
මෙහෙයුම් භාර සහකාර අධ්‍යක්ෂ ලාල් සිල්වා මහතා කියා සිටියේ ධීවරයන් මුදා
ගැනීම සඳහා වන රාජ්‍ය තාන්ති‍්‍රක මට්ටමේ සාකච්ඡුා මේ වනවිටත් කි‍්‍රයාත්මක
බවයි. අත්අඩංගුවේ පසුවන ධීවරයන්ගේ පවුලේ ඥාතීන්ගෙන් ඔවුන් පිළිබඳ තොරතුරු
ලබා ගෙන ඇති බවයි ලාල් සිල්වා මහතා කියා සිටියේ. සෝමාලියානු මුහුදු
කොල්ලකරුවන් සමග කිසිදු රජයකට සාකච්ඡුා කිරීමේ අවස්ථාවක් උදා වන්නේ නැහැ.
එහෙත් අතරමැදියන් හරහා එ් සඳහා මැදිහත් වන බවයි ලාල් සිල්වා මහතා කියා
සිටියේ. මේ අතර සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් භාරයේ සිටින ශී‍්‍ර ලාංකික
නාවිකයෙකු බේරා දෙන්නැයි ඔහුගේ පවුලේ ඥාතීන් ඉල්ලා සිටිනවා. මීට මාස 14කට
පමණ පෙර සරත් සූරසේන නමැති මෙම ශී‍්‍ර ලාංකික නාවිකයා සෝමාලියානු මුහුදු
කොල්ලකරුවන්ගේ අත්අඩංගුවට පත් වුණා.
ප්‍රවෘත්තිය 02:(Lanka C News)
සරත් ෆොන්සේකා මහතාට මැයි 15-17 අතර දිනකදී නිදහස හිමි වනු ඇතැයි වශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසයි.නවලෝක රෝහලේදී ප‍්‍රතිකාර ලබන ෆොන්සේකා මහතාගේ දඬුවම් කාලය අවසන් වීමට ඇත්තේ 2013 ජූලි මාසයේදීය.
ෆොන්සේකා මහතා නිදහස් කර ගැනීම සඳහා පාර්ලිමේන්තු මන්ත‍්‍රී ටිරාන් අලස් මහතා සහ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අතර සාකච්චා වට කිහිපයක්ම පැවැත්විනි.
කෙසේ වෙතත් මින් පෙරද ජනවාරි පළමුවැනිදා සහ පෙබරවාරි 04 වැනිදා ෆොන්සේකා මහතා නිදහස් කරනු ඇතැයි ආරංචි පැතිර ගියද එය සිදු වූයේ නැත.
එතකොට සාකච්ඡා කරල බේරගන්නෙ මේකත් පැහැර ගැනීමක්ද? මැදිහත් කරුවො එහෙම දාගෙන කොරන්නෙ මේක කප්පම් සීන් එකක්ද?