Friday, March 23, 2012

අල්ලපු ගෙදර කෙනාට පස්සා දොර (ගෙදර) ඇරීම....... {පැරණි රසාංගයක් - බල්ටි හා විසිල් සමඟ}

අල්ලපු ගෙදර එකා සහ අවලමේ යන කොල්ලන් ගෙය වටේ රැස් කන්නට ගන්නේ ගෙදර එකා තම කටයුත්ත නිසි පරිදි නොකරන විටය.

ඊට එරෙහිව කසිප්පු බී උන්ගෙන් ගේම ඉල්ලනවා වෙනුවට තම කටයුත්ත නිසි පරිදි කරන්නේ නම් වෙන උන්ට සිය ඇඹේණියගේ කිල්ලෝටයට හුණු දමන්නට වරම් නැති බව වීරවංශ ඇතුළු නඩයට කඩේ යන උන්ට වැටහෙන්නේ නැතිකම උන්ගේ කරුමයදැයි අපේ කරුමයදැයි නොදනිමි.

මුල් ලිපිය හා කොමෙන්ටු සඳහා මෙතැනින් යන්න

Thursday, March 22, 2012

තප්පුලන හා ගැල් අදින හරකුන් වෙත ආදරයෙනි.....!


හෙට අනිද්දා විදුලි පුටුවට යන්නට නියමිත අප්පෙකුගේ පුතෙක් මෙහෙම ආතල් ගනීවිද?

‘තොපේ‘ උලව් මව්බිමට හා බුදුදහමට නිගා වෙන්නේ තම්බියෙක් හෝ ඇමෙරිකන් කාරයෙක් මෙහෙම පිස්සු කෙලියොත් විතරද?

එක්කෝ නුඹලා මෝඩ අමනයින්ය....! නැත්නම් මෙව්වායින් නුඹලාටද වාසි ඇත...! සල්ලි විසි කරන්නේ NGO පමණක් නොවේ.....!