Saturday, December 25, 2010

මම බෞද්ධයෙක්මි. සැමට සුබ නත්තලක් වේවා.......


 
          මම බෞද්ධයෙක්මි. 
මම මගේ ශාස්තෲවරයානන් දෙසූ දෑ පිලිගනිමි. පිලිපදිමි.

නමුත්.....
මෙලොව බිහිවූ ශ්‍රේෂ්ඨ මිනිසෙකුට ගරු කිරීමටවත්....,
සියල්ලන් තමා හැර යද්දීත් ඔවුන් වෙනුවෙන් පෙනී සිටියා වූ නායකයකුට බුහුමන් දැක්වීමටවත්......,
ප්‍රේමය උදෙසා සියල්ල පිදිය යුතු වූ ලොවක කිසිත් නොපතා ප්‍රේමයම බෙදාදුන් දයාවන්තයකුට ආදරය කිරීමටවත් .....,

මගේ ඇදහිල්ල මට තහනම් කරන්නේ නැත.


ඔබට සුබ නත්තලක් වේවා...........!

Friday, December 10, 2010

Julian Assange, ​සරත් ෆොන්සේකා, විමල් වීරවංශ තුමා, වාසුදේව තුමා, .... තුමා, ......,තුමා......,තුමා සහ අපි......



Julian Assange යනු සියළු දෙස් විදෙස් රාජ්‍ය (පවතින) විරෝධී සියල්ලන්ගේ අළුත්ම වීරයාය. එපමණක් නොව මීට සති කිහිපයකට පෙර දක්වා අපගේ සියළු දේශප්‍රේමීන්ගේ සුපිරි බුද්ධිමතාය ( එය ලංකාව පිළිබඳ වාර්තා කරන තෙක් පමණක් පැවතීම වෙනම කරුණකි).

Julian Assange  පහර ගැසීම ඇරඹුවේ ඇමෙරිකාවෙනි. අනතුරුව එය තවත් බොහෝ රටවල් දක්වා විහිදී ගියේය. ඉඳින් අපිද හුරේ දැම්මෙමු. ඔහුගේ භූමිකාව කුමක්ද එහි ඉදිරිය කුමක් විය හැකිද නොසිතාම අප ආශා කරන දෙය ඔහු අතින් කෙරෙද්දී මහන්සි නැතිව ආතල් ගැනීම කරමින් සිටියෙමු. විවේචනයක් නැතිව, විචාරයක් නැතිව ඔහුව උඩදමමින් ඔහු ඇමෙරිකාව දණ ගස්වනකම්, ඉන්පසු ලංකාවට සාධාරණය ගෙනෙනකම් බලා සිටියෙමු.

දැන් Julian Assange අත්අඩංගුවේය. ඇතැම් විට ඔහු නිදහස් වනු ඇත. නැතිනම් වැනසෙනු ඇත. නමුත් දැන් අපේ ආතල්එක ඇත්තේ මහා අනතුරකය. බොහෝවිට අපට Julian Assangeව අමතක කොට දමා වෙනත් ආතල් එකක් සොයාගැනීමට වනු ඇත.

මේ මෙවැන්නක් සිදුවූ පලමු වතාව නොවේ. අපි පරම්පරා ගණනාවක් පුරා වෙනකකු අප වෙනුවෙන් විමුක්තිය ගෙනෙනතුරු බලා සිටියෙමු.  

නමුත් අපේ ගැලවුම්කරුවන් සියල්ල එක්කෝ බලයේ අභියෝගය හමුවේ අප විසින්ම හුදකලාකොට දැමුවෙමු. නැතිනම් අප විසින්ම දේවත්වයට පත්කර අනතුරුව උන්ගේ කෝචෝක් බලමින් ඇටිකෙහෙල් කෑ උගුඩුවන්ව සිටියෙමු.

දැන් මට ප්‍රශ්න කිහිපයක් ඇත. අප අප වෙනුවෙන් සිතන්නේ කවදාද? තම ඉරණම තවෙකකුට බාරදීමෙන් තොරව ස්වාධීන වන්නේ කවදාද? අනෙකා කලදෙය හෝ කරන දෙය නොව තමන් දෙසට හැරී බලන්නේ කවදාද?

උත්තර කුමක් වුවත් එය පහසු නැතිබවත් ඒ වෙනුවෙන් කලයුතු කැපකිරීම හුරේ දමනවාට වඩා ගව් ගණනක් දුරින් තිබෙන්නක් බවත් පමණක් ලියා තබමි.


ඡායාරූපය:http://www.hboasia.com/family/movie/2657

ප.ලි.: හඳගමගේ විදූ අද ප්‍රදර්ශනය ඇරඹු බව මට මතක් වූයේ දැන්ය. මා තවම විදූ නරඹා නැත. නමුත් වීදූ කියන්නට හදන්නේද මෙවැන්නක් බව එහෙන් මෙහෙන් කියවීමි.


Wednesday, November 10, 2010

පොල්කෝම්බෙන් උපන් මහත්වරුනි.........


නුඹලා වැනිම පිරිමින් විස්වාසකොට, නොදැනුවත්ව හෝ ඌ වෙනුවෙන් හෝ, එක්වරක් සළු ඉනූ වරදට, වරක් නොව සිය දහස්වරක් කෙලෙසී අවසන, නුඹලා විසින් දඬුකඳේ ගැසූ ගැහැනුන් වෙනුවෙන් පිදෙන උපහාරයයි මේ...............................

ඡායා උපුටනය: http://www.123rf.com/photo_4769054_business-man-with-erect-penis-head.html

Wednesday, November 3, 2010

අපෙ මොකෝ........උන්ට කෙලවෙනවනෙ...!

"සරසවි වලට මාෂල් ක්‍රමය නැවතත්" - ලංකාදීප

ඉඳින්,
වලේ නාට්‍යයකට හූ කීමත්
AT එතේ "අක්ෂරය" පෙන්වීමත්
WUS වලේ පෙම් පිලිසඳරත්
තහනම් ම වනු ඇත.

මතු නොව,
Lover's Lane පැත්තට යෑමත්
6.30 දේශනයෙන් පසු "කලා කවය"ත්
10.30න් පසු විවිධ ප්‍රසංගත්
නැති ප්‍රශ්න තනනු ඇත.

තාරුණ්‍යයේ තෝතැන්න,
දේශනයකදී ප්‍රශ්නයක්
සංවාදයකදී අභියෝගයක්
කලා කෘතියකදී උපහාසයක්
ගුටි කා ගෙදර යෑමට මං තනනු ඇත.

ආරක්ෂාව යන වදනෙහි අකුරුතුල
මර්ධනය යන අරුත ඇති බව
උතුරට දන්නවා අව.........


" නවත්ත ගනිං බං........, මොනා උනත් අරුන්ට කෙලවෙනවනෙ. අනික අපිට තව අවුරුදු කීයද මේකෙ ඉන්න තියෙන්නෙ. මාර්ෂල්ලට බෝතලයක් දුන්නම උන් ෂේප් කරගන්න පුළුවන්"

Friday, October 8, 2010

සිම්පල් කථාව මේකය....(18+), සුකුමාල හිත් ඇත්තන්ට ඇලජික් විය හැක....

යකෝ පිළිවෙලකට ආවොත් සමාව දෙන්නම් කියල කිව්වෙ, ඌව පොර කරල තොපිට ළකුණු දාගන්න නෙවෙයි හරිය?
ඔය කඩප්පුළි වාල දැනගන්න ඕන ඌ කව්ද අපි කව්ද කියල. ඖකුන් අපෙ වලව් වල කොළොම්බෙ ඉඳගත්තු පරයි. ඕකව ලොකු කරල තැනකට අරගත්තෙ මර්විය වගේ කියන දේ අහල ඉඳියි කියල හිතලයි. නැත්තම් ඕකට සුදුසුකම් තිබ්බ කියල ඔය රදා වේසාවව පැත්තකට දාල තියන්න තිබ්බෙ නැත්ද අපිට?
ඕක දෙන වැඩේ හරියට කරපු එකා උනත් අපි ඕකව උඩට ගත්තෙ නැත්නම් ඌට මොකද වෙන්නෙ?
එහෙව් පරය අපෙ වලව්වට විරුද්ධව වැඩ කෙරුව. ඌට දැන් පේනව ඇතිනෙ පොඩි හාමුත් එක්ක හැප්පිල්ල ලේසි නෑ කියල!

තොපි කොච්චර උපවාස කෙරුවත්, උද්ගෝෂණ කෙරුවත් ඇති වැඩක් නෑ. වාලට වාල විදිහට ඉන්න කියපියව්.

සමාවක් ඕන්නම්, බල්ලෙක් වගේ ඒක ඉල්ලන්න කියපියව්. නැත්නම්, අනිත් උන් කෙරුව වගේ ගෑනිව හරි දුවලව හරි බැල්ලියෙක්ව කරල කකුල් මුලට එවන්න කියපයව්.  ඒත් බැරිනම් අර බෑන කියන එකාට සල්ලි ටිකත් අරන් අපෙ ගෙවල් පැත්තෙ එන්න කියපියව්. නැතුව මං ඉන්නකම් ඌට පොර වෙන්න බෑ හරිය?

වල් පරය.ඌ දැන ගන්න ඕන මේ හාමුට ඌයි කීප දෙනෙකුයි විරුද්ධ වුණාට තාමත් රජා මං කියල. බොරුනම් අල්ලපු ගෙදර එකාගෙන් අහපන්.

Monday, October 4, 2010

සාක්කි මදි...... නඩුව බැලවීම කල්යයි....


( ආචාර්යතුමාගෙන් වරම්ලද විශේෂ වාර්තා කරුවෙකු විසිනි)

අද දින බැලවීමට තිබූ පොන්සේකාට එරෙහිව ජෑන්ස්, සුදුකොඩි නඩුව ප්‍රමාණවත් සාක්ෂි නොමැතිවීම නිසා දින 14කින් කල් ගියේය.

මෙහිදී වැරදිකාර පක්ෂයේ කුලියට කහින නීතීඥයන් තරයේ දක්වා සිටි කරුණක් වූයේ නඩුවේ වැදගත්ම සාක්ෂිය වන ජෑන්ස් මහත්මියගේ සටහන්පොතේ වෙනත් අය කියූ දේවල්ද  ලියැවී ඇති නිසා ඒවා ගැනද නඩු ඇසිය යුතු බවයි.

මේ අවස්ථාවේදී අතිරේක සාක්ෂිකරුවකු ලෙස සිටි යුධෝපාය උතුමාණන් ටිකක් සැරෙන් " එහෙම කොහොමද, අපි කැමති ඒවට අපි කැමතිනම් විතරයි නඩු දාන්න පුළුවන්!!! ඊට ඉහලින් යන්න ආවොත් එල්ලනවා......." යනුවෙන් සුපුරුදු දේශනය ඇරඹුවද, ළඟින් සිටි දේශයේ වීර සෙන්පති සිල්වාතුමා විසින් එතුමාව සන්සුන් කර වාඩි කරවීය.

සටහන් පොතක් සාක්ෂියක් ලෙස පිළගැනීමට උසාවිය මඳක් පැකිලෙණු දුටු ජෑන්ස් මෙනෙවිය, උසාවියේ අවසරය පිට විශේෂ පුකාශයක් කරමින්, තමන් කියන්නේ සහතික ඇත්ත බවත්, තම සටහන් පොතේ අනිත් දේවල් වල්පල් විය හැකි වුවත්, සුදුකොඩි කථාව තමන් ඉතා බියෙන් හා ශෝකයෙන් කම්පිතව සිටි මොහොතක ලියූ නිසා පෙරාපු ඇත්ත බවත් කියා සිටියාය.

​මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ ඒ මෙනෙවිය, තමා ඒ අවස්ථාවේ මොනතරම් කම්පනයට පත් වීද කිවහොත්, ඊට දින දෙකකට පෙර නතරවූ සිය ඔසප්වීම ඒ මොහොතේ යලි සිදුවූ බවත්, අවශ්‍යනම් සාක්ෂි ලෙස එදා ඇඳසිටි යට ඇඳුම උසාවියට ඉදිරිපත්කල හැකි බවද කීවාය.

ඒ අනුව සියල්ලන්ගේ ඒකමතික තීරණය අනුව එම අතිශය වැදගත් සාක්ෂිය සමගින් මීලඟ නඩු දිනයේදී නඩුව බලවනු ඇත.

පිංතූරය:   http://notesfromthebartender.wordpress.com/2009/12/23/man-loves-dog-just-a-little-too-much/

Saturday, October 2, 2010

මංම දාපු එකෙන් මංම කියල දීපු එක කෙරුවට පස්සෙ.... අස්සං නොකර මං මක්කොරන්නද අපෙ හාන්දුරුවනේ......



ඒ විතරක්යැ.......

ගෑනු ටික ෂේප් කරගන්න සද්දයක් දාල නීතියක් ගෙනෙන්න තියෙන මතට සිරාවටම තිතක් තියන්නෙවත්,

පස්සෙ වෙලාවක අඩු කරල ගොඩ යන්න තියෙන පාන් ගෙඩියකට පාලන මිලක් දාන්නෙවත්,

මාධ්‍යයට කෙලිද්දිත් විහිළුවට වගේ මංම මාධ්‍ය ඇමතිකම දීපු එකාව මේ පඟරනැට්ටෙක්ව ගස් බැන්ඳ කියල ඇමතිකම නැති කරන්නෙවත්,

උපවාසවංශයයි කඩේ යන එව්වොයි මෙහෙ ගොන් රැල රවට්ටන්න කොරපු එක ඔළුවෙ තියාගෙන මූන් මහත්තයට එහෙදි විරෝධය පෙන්නන්නෙවත්,

මංම පත්කොරපු මගෙම මල්ලි නිධානයක් වගේ මිනිස්සු ටිකක් හොයාගන පරම්පරා හතක් ගොඩයන්න පාරක් හොයාගත්තට පස්සෙ, මේ හද්ද පරණ කොටි කථාවක් හින්ද උන්ව හිරේට දාන්නෙවත්,

ලබන පාරත් ඉන්න ඕනෙ නම් මේ වගේ සිම්පල් ප්ලෑන් වලින් බැරි වෙන ලකුණු තියෙද්දි කෙලවෙන්න තියෙන පාරවල් ඔක්කොම දැන්ම තියා වහන්නෙ නැතුව ඉන්නෙවත්,

මේ රටේ උන්ට "අපි මාරයි" කියන එක තරම් චූන් එකක් වෙන මොන රෙද්දෙන්වත් දෙන්න බැරි එකේ උන්ගෙ ප්‍රශ්න අමාරුවෙන් විසඳන්නෙවත්,

අහවල් කෙං ගෙඩියකටද හාන්දුරුවනේ.

දවස් දෙකක් කුසු කුසුව තියෙයි, ඊට පස්සෙ අපි වෙන නාට්ටියක් සැට් කොරල දෙන්නම්කෝ....... එතකන් ආං දන් ගේ. ඔක්කොම ලෑස්තියි.  මට අවසරයි.

Friday, September 17, 2010

යූ ටියුබ් යා නොහැක.. කෘතගුණවේදී ජනතාවනි, කිල්ල හා වම්බ ලොක් කිරීම මඟ එන්නේය...!

අද උදෑසන සිට යූ ටියුබ් වෙබ් අඩවියට සාමාන්‍ය ආකාරයෙන් පිවිසීම කල නොහැක. මගේ දේශද්‍රෝහී මනසට තේරෙන ආකාරයට මෙයද ආසියාවේ ආශ්චර්යයවත් සුචරිතවාදී සමාජයක් කරා යන ගමනේ එක් පියවරක් විය යුතුය. කිසිදු හේතු දැකවීමක් නැතිව ( සමාවන්න, රජවරුන් හා ඇමතියන් යටත් වැසියන්ට හේතු දක්වන්නේ නැති බවද හේතු දක්වන අන්දරේලාගේ හේතු අපට පලක් නැතිවීමද අමතක විණි) වෙබ් අඩවි අගුළු ලෑ පළමු වතාව මෙය නොවේ.

 සමාජය සුචරිතවත් කිරීමට යැයි විකාර කථා කියමින් නිදහසේ තොරතුරු ලබා දෙන මූලාශ්‍රයන් වසා දැමීම මෙ​ම අමන (හා කපටි) ක්‍රියාවේ අරමුණ විය හැක. මේ පඬියන් නොකියන දෙය වන්නේ යූ ටියුබ් වැනි අඩවියක අඩංගු දැනුම් සම්භාරය කොතෙක්ද යන්න හා එය කිසිසේත්ම අසභ්‍ය වෙබ් අඩවියක් නොවන බවයි. කෙසේ වෙතත් දැන් එය බ්ලොක්ය. නමුත් සාමාන්‍ය ගූග්ල් සෙවුමකින් ඔබට ඇති තරම් අසැබි දසුන් නැරඹිය හැක. ආශ්චර්යය එයයි.

අප මෙබඳු දෑ පිළිබඳව පිළිබඳව ඉඟි කරන විට අප පතුරු ගසමින් කමෙන්ට් දමන අතර යූ ටියුබයෙන් උස්සා ගත් වීඩියෝවලින් තම බ්ලොග් සටහන් පිරවූ සහ " හරී ෂෝයි" කියමින් ඔවුන් දිරිගැන්වූ, අනතුරුව පෙරළි පෙරළි ගොස් නරි රැලක් සිය පාලනය සඳහා තෝරාගත් නෝනාවරුනි මහත්වරුනි, දිනූ දේශය වඩා සුචරිතවත් කිරීම සඳහා පහත උපාංගයන්ද රජය විසින්දැනට ඇනවුම් කර ඇත.


දැනට මේවා හැඳින්වීම සඳහා සම්මත සිංහල නමක් නැති අතර නමක් තෝරා ගැනීම සඳහා තරඟයක් පැවැත්වීමටද ශෘ.ක.පා. කොමිසම අදහස් කරයි. 

කෙසේ වෙතත් වඩා වැදගත් ප්‍රවෘත්තිය වන්නේ සිය ඇඹේණියගේ උපකරණය වෙනුවෙන් පුරුෂයාද, පුරුෂයාගේ උපකරණය වෙනුවෙන් බිරිඳද මුදල් ගෙවිය යුතුවීම හා ආර්ථික අපහසුතා ඇති අයට සහන ගෙවීමේ ක්‍රමයක්ද හඳුන්වා දී තිබීමයි.

සිය යටත් වැසියන් වඩා සදාචාර සම්පන්න කිරීමේ මහඟු කර්තව්‍යය උදෙසා මෙවන් යෝජනා ගෙන ඒම අප උතුමාණන් විසින් තරයේ ඇගයීමට ලක්කර ඇති අතර, ඒ සඳහා සිය පෟද්ගලික කැපවීම දැක්වීමේ පරම පවිත්‍ර චේතනාවෙන් මෙම ක්‍රියාවලිය එතුමන් විසින් පෞද්ගලිකව අධීක්ෂණය කිරීමටද තීරණය කර ඇත.
ඒ අනුව සියළු වම්බ ලොක් අයිටමයන්ගේ යතුරු එතුමා හා ලොකු කුමාරයා භාරයේද කිල්ල ලොක් අයිටමයන්ගේ යතුරු එතුමා සමඟ තේ බිවූ එකා භාරයේද තිබෙණු ඇත.


Wednesday, September 8, 2010

හෙට අළුත් ඉරක් පායයි........!!!!



ආසියාවේ ආශ්චර්යය බවට පත්වෙමින් සිටින ශ්‍රී ලංකාවට අද දිනය එනම් 2010 සැප්තැම්බර්08 දා අතිශය වැදගත් දිනයක් වන්නේය. ඒ යෝජිත 18 වන ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නට නියමිත දිනය එදා වන හෙයිනි.

මෙම සිද්ධිය සතියේ මාතෘකාව බවට පත්වී ඇති අතර උපවාසවංශ හා ඔහුගේ බත්බැලයන් නොකඩවා දොඩමින් සිටින්නේ මෙබඳු ශ්‍රේෂ්ඨ පුරුෂයෙකුට දෙපාරක් පමණක් දීම මඳ බවත් ඔහුට ඇති තරම් දීමට අස්ථාව උදාකරගතයුතු බවත්ය. ( ඇතැම්විට මෙය උපවාසවංශගේ ප්‍රීය බිරියගේ අදහසක් වන්නටද පුළුවන).

එමෙන්ම බ්ලොග් අවකාශය පුරාද සහෘද බ්ලොග් කරුවන්ගේ කලකිරීම, විරෝධය හා පශ්චාත්තාපය දැක්වෙන සටහන් පෙලක් කියවන්නට තිබිණි. සත්තකින්ම ඔවුන් ලියූවාට වඩා වෙනස් දෙයක් මට කීමට නොතිබූ හෙයින්ද ( ඇතැමෙක් මට වඩා හොඳින් මගේ සිතිවිලි ලියා තිබූ හෙයින්ද), මේ මල ඉලව් රටේ දේශපාලනය ගැන කථා කිරීම, සංවාදයක් ඇතිකිරීමට යත්න දැරීම, වරක් පුලස්ති කීවාක් මෙන් ස්වයං
වින්දනය සම දෙයක් මිස වෙනකක් නොවෙතැයි යන හැඟීමෙන් උකටලීව සතිකිහිපයක් ගෙවීගියද, එහෙට මෙහෙට පනින උන්ගේ වදන්, ජාතික හා අයි.ටී.එන් පුරා ගලනා ලොරිටෝක් හා කඩයෙන් ණයට පාන් රාත්තල ගන්නට පෝලිමේ ඉන්නා චන්ද දායකයන්ගේ කථා ආදියෙන් ලද දිරි ගැන්වීම මත මේ සටහන ලියැවෙන්නේය.

මේ සංශෝධනය මඟින් කෙරෙණුයේ ජනාධිපතිවරයෙකුට සිය ධුරය සඳහා තේරීපත්වීමට හැකි වාර ගණන වැඩිකිරීමයි. නව සංශෝධනයට පක්ෂව අදහස් දක්වන්නවුන් කෙස් පැලෙන තර්ක ඉදිරිපත්කරමින් රැක ගැනීමට යත්න දරන්නේත්, විරුද්ධව අදහස් දක්වන්නවුන් පරසක්වල ගසමින් වනසන්නට යත්න දරන්නේත් මෙම කාරණයයි. නමුත් මෙම හෙම්බිරිස්සාවට මුවාවී පැමිණෙන ඉතිරි වසංගත ඊට වඩා භයානක බවත් ඒ පිළිබඳව කථාකල යුතු බවත් අපට අමතකව යන්නේ අපගේ විරෝධය ජනාධිපති ධුරයේ වාර ගණන වටා ඕනෑවටත් වඩා ගොනුකරන හෙයිනි.උදාහරණයක් ලෙස දාහත්වන ව්‍යවස්ථා සංශෝධය අහෝසි වීම ගත හැක. එමගින් හානිවනුයේ රාජ්‍යසේවයේ ස්වාධීනත්වයයි.

කෙසේ වෙතත් මහින්ද රාජපක්ෂ ඇතුළු රජය මෙම සංශෝධනය සම්මත කරගන්නා බවත්, එය ක්‍රියාවට නංවමින් තම බල පරාක්‍රමය තවතවත් පතුරන බවත්, තවදුරටත් නොවැලැක්විය හැකි සත්‍යයකි.

 මේ මොහොතේ බහුතරයක් ජනතාව කරමින් සිටින්නේ මහ රජාගේ කිට්ටුවන්තයකුගේ කිට්ටුවන්තයකු වන අයකුගේ නැන්දනියකගේ ආච්චි අම්මාගේ මල්ලීගේ පුතාගේ දුව බැඳපු එකාගේ කිට්ටුවන්තයකුගේ පිහිටෙන් අල්ලපු ගෙදර එකාගේ ඉඩමෙන් කොටසක් කඩා ගැනීමට යත්න දැරීමය, නැතහොත් එවැන්නෙකුට කියා දරුවකුට රැකියාවක් ලබා ගැනීමට හෝ දරුවා පාසලකට දමා ගැනීමට යත්න දැරීමය, එසේත් නැතහොත් තම මිතුරෙකුට රජයේ කොන්ත්‍රාත්තුවක් ලබාදී කොමිස් ලබාගැනීම වැනි ක්‍රියාවන්ය. ඉතිරි පිරිසද කරකියාගත හැකි කිසිවක් නැතිව බලාගත් අත බලාගෙන කටට වැටෙනා දේ බඩට දමා ගැනීම උදෙසාම ජීවත් වෙති.

ශ්‍රී ලාංකික සමාජයේ සියළු ආස්ථානයන් කුණුවෙමින් පවතින්නේය. මුළු ලංකාවම සුද්ධ කිරීමට අපහසු කුණුගොඩක්ව ඇත්තේය. එබඳු කුණුගොඩකට වැසිකිලි කාණුවක් හැරෙව්වා කියා සිදුවන මහා වෙනසක් නැත්තේය.

රාජ්‍ය සේවකයන් ගස් බැඳ පසුව එය වීදි නාට්‍යයක් යැයි කියමින් විහිළු සපයන රටක, ජනපති නියමයෙන් පත්වූවන් ඇමතිටත් වලංගු නැතිව ගිය රටක, බේබිගේ මිතුරෙකු නම් ඕනෑම තුප්පහි වැඩක් කර නීතියෙන් ගැලවී සිටිය හැකි රටක, නීතියේ මතු නොව මානව සදාචාරයේ සීමාවන්ද ඉක්මවමින් පලිගැනීමේ අමන ආයුධයක් බවට නීතිය පත්ව ඇති රටක, 17 වන සංශෝධනය අහෝසි වූවා කියා අමුතුවෙන් නැතිවෙන ලබ්බක් නැත.

නමුත් කුණුගොඩකට හැරවෙන වැසිකිලි කාණුවකින් එම කුණුගොඩෙහි දිරීම ඉක්මන් කරවයි.

එලෙසින්ම 18වන සංශෝධනය මඟින් මේ රට තවත් පහලට ගෙන යනු ඇති අතර එහි ප්‍රතිඵලයක් ලෙස ජනතාව තමන් රැවටී සිටින ගිනිකෙළි සංදර්ශනයෙන් මෑත්ව සිතීමට පෙළඹෙනු ඇත. එමඟින් නව ගමනක් උදෙසා අවකාශයක් තැනෙණු ඇත.

ඒ අවකාශයේදී / මාර්ගයේදී එකිනෙකාට ආදරය කිරීමට ( හැමනීමට නොවේ), ගරු කිරීමට (වැඳ වැටීමට නොවේ), අයිතිය පිළිගැනීමට (බිය වීමට නොවේ)හැකි මිනිසුන් පිරිසක් බිහිකරගත හැකිනම්, තමන් වෙනුවෙන් තමන් පත්කර යවන්නා තමාට අවංකවියයුතු බව නිර්භීතව පිළිගත හැකි මිනිසුන් පිරිසක් තනාගත හැකි නම්, මාටින් නිමොලර් පියතුමාගේ සඳහන / ලබ්බට තැබූ අත පුහුලටත් තැබිය හැකි බව දැන ඊට එරෙහිව යන මනස් උස්, ස්වාභිමානයෙන් යුතු ( පර පීඩා කාමුකත්වයෙන් නොවේ) ජනතාවකට තිඹිරිගෙය තැනිය හැකි නම්, අද පායන්නේ ඒ ලොව වෙනුවෙන් වූ හිරුය.

Friday, August 13, 2010

දෙවියන් එහෙමය..... තෙරුම් ගන්ට අමාරුය..... පරෙස්සම් වෙන්න ඕනෑය........






අයියා..... මැරවියව අස්කොරලලු නේද?
( ආඩම්බරයෙන් ඇස් මඳක් නටවමින්) හික් හික් දැක්කනේ මල්ලි. අපේතුමා හරිම සාධාරණයි. තමන්ගෙ බලු කුක්කටවත් ජනතාව පෙලන්න දෙන්නෙ නෑ. ඔයාල මොනා කිව්වත් රජතුමා තමයි මහා සම්මත රජ්ජුරුවන්ට පස්සෙ බිහිවුණු සාධාරණම රජතුමා. අනේ වාසනාවන්.
ඒත් අයියා අර එක පාරක් මැරවින්ගෙ පුතා කාටදො ගහපු වෙලාවෙ, ඇන්ට්‍රිය ලියාගත්තැයි කියල ඕ අයි සීට කුණුහරුපෙන් බැනල, මිනිහව මාරු කරල දැම්මෙත් මෙතුමම නේද?
( මඳක් කෝපවෙමින්) ඉතින් හරිනෙ මල්ලි. පොලීසියෙ උන් මොකටද නීතිය අතට ගන්න ගියෙ. උන්ට තියෙන්නෙ කියන වැඩේ කරල බටා එක අරන් ගෙදර යන්නනෙ. අනිත් එක රජතුමා ගන්න ඕන තීරණයක්නෙ ඌ අරන් තියෙන්නෙ. ඔය ඕ අයි සී කාරය හරි මිනිහෙක් නම් මිනිහට තිබුණ අපෙ උඩු රැවුල් යුව රජතුමාට කථා කරල නීතිය කරන හැටි ගැන උපදෙස් ගන්න. මෝඩ හරක් මල්ලි.

අයියා එතකොට කේ. පී. ?
( වටපිට බලමින්, හඬ පාත්කර) ෂ්...ෂ්...ෂ්... පිස්සුද මල්ලි. එහෙම කෙනෙක් දැන් නෑනෙ. දැන් ඉන්නෙ පත්මනාදන් මැතිතුමා. ඔයා ඔහොම කියල වැදගත් මිනිස්සුන්ට අපහාස කරන්න එපා.
( ශ්‍රද්ධාවෙන්, බණ කියන සුදු සාදු කෙනෙකුගේ සෙයියාවෙන්) එතුම ඔය නොදන්න කමට පොඩි පොඩි වැරදි ටිකක් කොරල තියෙනව තමයි. අනිත් එක එතුම මොනතරම් ආයුධ මිලට අරන් දුන්නත් එක වෙඩිල්ලක් තියල නෑනෙ. ඉතින් එතුම පව් කොරල නෑ. 
 ඉතින් අයිය එතකොට අර ද්වාරකා ළමය?
 ( අවඥාවෙන්) චැහ්... මල්ලිටත් තියෙන්නෙ බොහොම පහත් රසඥතාවයක්නෙ. වැඩක් නෑ මල්ලි. අතේ සතෙයක් නැති උන්. අඩු තරමින් නෑයෙක්වත් පිටරට යවල තියපං. මොන....! අල්ලල දාන්ඩ මල්ලි. මහ අපරාධකාරියක්.

අයිය ඊයෙ ගාල්ලෙ මාර සීන් එක නේද? පෙලපාලි ගියා කියල කට්ටියට ගහල. හිරෙත් දාලලු නේද?
( දැඩි කෝපයෙන්) ඇත්තනෙ. දේශද්‍රෝහී පරයො! උන් ටිකත් අරුත් එක්කම එල්ලන්නයි වටින්නෙ.  (මඳක් සංසුන්ව) අනිත් එක අන්න සාධාරණ පොලිස්කාරයො, නීතිය කැඩෙන්නෙ කොතනද, දෙක තුනක් ඇනල නීතිය කියල දෙනව. පොලිසිය තියෙන්නෙ නීතිය රකින්නනෙ මල්ලි. අපේ රජතුමාට ඔය හැම එකටම මැදිහත් වෙන්න පුළුවනෑ.
එතකොට අයියෙ උපවාසවංශගෙ දෙක හමාරෙ එක වෙලාවෙ කට්ටියම කිව්වෙ " මේකෙ සාධාරණ විරෝධතාවලට ඉඩ තියෙන රටක්ය" කියල?
(සාවධානව. ගැඹුරු ස්වරයෙන්) එහෙම තමයි මල්ලි. සාධාරණේ අසාධාරණේ, යුක්තිය අයුක්තිය වගේ දේවල් තීරණය කරන්න මල්ලි කවුද මං කවුද? ඒවා ඒ උත්තමයො බලාගනීවි. දෙවිවරු වගේ කට්ටියනෙ මල්ලි. තේරුම් ගන්න අමාරුයි. 
දැන් දෙයියන්ගෙ පිහිටෙන් අපිට තියෙන්නෙ, අල්ලපු ගෙදර එකාගෙ ඇට මිරිකල හරි කීයක් හරි හොයාගෙන ජීවත්වෙන්න.

ඒත් අයියෙ ඔය දෙවිවරු හැදුවෙ අපි ඔයාලමනෙ?
( අමතරෙන් මවාගත් රාජපක්ෂ ටයිප් සිනාවක් සමඟ) 
මල්ලි අහල තියෙනවද මල්ලි එක්නැලිගොඩ කියල හාදයෙක් ගැන?
ඡායාරූපය: http://www.aforismario.it/ateosofia/elenco-divinita.htm

Monday, August 9, 2010

මේ රජයේ දූරදර්ශී ක්‍රියාපිලිවෙල මට මඟ පෙන්වූවා.... සක්විති රණසිංහ

විදේශ ඒජන්තයන්ගේ කුමන්ත්‍රණ හා දේශද්‍රෝහී ශ්‍රී ලාංකිකයන් කිහිප දෙනෙකු විසින් නොමඟ යැවුණු, ඒ හේතුවෙන්ම සිය රටද අතහැර දැමීමට තරම් අවාසනාවන්ත වූ තමන් මේ රජයේ යහපත් හා දූර දර්ශීක්‍රියා පිළිවෙත පිළිබඳ විශ්වාසයක් ඇතිවූ හෙයින් යලි මෙරටට පැමිණි බව චන්දන වීරකුමාර හෙවත් සක්විති රණසිංහ මහතා අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.

 මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා: " ඇත්තටම ජනාධිපතිතුමා වරක් පැවසූ පරිදිම මේ රට දැන් අපිට සතුටින් ආපසු පැමිණිය හැකි තැනක් බවට පත්වෙලා ඉවරයි. ඒ බවට කුමරන් පද්මනාදන් (K.P.) මහතා, මා හා ඉදිරියේදී අපත් සමඟ එකතු වීමට සූදානම්ව සිටින රුද්‍රකුමාරන් වැනි අයගේ ආගමනයන් හොඳ උදාහරණ වෙනවා" 

" මං ජනාධිපතිතුමාව විශ්වාසකරන් හිටියත් මාව ආරක්ෂක ලේකම් තුමා ලඟට මුලින්ම එක්කන් ගිය නිසා මට තරමක බයක් දැනුණා. නමුත් ඒ නිවසට ඇතුල්වනවිටම තිබූ බුදු පිළිමය දුටුවිට මගේ සියළු බය මා ලඟ ආයෝජනය කල අයගේ මුදල් මෙන් නැතිවී ගියා" සක්විති මහතා එසේ කියන විට එතුමන්ගේ මුහුණේ ඇඳී තිබුණු පහන් සංවේගය අපට කථා දහසක් කියා පෑවේය.

මෙම මාධ්‍ය සාකච්ඡාවට සහභාගිවෙමින් මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් කෙහෙළිය රඹුක්වැල්ල මහතා, " කවුද කියන්නෙ සක්විති මැතිතුමාව අත් අඩංගුවට ගත්තා කියලා? එතුමා අප පිළිබඳව විශ්වාසයෙන් ඇවිත් තමන් විසින්ම අත්අඩංගුවට පත්වුණා. ඒක එහෙම වුනේනැහැ කියල කවුරුහරි කියනවනම් මම දැන් මේ ඇමති දුරයෙන් අස්වෙන්න සූදානම්" යනුවෙන් විවෘත අභියෝගයක්ද කලේය.

මීට අමතරව රජයේ උසස් ප්‍රධානීන් කිහිප පොලක් හා කෙරුණු සංවේදී සාකච්ඡා කිහිපයකට පසු සක්විති මැතිතුමා සිය දක්ෂතාවයන් රටේ අභිවෘද්ධිය උදෙසා යෙදවීමට අපේක්ෂා කරන බවද, එතුමා මෙන්ම සිය දැනුම හා බුද්ධිය රටේ දියුණුව හා අභිවෘද්ධිය සඳහා යෙදවීමට සතුටු පිටරටවල වෙසෙන වරෙන්තුකාර බුද්ධිමතුන් රාශියක් මේ වනවිට රජය හා එක්වීමට සූදානමින් සිටින බවද, මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවේදී වැඩිදුරටත් අනාවරණය කෙරිණි.

පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන් විසින් පිරිත් නූල් දෙකක් ( එකක් කේ.පී මහතාගේ ගැටගැසීමට නොහැකි වූ එකය) ගැටගැසීම හා ගුණදාස අමරසේකර මහතා සිය නවකථාවල චරිත ඇසුරින් සක්විති මහතාගේ සාර්ථකත්වයේ ගමන ගැන කල විග්‍රහය කාගේත් ඇසට තුටු කඳුළු නැංවූ අවස්ථා විණි.


 ප.ලි.: 
" එතකොට සරත් ෆොන්සේකාව ඔය විදිහටම රටේ අභිවෘද්ධියට යොදාගන්න බැරිද? "
 " කවුද සරත් ෆොන්සේකා?" ප්‍රවෘත්ති සාකච්ඡාවට සහභාගිවී සිටි සියළු මාධ්‍යවේදීන් එම ප්‍රශ්නය ඇසූ පොඩි එකාගෙන් එකවරම ඇසූහ. 

Wednesday, August 4, 2010

මොනව ලියන්නද මීට වඩා.........






මේ රූපයේ සිහිකැඳවීම තමන් විසින් රැක තමන් විසින්ම පරමත්වයට පත්කල අධිකාරියේ සිරබත් කන සරත් ෆොන්සේකාට හෝ තමන්ම රෝහණ ජනරංජන පදවි දුන් මහරජුට බියෙන් සංඝසභාව අකුලාගත් මහනායක හිමිවරුන්ට හෝ කෙලතොල්ලකුගේ මාධ්‍ය සංදර්ශන වලට පක්ෂය බිලිකල ජවිපෙට හෝ සියත මාධ්‍ය (????) ජාලයට හෝ ඊයේ පෙරේදා පදික වෙළදාම අහිමිව ගිය පොදු පෙරමුණු චන්දදායකයින්ට හෝ චන්දයේදී තමා වියදම් කල එකාගේම අණින් දින කිහිපයක බිස්නස් නැතිකරගත් කිරිබත්ගොඩ බාර් හිමියන්ට හෝ ඊයේ ගස් බැඳුනු හා හෙට ගුටිකන සමෘද්ධිනියාමකයින්ට හෝ හෙට අනිද්දා උන් හිටි තැන් අහිමිව යන කැළණියේ මඟ දෙපස වෙසෙන්නන් ඇතුළු ඕල්රෙඩි කෙලවාගත් අටෝරාසියක් උන්ට නොව;

ආච්චිගේ තර්ක ඉදිරිපත් කරමින් හා අපෝ අපිට නෙවෙයිනෙ සිතමින් තාමත් හුරේ දමන අමනයින්ටය.​


ප.ලි: මා හට අවශ්‍ය වූයේ සිනාසෙන මිනිසෙකුගේ රූපයකි. නමුත් එවැන්නක් සොයාගැනීමට නොහැකි වූ හෙයින් මේ මිනිසා ඉතා සතුට්න් වහසි බස් දොඩමින් පැලයට වතුර දමන්නේ යැයි සිතා රූපය බැලිය යුතුය.

ඡායාරූපය: www.j4jokes.com

Wednesday, July 28, 2010

වත්ත සුද්ධ කිරීමට ගොස් ගස්වලට පොලු ගැසීම.....

.

අප බොහෝ දෙනෙකු සිය දිවියේ එක් වරක් හෝ පිරිස් පිටින් ගොස් යම් පොදු කටයුත්තකට උදව් දී ඇති බවට සැක නැත. ඒ බොහෝ විට මළ ගෙදරක වත්ත සුද්ධ කිරීම හෝ හට් ගැසීම විය හැක.

මෙබන්දකට සහභාගි වූ බහුතරයක් කරන මුල්ම කටයුත්ත වන්නේ  කලයුතු කටයුතු පසෙක ලා නිවසේ ඇති කුමක් හෝ ගසකට පොළු ගසා ගඩා ගෙඩි කැඩීමය. නැතිනම් ගැටිස්සියන් පිරිසකගේ අවධානය ලබා ගැනීම උදෙසා වීරක්‍රියා ලෙස පෙනෙන කුමක් හෝ ගොබ්බ වැඩක් කිරීමය.

මේවා කරන්නට ගිය විට පැමිණි වැඩය අතපසු වේ. පැය බාගයකින් ඉවරකරගත හැකි වැඩය පුරා රැයක් ඇදේ. නමුත් වැඩය ආතල්ය. සතියක් පමණ කථා කරන්නට දේවල්ද ඉතිරි වන්නේය.

අප බහුතරයක් මෙම පුරුද්ද අපේ එදිනෙදා ජීවිතවලටද රැගෙනවිත් ඇත. ඒ තම වෘත්තීය වගකීම් වලදීද ආතල් එකට, පොරත්වයට මුල දීමයි. එසේ කිරීම හේතුවෙන් කල යුත්ත පසෙක තිබියදී වෙනත් මඟුලක් වෙනුවෙන් මහන්සි වීමයි.


නමුත් මෙබන්දන්ට ආදර්ශයක් විය හැකි මහා පඬිරුවනක් හෙළයේ මහිමයට පහලව ඇත්තේය.  ඒ වෙන කිසිවෙක් නොව මහාචාර්යය කාලෝ ෆොන්සේකා විද්වතාණන්ය. 

එතුමාණෝ දුම්වැටි මධ්‍යසාරවලට වැට බැන්දේ ඉතා සූක්ෂම ලෙස සිය බුද්ධිය යොදාගනිමිනි. දුම්වැටි හා මධ්‍යසාර මිනිසුන්ගේ දෑසට නොපෙනෙන ලෙස තැබූ විට කිසිවෙකුත් ඒවා පිළිබඳව දැනගන්නේ නැති නිසා ඒවා හංගා තැබීම ඉන් පලමු පියවරයි.

ඒ අනුව දැන් කිසිදු කඩයක ඉදිරිපස තබාගෙන ඒවා විකුණන්නේ නැත. අසමජ්ජාතියෙකු ගොස් ඒවා ඉල්ලූ විටද මුදලාලි  ඉල්ලූ එකාගේ හැඳුනුම්පත බලා, ඉන්පසු වටපිට බලා, අනතුරුව දෙකට නැමී හංගා තිබූ තැනින් ගෙන මහින්ද වින්තන පිටුවක ඔතා අතට දෙයි. හරියට ඉස්සර පිටකොටුවෙ කඩයකින් වැල පත්තරයක් ගන්නා සේය.

මඟ දෙපස හා සුපිරි වෙළඳ සැල්වල තිබූ බාර්වලටද ඒ සන්තෑසියම වී ඇත. ඒවා ප්‍රසිද්ධ මහජනයන් ගැවසෙන ස්ථාන වූ නිසා එතුමන්ගේ අණින් ඒ සියල්ල වසා දැමිණි. එසේ නැතහොත් ප්‍රචාරණයට කිසිදු රුකුලක් නොලැබෙන පරිදි ඒවායේ දැන්වීම් පුවරු බාහිර පෙනුම ආදිය වෙනස් කෙරිණි. ඔබ දැන් නිතර දකින කොටු සහිත රෙදිවලින් වසා දමා ඇති ගොඩනැගිලි කරලියට පැමිණියේ මෙතුමාගේ තේජසිනි.

එතුමන්ගේ මේ මහඟු කර්තව්‍යයට හරස් කැපීමට උත්සාහ දැරූ බටහිර ඒජන්තයන්ද නොසිටියා නොවේ. ඔවුහු ඒ අනුව කඩවල දුම්බොන කාමර ඇති කලහ. බස් හොල්ට් අසල දුම්බොන හට් ඉදිකලහ. මේ බැව් දැනගත් එතුමාණෝ එදා කතරගමදී ගිනි පෑගූ දෙපයින් ඇවිදගොස් එම පයින්ම ගසා ඒ සියළු ඉදිකිරීම් සමතලාකර දැමූහ.
 
මෙකී නොකී අටෝ රාශියක් කර්තව්‍යයන් මඟින් මත හා එහි ප්‍රචාරණයට වැට බැඳි එතුමාණෝ දැන් නාට්‍යවල හා පිට්ටනිවල සීන් පිළිබඳ සොයාබලා ක්ෂණික පියවර ගනිමින් සිටිති. ඒ අන් සියළුතැන් සුද්ධ කර අහවර හෙයිනි.

මෙයින් පසුව අරක්කු සිගරට් හෝ ඊට පර්යාය පද සිංහල වදන් කෝශයෙන් බැහැරකිරීමේ කර්තව්‍යයටද එතුමන් අතගසන බව ලංකාදීපයේ කරළියේ කතා බහට හෙට්ටිගේ නමැත්තකු පවසා ඇත.

ප.ලි.; කිසියම් කඩප්පුලියෙකු විසින් "හික්කා2010" වැනි තැනකට ගොස් පැමිණ මේ ලියා ඇත්තේ බොරුයැයි කිව හැක. නමුත් ඔවුන් දැනගතයුත්තේ එබඳු උත්සව නාට්‍ය දර්ශන මෙන් ලොකු කටවුට් ගසා, මහා පරිමාණ ඇඩ්වර්ටයිසින් කැම්පේන්කොට කරන වැඩ නොව, අප්‍රසිද්ධියේ රටට (???) කීයක් හෝ සොයා ගැනීමට කරන වැඩ බවය. මේ සම්බන්ධයෙන්ද අප මහැදුරාණෝ අනාගතයේදී තීරණයක් ගනු ඇත. නමුත් ඊට පෙර වඩා හානිදායක නාට්‍යවල හා රූපවාහිනීවල දර්ශන නවතා සිටිය යුතුය.

.

Wednesday, July 21, 2010

ආපසූ හැරේ......න්..........!

.


මේ දිනවල ඉතා වැදගත් සංකල්පයක් කරළියට පැමිණ තිබේ. ඒ පුරාණ ජීවන රටාවට (අතරමඟදී අපට මඟහැරුණු - අප බෑයි කියද්දීත් අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණකරුවන් හා ඔවුන්ගේ දේශීය බත්බැලයන් විසින් බලෙන් අත් හැරවූ) යලි ගමන් කිරීමයි. මහින්ද චින්තන වීරයන්ට අනුව මෙය දේශීය ආර්ථිකයට නව ගැම්මක් දීමකි. උපවාසවංශට අනුව මෙය ෂුගර්, කොලෙස්ටරෝල් අඩුකරගෙන සෞඛ්‍ය සම්පන්න ජාතියක් බිහි කිරීමට ඇවැසි මූලිකම පියවරයි.

ඔවුන්ට අනුව පාන්මිල වැඩිවන්නේ බත් කවන්ටය. ගොවියාගේ හාල්ටික විකිණී ගොවියා සුඛිත මුදිත කරන්නය. මේ බව දැනටමත් සාර්ථක වී ඇති බව පොලොන්නරුව පැත්තේ මෝල් හිමියන්ගේ පැල්පත් හා ගොවියන්ගේ මාළිගා දුටුවිට පැහැදිලි වේ. මේ මහා ආර්ථික විශ්ලේෂකයන් හුරේ දමන සහනය කිසිදා ගොවීන් අතට නොයන්නේ අතරමැදියන් පිරිසක් නිසා බවත් එයට විසඳුමක් සෙවිය යුතු බවත් ඔවුහු අමතක කරති. යටත් වැසියෝද අමතක කරති. ඒ වෙනුවට කථාවට විසිල් ගසති.

උපවාසවංශ අපගේ පැරණි පරිභෝජන රටාවට යෑමට කථා කරන ගමන් GSP+ යනු එම රටවල් තම පාරිභෝගිකයා වෙනුවෙන් දුන් සහනයක් යැයිද, එම නිසා ඊට කෙලවුනාට කමක් නැතැයිද පවසයි. ඒ වෙනුවට දේශීය කර්මාන්ත නගා සිටුවීමට කථාකරයි. එය නැතිවීමෙන් කඩා වැටෙන්නේ දේශයට වැඩිම විදේශ විනිමයක් ගෙනෙන ඇඟළුම් කර්මාන්තය බව ඔහුගේ උපවාසගාමී මොළයට නොතේරේ. එම සහනය සියළු රටවලට ලබාදී නැතිබව මේ කපටි දේශපාලුවා මෙහිදී නොකියයි. ඒ වෙනුවට ලංකාවේ ආර්ථික ප්‍රතිපත්තියෙන් පිලිතුරු දෙයි. නමුත් මෙහිදී මොහු අමතක කරවන කාරණය වන්නේ GSP+  බදු සහනය මඟින් අප නිෂ්පාදන අඩු මිලකට විකිණීමේ හැකියාව ලැබුණු බවත් ඒ නිසා නිෂ්පාදන පිරිවැය අඩු වියට්නාමය, ලාඕසය, චීනය වැනි රටවල් වල අඩුමිල නිෂපාදන සමඟ අපට සටනක් දීමට හැකිවූ බවත්ය. දැන් ඒ අඩුමිල ලබාගන්නට වන්නේ අපේ ශ්‍රමිකයන්ගේ වැටුප හෝ පහසුකම් අඩුකිරීමෙන් පමණක් බවත්ය.

මට අනුව නම් මේ සියල්ල තක්කඩිකම්ය.  අප සමාජය ආපසු හැරී යා නොහැකි තරම් දුරකට පරිභෝජනවාදය ඔස්සේ පැමිණ ඇත. එහෙයින් ආපසු යෑම මාරයි යන්න ප්‍රලාපයක් පමණි. මොවුන් කිසිවෙකුත් ඒ වෙනුවෙන් අවංක උත්සාහයක් දරන්නේ නැත. මෙම ක්‍රමය පවත්වා ගැනීම උදෙසා නොස්ටැලිජියානු ආතල් එකක් ගම්‍ය කරනවා පමණි.

තේරුම් ගැනීමට මඳක් අපහසුවන්නේ මේ රටේ මිනිස්සු මෙතරම් මේ සංකල්ප විශ්වාසකරන්නේද මේ දේශපාළුකථා වලට හුරේ දමන්නේ ද මන්ද යන්නයි. එය අනවබෝධය විය නොහැක.

එසේ නම් එයද තක්කඩිකම විය යුතුය. එසේ සිතීම වඩාත් තර්කානුකූල වන්නේ පෝදා උදේ පන්සල් ගොස් පැමිණ, පෙරදා පෝලිමේ හිඳ මිලට ගත් අරක්කු බෝතලය හිස්කරමින්, බුදුදහම ගැන තර්ක කරනා සැදැහැවතුන් සිටින රටක මේවා වන හෙයිනි. ක්ලබ් එකකට රිංගා කෙල්ලකුගේ බ්ලව්ස් එකතුලින් අතදමනාගමන් කාන්තා විමුක්තිය, දේශප්‍රේමය වැනි බරසාර මාතෘකා කථාකරන හෙළයන් පෙරමුණ ගත් රටක මේවා වන හෙයිනි.


.

Wednesday, July 14, 2010

ඔවුන් විකුණන්නේ මෙවැන්නන්ය........

අප බහතෝරන වියේදී ඇරඹී, වසර තිහකට වඩා කල් පැවතී, නිමා දුටු යුද්ධය විය යුතු පරිදිම බොහෝ කථා හා අතුරුකථා ශේෂ කලේය. යුද්ධය පුරා මෙන්ම යුද්ධයෙන් පසුද හපන්කම් මෝඩකම් හා පුරසාරම් ඉවරයක් නොමැත.
මේ සටහන මගේ ඇසට කඳුලක් එක් කලේය.  අපේ කාලකන්ණින් විකුණන් කන්නේ මෙබඳු කැපකිරීම්ය ( සිද්ධිය පිළිබඳ බොහෝ විග්‍රහ තිබිය හැකි නමුත් මට අනුව මෙබඳු සිදුවීම් ඇත්තේ අතලොස්සකි. ඉන් එකක් නම් සරත් පොන්සේකා මහතාට බෝම්බ ප්‍රහාරය එල්ල වූ අවස්ථාවේ රැකවලට ගිය සෙබලාගේ ක්‍රියාවයි).

ස්තූතිය: මධුරංග - දියකැටපහණ


Monday, July 12, 2010

සියළුම දේශප්‍රේමීන් වෙත.....

වෙනත් සටහනක් තැබීමට අදහස් කොටගෙන සිටිමුත් මේ වීඩියෝව නිසා ඇතිවූ සංවේගයෙන් මෙම සටහන තබමි. බ්ලොග් අඩවියේ සියළු දේශප්‍රේමීනි, මේ පිලිබඳව ඔබ කියන්නේ කුමක්ද?




Saturday, July 10, 2010

සීන් එක ඉවරය.....



විමල්ගේ දේශප්‍රේමීනි.... 
හපාගෙන සිටි එකෙන් ඇඬීමට කාලයයි.........
(අපි නම් ඒකෙන් සිනාසෙන්නෙමු).
 

පිංතූරය: http://www.soberinanightclub.com/2009/07/you-made-my-ass-laugh.html

ලංකාවේ මීලඟ ගිනස් වාර්තාව.......

විමල් වීරවංශ ​මේ වන විට ශ්‍රී ලංකාව වෙනුවෙන් මීලඟ ගිනස් වාර්තාව තැබීමට සූදානම් වෙමින් සිටී. ඇතැම් විට එය වාර්තා කිහිපයක්ද වීමට ඉඩ ඇත.

ඒවා අතර වැඩිම කාලයක් ජීවත්වූ (දෙන සේලයින් විස වුනේ නැතිනම් හෝ ස්ටේජ් එක කඩා නොවැටුනේ නම්) මාරාන්තික උපවාස කරුවා, මාරාන්තික උපවාසයක්  (fast unto death) අරඹා දින 10කට පසුත් දිනකට දෙවරක්වත් වැසිකිලි ගිය උපවාසකරුවා වැනි වාර්තා අනිවාර්යයෙන්ම පිහිටවෙනු ඇත.

එහෙයින් මා බෑන් කී මූං ඇතුළු විජාතික බලවේගයන්ටත් උන්ගේ බත්බැලයන් වන දේශීය නියෝජිතයන්ටත් කියන්නේ... මේ උපවාසය නම් නතර කිරීමට වෙර නොදරන මෙන්ය. විමල්ට එයාගේ පාඩුවේ වැඩේ කරගන්නට දෙන මෙන්ය.

Friday, July 9, 2010

හැකි ඉක්මනින් පානය (ජලය) කල යුතුය.....

සාමාන්‍යය අත්දැකීම අනුව පෙරදා රෑ කුදාර් වෙන්න ගැසූවෙකුට පසුදා යථා තත්වයට පත්වීම සඳහා කලයුතු ප්‍රධාන කාර්යයක් වන්නේ හැකි තරම් ජලය පානය කිරීමයි. එසේ නොවන විට ඇස් තඩිස්සිවීම, කථා කිරීමට අපහසු බව, ඇඟපත අප්‍රාණිකත්වය (වැතිර සිටීමටම සිතෙන), දැඩි හිසරදය (පෙත්තක් බී සමනය නොවන, හිස දෙපස ප්ලාස්ටර් ඈලවීමටම සිදුවන) වැනි අපහසුතා ඇතිවේ. මෙම තත්වය විශේෂයෙන්ම රම්, වොඩ්කා වැනි සුදු ස්ප්‍රීතු වර්ග හා විස්කි, බ්‍රැන්ඩි වැනි අධි සාන්ද්‍ර මධ්‍යසාර බී විට වැඩියෙන් දැනේ. එය වකුගඩු වලටද හානිකරය. එහෙයින් එවැන්නකු හැකි ඉක්මනින් ජලය පානය කල යුතුය.


ප.ලි: මෙම සටහන හා රට වෙනුවෙන් මහා සද්කාර්යයකට උරදී සිටින (පිරිත් දේශනා මැද) විමල් මැතිඳා හට දුන් ​වෛද්‍ය උපදෙස් පටලා නොගත යුතුය. උපවාසය අරඹා පැය 12ක් යෑමට මත්තෙන් හැකි ඉක්මනින් ජලය පානය කලයුතුයැයි පවුලේ ​වෛද්‍ය කීවේ, එතුමන්ගේ ශරීර සෞඛ්‍යය මීට පෙර රට වෙනුවෙන් වෙඩි කා, බෝම්බ වැදී අසරණව ඈති හෙයිනි.

ඊ.ප.ලි: කෙසේ වෙතත් එතුමාගේ දියණිය එතුමාට උම්මා දෙන අවස්ථාව ( විශේෂයෙන් දෙවෙනි වර, කවුදෝ කියූ නිසා පොටෝ මාමලා වෙනුවෙන්) හා එතුමාගේ ප්‍රිය බිරිඳ ඩලස් ඇමතිතුමා හා නික්ම යන අවස්ථාව ඉතා සංවේදී වූ බවද කිව යුතුය.

Wednesday, July 7, 2010

අල්ලපු ගෙදර කෙනාට පස්සා දොර (ගෙදර) ඇරීම.......

අල්ලපු ගෙදර එකා සහ අවලමේ යන කොල්ලන් ගෙය වටේ රැස් කන්නට ගන්නේ ගෙදර එකා තම කටයුත්ත නිසි පරිදි නොකරන විටය.

ඊට එරෙහිව කසිප්පු බී උන්ගෙන් ගේම ඉල්ලනවා වෙනුවට තම කටයුත්ත නිසි පරිදි කරන්නේ නම් වෙන උන්ට සිය ඇඹේණියගේ කිල්ලෝටයට හුණු දමන්නට වරම් නැති බව වීරවංශ ඇතුළු නඩයට කඩේ යන උන්ට වැටහෙන්නේ නැතිකම උන්ගේ කරුමයදැයි අපේ කරුමයදැයි නොදනිමි.

Tuesday, July 6, 2010

ලංකාවේ ගැටළුව...... යුතු දේ නිසි වයසට කිරීමට නොදීම

කලකට පෙර අපි සමීක්ෂණයක් කලෙමු. ඒ බොන්න හිඳගත් වේලේ සිටම කරත්ත ෂොට් දමාගෙන අවසන කබරයන් දහ පහලොස් දෙනෙකුද දමා සියළුආතල්වනසන වීර බේබද්දන් පිලිබඳවය. සමීක්ෂණ ප්‍රතිඵල අනුව මෙලෙස බොන්නන් එක්කෝ ඊයේ පෙරේදා රහමෙර කට ගෑවුන්ය.නැතිනම් ප්‍රමාද වී වැඩ ඇල්ලූ උන්ය. එසේත් නැතිනම් ලව් කරන කාලයේ කෙල්ල වෙනුවෙන් පූජාකල ඇරියස් අල්ලන උන්ය. එකී මෙකී සියළු හේතූන් ලඝු කොට ගත්කල පොදු සාධකය වූයේ මොවුන් කිසියම් හේතුවක් නිසා අතපසු වූ බීමක් පිරිමැසීමට මෙලෙස හැසිරෙන බවයි.

මේ සිද්ධිය සමාජයට ගත් කල සමාජයේද බහුතරයක් සිදුවන්නේ මෙයමයැයි හැඟේ. නිසි වයසට කෙල්ලක් සෙට් කරගැනීමට නොහැකි වූ උන් දකින දකින පස්ස මිරිකති. වේලි වේලී හිඳ බලය අතට ආපසු කෙසේ හෝ නිලියකට කෙලීම සිය එකම අරමූණ කොට ගනිති. දහදුක් විඳ, දේශපාලන බලවතකුට වාල්කම් කොට කුමක් හෝ තනතුරක් ලබාගත්දා සිට මඩිය තරකරගැනීම එකම අරමුණ කොට ගනිති. කුඩාකල සැතපුම් ගණන් පයින් ගිය හිලව්වට අඩිපාරවල පැජරෝ දක්කාගෙන යෑමට වලිකති.

මේ පිලිබඳව හොඳ සාක්ෂියක් විමලසිරි ගම්ලත් හෙවත් විමල් වීරවංශ අද පෙන්වූයේය. ඒ මීට පෙර ඔහු විසින් සීගිරි දඹුලු යෑමට බැරිවීමේ හිලව්වට ලොවවටා සවාරි ගැසීම වැනි ක්‍රියාවලට එහා යන්නකි. ඔහු සහ ඔහුගේ දේශප්‍රේමී බත්බැලයන් ( තේරුම විමල්ගෙන්ම අසා ගන්න) අද එක්සත් ජාතීන්ගේ කාර්යාලයට කඩා පැන්නෝය. බෑන් කී මුන්ට අම්මා මුත්තා නැතුව සිංහලෙන් ( දේශප්‍රේමයේ මහිම - සිංහල විතරයි) බැන්නෝය. අවසන මාරාන්තික උපවාසයක් ( රෑට කන බොන) ඇරඹූහ.

මේ ගැන බොහෝ විග්‍රහ විමර්ශන තිබිය හැක. නමුත් මට අනුව නම් විමල් මේ පිරිමසන්නේ තමන්ට විශ්ව විද්‍යාලයක අඛන්ඩ උපවාසයක් කිරීමට නොලැබීමේ ඇරියස් කවර් කිරීමයි. ඒ නිසා මෙම සිද්ධියට සම්පූර්ණයෙන් වගකිව යුත්තේ විමල් තරුණයකුව සිටි අවධියේ එම වරම ඔහුට අහිමිකල උන්ටය. එසේ නොමැතිව මෙය ඔහුගේ ගොන්කම හෝ කපටිකම නොවේ.

එහෙයින් යටහත් පුරවැසියන් වන අප සියල්ලෝ අපේ දරුවන්ට යහපත් හෙටක් පතන්නේ නම් ( අපට ​එවැන්නක් පෙනෙන මානයකවත් නැති නිසා) කල යුතු වැදගත්ම කාර්යය වන්නේ අනාගත දේශපාලන අංකුර හඳුනාගෙන ඔවුනට මිහිපිට ඇති සියළු ආතල් විඳීමට ඉඩ හැරීමය. එවිට ඇරියස් කවර් කිරීම වෙනුවට දේශපාලනය කිරීමට ඔවුන්වත් පෙළඹෙනු ඇත.

Thursday, May 27, 2010

යහ සිතුම් පිබිදෙන උතුම් වෙසඟක් වේවා........


අද දිනය ලෝ වැසි බෞද්ධයන්ගේ උතුම්ම දිනය වන්නේය. ඒ ඔවුන්ගේ ශාස්තෲන්වහන්සේ මෙලොව ඉපදුණු, විදසුන් වඩා බුදුවුණු, සියල්ලෙහි අනියත බව පසක්කොට දෙමින් පිරිනිවුණු දිනය අද හෙයිනි.

ඉඳින් අද දින බොහෝ බුදුනුවන් පන්සල් යනු ඇත. දන් දෙනු ඇත. සිල් ගනු ඇත. බණ අසනු ඇත. ඒ අතර ඇතැමුන් ඊයේ හවස පරෙස්සමට අරන් තබාගත් 'සීල්' ද ගනු ඇත.

ජනමාධ්‍යයන් පුරා බුදුබණ පිරී ඉතිරී යනු ඇත. ඒ අතර බුදු දහම හා අන් ආගම් සමානයැයි කීම්ද ( ආගමික සහජීවනය), නූතන විද්‍යාවෙන් කෙරෙන බුදු බණෙහි විස්තර කිරීම්ද, ප්‍රාතිහාර්යය පෑම්ද බොහෝ වනු ඇත.

අද මම මේ කිසිත් ගැන නොසිතමි. සිදුහත් කුමරු උපන් විගස ඇවිද්දා වුවද නැතද මට කම් නැත. බුදුන් යමාමහ පෙලහර පෑවද නැතද මට කම් නැත. තව්තිසාව හෝ අකනිටාව ගැන අද නම් මට කිසි වැදගැම්මක් නොමැත්තේමය.ජේසු බුද්ධ ශ්‍රාවකයෙක්ද, මුහම්මද් ධර්ම වංචාවක යෙදුනද යන්න පිළිබඳ මම වද නොවෙමි. 

අද මාගේ ශාස්තෲවරයානන්ගේ දිවියේ වැදගත් සිදුවීම් තුනක් සිදුවූවා යැයි අප සිතනා දිනයයි. අප අදහනා දිනයයි. අප විස්වසනා දිනයයි.

ඒ සිතිවිල්ලම, ඒ ඇදහිල්ලම, ඒ විශ්වාසයම ම'සිත ප්‍රීතියෙන් පුරවාලයි. නිවාලයි. ආඩම්බරකරවයි.

මම බුදුන් සරණ ගියෙමි. ගිය අයෙක්මි. මා ප්‍රීතිවන්නේ එහෙයිනි. ආඩම්බරවන්නේද එහෙයිනි.

මා බුදු සරණ ගියේ ප්‍රාතිහාර්යය දැක නොවේ. පරලොවට බියෙන් නොවේ. දෙවියකු හෝ භූතයෙකු බියකල හෙයින්ද නොවේ.

ඒ මහා පුරුෂයා ඇදහීමට, අනුගමනය කිරීමට, වැඳීමට යුතු ගුණ කඳකින් යුතුවූ නිසාය. සිය ඉගැන්වීම සිය පැවැත්මෙන්ම තහවුරු කල නිසාය. සිය දහම පහුරක් කොටගෙන දුකෙන් එතෙර වීමට අපට අනුශාසනාකල නිසාය. එ'පහුර කරතබා පරෙස්සම් කරන්නැයි කිසිදා නියෝග නොකල නිසාය. තමා සොයාගත් මාර්ගයේ යන්නැයි පොළු මුගුරු ගෙන අප පසුපස එලවීමට ගෝලයන් පත් නොකල නිසාය. සහනය උදෙසා වූ ධර්මය බර නැංගුරමක් නොකොට ලුහු පියාපතක් කොට දුන් නිසාය. ඒ දහම් බිඳකින් බිඳී විසිරුණු සිතකට නව ජීවයක් දිය හැකි නිසාය. ( අප සියල්ලෝ අඩු වැඩි වශයෙන් කිසා ගෝතමිය තරමටම අවාසනාවන්ත හෝ වාසනාවන්ත වන්නෙමු).

ඔබ සියල්ලන්ටම ඒ උතුම් බුදුගුණ සිසිලෙන් සිත් නිවී පහන්වෙන යහපත් සිතුම් දළුලන වෙසක් දිනයක් වේවා.

ඡායාරූප උපුටනය: http://w1zzy.deviantart.com/art/To-The-Light-92138181

Tuesday, May 25, 2010

පල ඇති රුකට ගල් ..... ම හෙවත් නැති ප්‍රේම්ට රිටර්න් ගලක්

මේ සටහන මෙහි සඳහන් කිරීමට අරමුණු කොටගෙන ලියූවක් නොවුනද, ඇන්දවිල්ල පෙන්වීම සඳහා විවරව ඇති පෙරමුණේ රාලගේ අටුවාවේ මා විසින් ලියූ සම්පූර්ණ පිලිතුර තවමත් වේටින් හෙයින්ද, දන්න ජිල්මාල් එකකින්වත් ඒ කමෙන්ටුව සම්පූර්ණයෙන් දමා ගැනීමට නොහැකි වූ හෙයින්ද, හොඳහිත යොදාගත් ක්‍රමවේදයම යොදා ගනිමින් නැති ප්‍රේම්ට පිලිතුරු දීම උදෙසා මෙ​ම සටහන තබමි.

ඒ හැර, "අනේ අපි ඕකුන්ගෙ හිට් වැඩිකරන්නෙ නෑ" කියමින් තමාගේ බිලොග් අඩවි මත හිඳ පාළුගෙයි වළං බිඳින්නා වූ නපුංසත චර්යා රටාවක් පෙන්වීමට මා අපේක්ෂා නොකරන බවද මෙහිලා කිව යුතුය.

මේ මා විසින් අටුවාවේ ලියූ පිළිතුරයි. ​( ඒ උගත් නැණවත් පිංවත් මහතුන්ගේ ​ශෛලියම අනුගමනය කර ඇත්තේද එහෙයිනි).

බ්ලොග් අවකාශය යනු ඔලු ඇට්ටකුණා වූ ඔස්තාර් ලා එළිබසින තැනකි. – සහතික ඇත්තය.

තැති ​ප්රේම්ට කියන්න ඈත්තේ ඇට පමණක් ඉතිරිවන්නට අනෙක් සියල්ල ( මොළය සහ හදවතද ඈතුලුව) මිරිකා ඉවත්කල මිනිසුන්ගේ ගඳක් ඔබෙන් වහනය වන බවය. ශිෂ්ණයෙන් කලයුතු කර්තව්‍යය ඔබලා මෙන් වෘෂණ කෝෂ​යෙන් කරනා පුරුද්දක් මා හට නැති හෙයින් අවංකව මා ආදරය කරන, ගරු කරන, නිවැරදි යැයි දකින දේ වෙනුවෙන් මම පෙනී සිටිමි. එය සිස්ටම් එකට එරෙහිව යන්නක් වීම තුල ඔබලාගේ ආතල් බිඳ වැටීම පිලිබඳව මා හට කිරීමට දෙයක් නැත.

මීට පෙරද කියා ඇති පරිදි, නුඹලා බහුතරයකට නැති තරම් දැඩි/ පුරාණ බැඳීමක් මට මේ භූමිය හා ඇත. මා නුඹලා බහුතරයකට වඩා නිවැරදිව බුදු දහම අදහන බව මට විශ්වාසය. මම ඒ පිලිබඳව ආඩම්බර වෙමි.

යම් සටහනක් උඩින් පල්ලෙන් බලා ලිවීමේ හදිස්සිකාර දේශප්‍රේමය විසින් ඔබට ‘GAD FLY’ හා ‘ඇට මැස්සා’ යනු දෙදෙනකු බව නොපෙන්වා ඇත.( අපේ අදහස් බොහෝ දුරට සමාන බව සත්‍යයකි).

කෙසේ වෙතත් අප විරුද්ධ වන්නේ බුදු දහම් සන්දර්ශන වලට මිස ඒ සුපිරිසිදු දහමට නොවන බව පහත යොමු දෙ​ක පැහැදිලිව කියවන්නෙකුට වැටහෙනු ඇත.

http://beyondframe.wordpress.com/2010/05/18/10may18/
http://skydreams2010.blogspot.com/2010/03/akon.html
ර්‍
ප.ලි.: 
  - මාතෘකා වී ඇති 'සෝමාවතී බුදුරැස් ' ගැන බූන්දියේ උපුටනය.
  - නැති ප්‍රේම් මා හා පටලාගත් GAD FLYගේ සටහන
  - මේ සංවාදයට මාතෘකා වී ඇති අය ගැන මහමෙවුනා අසපු වෙබ් අඩවියේ සඳහනක් ( බුදු ළයින් උපන්......)

Monday, May 24, 2010

වැසි සංකල්පනා 01: විනය

මේ දවස්වල මෙහාට නම් හද්දා වැස්සය. එලියකට පහලියකට බහින්නට නොහැක. පාරක ඇවිද යෑම නොහැක්කේ පාර පුරා වතුර පිරී ගලායන හෙයිනි. අවට නිවෙස්වලින් උතුරා ගලා එන වැසිකිලිවලවල ජලයද ඒ හා එක්ව ගලා බසී. අපේ වැසිකිලිවල ඇත්තේ ගෙයි පිටුපස නිසා එය මේ වතුරපාරට එක් නොවේ. එහි ජලය එකතුවන්නේ පිටුපසින් ඇති පාරේ වතුරටය.

මෙබඳු සටහනක් ලිවීමට බොහෝ කලක සිට බලා සිටියද ඊට ඇවැසි විවේකය ලබා දුන්නේ වැස්සය. එහෙයින් මේ සටහනේ ඇති සියළු ජාති ද්‍රෝහී, පරගැති අදහස්වලට ඉඳුරා වගකිව යුත්තේ වැස්සය.

මට සිතෙන හැටියට මේ රටේ දැන් විනයක් නැත.හපෝ උඹ ඕක දන්නෙ දැන්ද?, ඕක තැකුව කියල මොන ලබ්බද හම්බ වෙන්නෙ?, ඕක තක තකා හිටියනම් මෙලහකටත් කොටිය ඇරල අපෙ  ..කේ.).

වන්නාටය. ඒ සියල්ල අතීතයයි. අතීතයේ කල කී දෑ සිළිබඳ සාක්ෂි කාලය විසින්ම ශේෂ කොට ගන්නා හෙයින්, මම මේ මොහොතේ ඒ පිළිබඳව වද නොවෙමි. මට කියන්නට ඈවැසි වන්නේ වර්තමානයටයි, ඒ හරහා එන අනාගතයටයි.

විනය. සත්තකින්ම ඇවැසි දෙයක්ද? 
කාය බලය සිලිබඳ පමණක් විශ්වාසය තබා, චන්ඩියාගේ තීරණය අවසන් තීරණය වන ග්‍රෝත්‍රික සමාජයක හෝ තිරිසන් සමූහයක හැර, සියල්ලන් සමව පිලිගත් උසස් සමාජයක විනය මුල්තන්හි ලා සැලකිය යුතුය. විනය විසින් බොහෝ අවස්ථාවන්හි දුර්වලයා රකින බව ඇත්තකි. නමුත් අද මහා බලවතා හෙට දුර්වලම අඩියකට ඇද වැටීමට ඉඩ ඇති හෙයින් විනය රකින සමාජයක් යන්න සියල්ලෝ සම වැදගත් කමින් යුතුව භාරගත යුතු යථාර්තයක් වේ. ( එසේ භාර නොගැනීමේ විපාක චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගද, සරත් පොන්සේකාද, එ.ජා.ප.යද, ජ.වි.පෙද අද විඳවමින් සිටී. ශ්‍රී ලාංකික සමාජවාදී ජනරජයේ පොදු ජනයාද නුදුරු අනාගතයේදීම මෙය අත් දකිනු ඇත).

ලියන්න දේවල් නැත්නම් චූ කරල නිදාගනින්. තොපි වගේ දේශද්‍රෝහියො කෑ ගැහැව්වට මේක තමයි විනයෙන් උතුම්ම රට.

සියල්ලෝම චූ කර නිදද්දී, මා සිහිනෙන් බියවී සිටින්නෙමි.
  * අපේ විනයගරුක මහරජාණේ , ඇමතිකම් දීම හා ආපසු ගැනීමෙන් නක්කල් පාති. ( නක්කලේ ජනමාධ්‍යටද, එය මාර වැඩක් කියූ මහින්ද අබේසුන්දරටද, මර්වින් සිල්වා අමාත්‍යවරයාටද නැත්නම් තමාටමද යන්න අසා දැනගත යුතුය).
 * අපේ විනයගරුක ජයසූරිය මැතිඳාණෝ, මුළුතරඟාවලියකදීම ලකුණු 50ක්වත් නැතුව සිටියදී, 2011 ලෝක කුසලානයට ක්‍රීඩා කරන බව ප්‍රසිද්ධියේ පවසති.
 * අපේ විනයගරුක ඇමැත්තෝ තමන් රැකියාවක් දීමේදී තම ආධාරකරුවන්ට ප්‍රමුඛ තැන දෙන බව ප්‍රසිද්ධියේ අඬබෙර ගසති.
 * විදෙස් සංචාරවලදී සොරකම්කර අතේ මාට්ටුවී, රටේ මෙන්ම ක්‍රීඩාවෙහිද නම්බුව කෑ උනට, මහරජානුභාවයෙන්සමාව භජනය වේ.
 * බුදුන්ගේ ළයින් උපන් කියාගන්නා, විනයධර හිමිවරු, බුදු දහම සල්පිල් භාණ්ඩයක් කොට සැනකෙලි කෙලිමින් අලෙවි කරති.
 *  සියළු පාර්ලිමේන්තු මන්ත්‍රීනට ඇරයුම් කෙරෙන උත්සවයකදී, විනයධර රජයට එක් මන්ත්‍රීවරයෙක් අමතකව යයි.
 * අන් අයගේ බ්ලොග් අඩවි තුල යකා නටන, විනයගරුක බ්ලොග් ලියන්නෝ තම බ්ලොග් අඩවි විරුද්ධ මත වලින් අපවිත්‍ර නොවීමට ප්‍රවේශම් වෙති.

තව බො හෝ දෑ ලියන්නට හැකි නමුත්, විනයගරුක සමාජයක සිහිනය දකින අප සැමට ආරම්භයක් වෙතැයි සිතා, මෙපමණක් අවසානයට ලියමි.
 
අපේ ගෙදර පිටුපස කාණුව සුද්ධ කලානම්, අපේ වැසිකිලිවල ඉතිරූ ජලය පාර දිගේ ගලායන්නේ නැත.

ප.ලි:
මේ හා ලඟින් යන සටහන් දෙකක් විමන්සා හා Beyond Frame ද ලියා තිබිණි.

Tuesday, May 18, 2010

ඒ උතුම් පින්බර දිනය අදයි........

මීට හරියටම වසරකට පෙර සිංහල ඉතිහාස පොතේ රන් අකුරෙන් ලියැවුණු ඒ උතුම් දිනය උදාවිය.


ජාතියේ පිනට පහලවූ අතිගරු මහින්ද උතුමාණන්ගේ ශූර දේශපාලනික මඟ පෙන්වීමද, ඇමෙරිකානු අත්දෑකීම් හා අපේකම මිශ්‍ර කොටගත් ගෝඨාභය යුව රජාණන්ගේ මූලෝපායික පෙර මං ගැනීමද නොවන්නට මේ යුද්ධය තවමත් ලක් දෙරණ පෙලන්නේය.

 නමුත් මාගේ ඉහත ප්‍රකාශය මඟින් ත්‍රස්තවාදීන් මවිත කරමින් යුද හමුදාව මෙහෙයවූ ෂවීන්ද්‍ර සිල්වා, අපේ අහස්කුස අපේම බව කියන්නට ගුවන් හමුදාව ඉදිරියටම යැවූ රොෂාන් පෙරේරා, දියඹ අරා වැජඹුන කොටි බලය සුන්කල නාවික හමුදාවේ යෝෂිත රාජපක්ෂ හා වසන්ත කරන්නාගොඩ යන විරුවන් කලා වූ මෙහෙය කිසිදා අව තක්සේරු නොවන්නේමය.

ඉඳින් මෙවන් ශ්‍රේෂ්ඨ දේශයක උපනට පින් ලද හෙළයනි...... හෙට ඒ ජයග්‍රහණයේ වර්ෂ පූර්ණයයි. ඒ වෙනුවෙන් ඔබේ යුතුකම ඉටුකරන්න. හෙට දිනමිණ පුවත්පත මිලට ගන්න. දවස පුරා අයි.ටී.එන් නාළිකාවේ සංවත්සර වැඩසටහන් නරඹන්න.

අප මාරයි කියා අපටම ඔප්පුකල යුද්ධයට ජයවේවා. .........

ඔබට සුබ අනාගතයක්.

Wednesday, April 7, 2010

Unilever ..... ලංකාව නිවැරදිව කියවීම,,,,

අපි සියල්ලෝ ලංකාව ගැන, එහි ජනතාව ගැන මහා විශ්ලේශනයන් කරන්නෙමු. බ්ලොග් අඩවි පිරෙන්නට ඒ ගැන ලියන්නෙමු. ඒ මත පිහිටා සිට විවිධ අනාවැකි කියන්නෙමු. තීන්දු තීරණ ගන්නෙමු.

නමුත් එකමොහොතකදී මේ ශ්‍රේෂ්ඨ ජනතාව අප සියල්ලන්ටම සිතාගත නොහෙන ප්‍රතිපලයක් කරා සිය හැසිරීම යොමු කරන්නෝය.

ඔවුහු මේ සඳහා වන හොඳම උදාහරණය එලඹෙන මහ මැතිවරණයේදී ලබා දීමට නියමිතය.

ලාංකීය ජනතාව සිය තීන්දු තීරණ ගන්නේ යමක් විමසා බලා දුරදිග සිතා තමන්ට මෙන්ම අනුන්ටද ( ඇයි මාතෘ භූමිය හා අනාගත පරපුර) යහපතක් වන්නාවූ ආස්ථානයකටැයි අප විශ්වාස කරන්නෙමු. ( අඩු තරමින් තමන්හෝ එසේ‍යැයි කියා සිතන්නට කියන්නට ආශා කරන්නෙමු).

එසේ නම් අපම බූරුවන් හරකුන් හොරුන් වංචාකාරයන් යැයි කියා කියන්නාවූ පිරිසක් ජනතා නියෝජිතයන් ලෙස පත්වන්නේ කෙසේද?

ඔවුන්ට චන්දය දෙන්නේද අපමය. අප අවට සිටින්නන්මය. ඒ ඇයි? ඒ අපේ හැටිය. සිංහල බෞද්ධ පමනක් නොව සම්ස්ථ චන්දදායකයන්ගේම හැටිය.

මේ අපේ හැටි බව දන්නා තවත් ආයතනයක් පසුදා එය ඉතා නිර්මාණශීලීව යොදාගන තිබුනි.

ඒ යුනිලීවර් සමාගමේ නවතම ලයිෆ්බෝයි දැන්වීමයි......... ඔවුන් අපට ලයිෆ්බෝයි ගාන්න කියන්නේ ඊට පෙර තැනූ ලයිෆ්බෝයි දැන්වීම සම්මාන ගත් නිසාය!!!!!!

සබන් කැටයේ ගුනාත්මක බව ඉක්මවා දැන්වීම ලකුණු ලබා ඇත. ඉතින් දැන් අපි දැන්වීම මාර නිසා ලයිෆ්බෝයි ගා නාගනිමු. 

 මෙම නාගැනීම වඩාත් සාර්ථකව ලබන නව වනදා සිට පුරා වසර පහක් ( අඩුම තරමින්) කිරීමට තරම් ලාංකිකයෝ වාසනාවන්ත වෙමින් සිටින්නාහුය.

මන්ද බහුතරයක් වෙනත් ක්ෂේත්‍ර වල පොරවල් වීම පමණක් හේතුකොටගෙන ඔවුහු මෙවර චන්දයෙන් පත්කර හැරීමට මෙරට වැසියෝ දත මැදගෙන සිටින හෙයිනි. ( උදා: දකුණෙන් ආ එකම නිලිය වූ නිසා ගීතා, පබාහි ජනප්‍රිය ලෙස චරිත නිරූපනය කල හෙයින් උපේක්ෂා, මෙරට මතු නොව රෝමයේදීද මැරකම් පැ නිසා මර්වින්, 2006 දී වටිනාම ක්‍රීඩකයා වූ නිසා සනත්..... ලිස්ට් එක දිගය. කැමතිනම් පුරවන්න).



 

Wednesday, March 31, 2010

සු.. ගෙන් සොරකම් කරන ලදී......

මේ ගීතය ලියැවෙන්නේ සහ කියැවෙන්නේ මොන තරම් නරුම රටකද? මේ ගීතයේ නිර්මාතෘ මොන තරම් බැට කැ රටකද? මේ ගීතයෙන් කියැවෙන්නේ කුමන ඉරනමක් කරා ඇදී යන ලමා පරපුරක් සිටින රටකද?
මෙහෙව් රටක මෙතරම් සුබ සිහින දකින මිනිසුන් සිටීම මොනතරම් වාසනාවන්තද?

සු... ස්තුතියි වීඩියෝ එක ගැන තිබුනු පොස්ට් එකට.  සමාවෙන්න ලින්ක් එක හොරකම් කලාට.

හඳගම මම හඩමි. ඒ කඳුලු නුඹට ගරුකොට මෙහි පුදමි.

වීඩියෝව මෙතැනින් බලන්න. ( මෙහි නිර්මාතෘ අශෝක හඳගම යැයි මා නිගමනය කලේ යූ ටියුබ් හි තිබූ කමෙන්ට් වලිනි).

Tuesday, March 23, 2010

Akon නම් වූ දේවදත්තයා...

ප්‍රභාකරන් යන්න ගියේය. නෝර්වේ උන් ඇවිත් ගියෝය. ෆොන්සේකා හිරේ ගියේය. මල්ලියෙ දැන් ඇමෙරිකන් අධිරාජ්‍යවාද කතාද මිනිසුන් ඒ තරම් ගණන් ගන්නේ නැත. ඒ විතරක් නොව සල්ලි දී පත්තරේට අන්දවාගත් කාටූනය දමා ගැසූ කටවුට් වත්, හති එලාගෙන පැගූ බයිසිකලයවත් පරණ සීන් තරම් නැග යන්නේ නැත. මෙහෙම ගියොත් මුන් අපට කෙලෙහිගුණ සැලකීම අතහැර දමනු ඇත. දැන් තවත් ආලවකයකු හෝ දෙව්දත්තයකු සොයාගැනීමට කාලයයි. එහෙයින් ඒ පැත්තේද මේ පැත්තේද බලා හොඳ බයිට් එකක් සොයාගත යුතුය. බහුතරයක් හුදී ජනයා ආශ්වාදයෙන් නන්නත්තාර වී යන ජාතියේ මාතෘකාවක් මවා හෝ ගතයුතුය.



මට මතක හැටියට කතන්දරය පටන් ගත්තේ තාක්ෂණයත් සමග මහා ඉහලින් ගනුදෙනු කරනවා යැයි සම්මත පිරිසක් අතිනි. ඔවුහු මූණුපොතේ කණ්ඩායමක් තැනූහ. ඒ අකොන්ට එරෙහිවය. මා අකොන් ලංකාවට එනබව දැනගත්තේ මෙම මූණුපොත් කන්ඩායමෙනි.

අකොන් යනු කවරෙක්ද? මාගේ කියවීම අනුව ඔහු හීනමානයෙන් පෙලෙන එය වසා ගැනීම උදෙසා ආරෝපිත අධිමානයකින් කටයුතුකරන කිසිවෙකුටත් අවනත නොවන තරම් ලජ්ජා විරහිත තරුවකි ( මෙබඳු තරු අප රටේද මහ පුටුවේ පටන් සියලු ක්ෂේත්‍රයන්හි ඇති තරම් සොයාගත හැක).
ඔහු සිය සංදර්ශන වලදීද, වීඩියෝ බහුතරයකද එතැනින් එහාට ගීත රචනා රැසකද කාන්තාව යනු ඉතා පහත් මටටමේ ලිංගික භාණ්ඩයක් ලෙසට හුවා දක්වයි. ( විය හැක. අපේ සිංහල බෞද්ධ කුල කාන්තාවන් හැර අන් කිසිදු ගැහැණියක් උත්තරීතර නොවන සන්දර්භයක අකොන් මවන ගැහැනියට වඩා වෙනස් ගැහැණියක් මේ ශ්‍රී දේශයෙන් පිට සිටිය නොහැක්කේමය. ඇතැම් විට අකොන් ලංකාවට විත් යහතින් ගියහොත් ඔහු දමනය වී අනර්කලී ආකර්ශා හෝ ගීතා කුමාරසිංහ නැතහොත් සංගීතා වීරරත්න වැනි හෙල කුල කතක් යොදාගන උතුම් නිර්මාණයක් කරනු ඇත. එවිට අපට ඔහු ගරු නාමයකින් පවා පිදිය හැක. ත්‍රී සිංහල කාන්තාරක්ෂක වැන්නක්......).
මට අකොන් ගැන තවත් බොහෝ දේ ලිවිය හැක. නමුත් මේ ඊට තැන නොවන්නේය. මන්ද යත් අකොන් යනු මේ මොහොතේ අප සියල්ලන්ගේ අනෙකා වන හෙයිනි. මට අනෙකා පට්ට ගැසීමට අව්ශ්‍ය නැත. ඒ වෙනුවට අනෙකා තුලින් හා ඔහුට අප දක්වන ප්‍රතිචාර මතින් අප තේරුම් ගැනීමට සූත්‍රයක් නිර්මාණය කොට ගැනීම වඩා යහපත් යැයි මට හැඟෙන හෙයිනි.

ශ්‍රී ලාංකිකයන් අකොන්ට විරුද්ධ වන්නේ ඇයි?
ඔහුගේ වීඩියෝවක බුදුරුවක් ඉදිරියේ නටන අඩ නිරුවත් කතුන්ගේ දර්ශනයක් අඩංගුව තිබීම හේතුවෙනි.  

ඉඳින් දැන් සියල්ල සෙට් වී ඇත. මේ අවලමා ලංකාවට ගෙන්වන උන්ටත් ඌටත් බෝම්බ ගසා වනසා ශ්‍රී ලාංකීය කීර්ති නාමය රැකගත යුතුය. බුදුන් වෙනුවෙන් මැරෙන්නට නොව මරන්නට ලද වරමේ රඟ ලොවටම පෙන්වා දීමට මෙබඳු අවස්ථාවක් ආයෙත් ලඟදී නම් නොලැබෙනු ඇත.

ඒ වෙනුවෙන් සැදී පැහැදී සිටින සිංහල බෞද්ධ චන්ඩි ශ්‍රද්ධාවතුනි. මට ප්‍රශ්න කිහිපයක් ඇසීමට ඇත.

01. මේ වීඩියෝව ප්‍රසිද්ධ කෙරුනේ 2009 ජූලි මාසයේය. ඉතින් ඇයි මෙතරම් පමා..........
02. මහා භික්ෂු සංහාරයක් කල මියන්මාර නායකයා පසුගියදා මෙරටට ආවේය. ඔහුට විරෝධය නොදැක්වූයේ අමතක වීමකින්ද?
03. මා දන්නා තරමින් බුදුන් වහන්සේ දේශනාකල පරිදි අයහපත් ජීවිකාවන්හි යෙදෙන්නන් කිහිප පොලක්ම මෙවර මහ මැතිවරණයට ඉදිරිපත්වී ඇත. ඔවුන්ට විරුද්ධ නොවන්නේ දහම පිළිම තරම්ම නොවටනා හෙයින්ද?
04.  තමාට අපහාස කල චිංචි මානවිකාවට බුදුන් සැලකූ ආකාරය අමතක වීම ධාර්මිකව පැහැදිලි කරගත හැක්කේ එල්ලාවල හිමියන්ගෙන්ද නැතිනම් උඩුවේ හිමියන්ගෙන්ද?
05. ප්‍රතිපත්තියෙන් බුදු පුදකල නොහැක්කා, ආමිස පූජාව උදෙසා ඉරාගෙන දැගලීම අවස්ථාවාදයද?

 බුදුන්ගේ දහම දියුණු මනසක් ඇත්තන්ටය. මනස දියුණු වීම යනු ගොදුරු ගසාකැමට ඇති කපටි කම නොවේ. නිවැරදි දේ නිවැරදි ලෙස දැකීමත්, වැරදි දේ වැරදි ලෙස දැකීමත්, ඉන් ලද අවබෝධය අනුව කටයුතු කිරීමට ඇති හැකියාවත්ය.

තෙරුවන් සරණයි....

Tuesday, March 9, 2010

මැන්ගනීස් ඩයොක්සයිඩ් හා පොටෑසියම් පර්මැන්ගනේට්...

අප රසායනාගාරයේදී ඔක්සිජන් තැනීම පිලිබද ඉගෙනගත්තේ අට හෝ නවය වසරේදීය. ඒ සදහා යොදාගත් ක්‍රම කිහිපය අතුරින් තවමත් මා සිත රැදී ඇත්තේ පොටෑසියම් පර්මැන්ගනේට් හා මැන්ගනීස් ඩයොක්සයිඩ් එකට රත්කර ඔක්සිජන් තැනීමය.මා ජීවිතයේ වඩාත්ම ඇලුම්කරන සහ භාවිතාකරන වචනයක් වන "උත්ප්‍රේරකය" යන්න ඉගෙනගත්තේද මෙම පරීක්ෂණය කරද්දීය.
බොහෝවිට මීට හේතුව වන්නට ඇත්තේ මේ රසායනිකයන් දෙකෙහි සුවිශේෂී ගුණාන්ගයි. පොටෑසියම් පර්මැන්ගනේට් වලට තනිව ඔක්සිජන් නිපැයීම පහසුවෙන් කල නොහැක. ඒ සදහා අධික ශක්තියක් ඇවැසි වේ. මැන්ගනීස් ඩයොක්සයිඩ් මගින් ඔක්සිජන් ලබාගැනීමක් ගැන කිසිදා කථා කරනු මා අසා නැත. නමුත් මේ දෙක එක් කලවිට සාමාන්‍යය පරීක්ෂණාගාර තත්ව යටතේ ඔක්සිජන් නිපදවිය හැක!

මාගේ මීට පෙර ලිපියේදී විපක්ෂය දෙකට බෙදී තරගකිරීම පිලිබදව මාගේ අප්‍රසාදය පල කලෙමි.
මේ මොහොත වන විටද එම අප්‍රසාදය එලෙසම පවතී.  වෙන්ව තරග කිරීමට ගත්තා වූ තීරණය හශාන් කියූ පරිදි උපක්‍රමික වෙනස් වීමක් හෝ ටැබූ කියූ පරිදි සිනර්ජියක් ( 1+1>2) නැතිවීම නිසා වූවකැයි පිලිගැනීමට මා මැලි වන්නේ, මහ මැතිවරණය තනි ඌරකුගේ මඩවලක් කරගැනීමට ඉඩ සාදාදුන්නේ මෙම වෙන්වීම නිසා බව විශ්වාස කරන හෙයිනි.

මම ඒකාබද්ධ විපක්ෂය කෙරෙහි බලාපොරොත්තු දල්වා සිටියෙමි. ඒ මේ දේශපාලනය තුල තවදුරටත් සුපිරිසිදු යූ.එන්.පි යක් හෝ ජේ.වී.පියක් නොමැති යථාර්තයක් තුල දේශපාලනය යනු පක්ෂයක් බදාගෙන පක්ෂයක ඉහල මට්ටමේ ඔලුගෙඩි ගන්නා ඕනෑම තීරණයක් හරියැයි කියන අදේශපාලනික තැනක සිට පොදු අරමුණක් වෙනුවෙන් පක්ෂ අමතක කර දමා ඉදිරියට ඒමේ ශක්‍යතාවක් සහිත චලනයක් ඒ තුලින් විද්‍යාමාන වූ හෙයිනි. එය තාවකාලික මැතිවරණ පරාජයක් සදහා හේතු විය හැකි වුවද දීර්ඝකාලීන යහපත් දේශපාලන සන්ස්කෘතියක පාදම වියහැකිව තිබූ හෙයිනි. ඒ සිහිනයට වෙඩි වැදී ඇත. හන්සයන් කිරි සෙවූ බිම අලින් හා කුසලානයන් දෙකට බෙදාගෙන ඇත. කොරුන් සහ අන්ධයන් වෙන් වෙන්ව ගොලායත්ට එරෙහිව සටනට බැස ඇත.

සත්‍යයකි. ජනාධිපතිවරණයේදී තිබූ ගැම්ම රජයේ මර්දනය විසින් හා ජනාධිපතිවරණයේ අනපේක්ෂිත ප්‍රතිපලය විසින් බාලකොට ඇත්තේය. නමුත් එයම සැබෑ හේතුව වන්නේද? මේ වෙන්වීම මගින් සිදුකොට ඇත්තේ මැන්ගනීස් ඩයොක්සයිඩ් නිකන්ම කලුපැහැ කුඩක් ලෙසත් පොටෑසියම් පර්මැන්ගනේට් තම වියෝජනයට ඇවැසි ශක්තිය නැතිවගිය රසායනයක් ලෙසටත් අසරණව සිටිද්දී ඔක්සිජන් වෙනුවට ඇමෝනියා නිශ්පාදනය කරන ගෝ මූත්‍රා බදුනක් ලාන්කීය දේශපාලන තෙපාව මත රැගුම් පෑම නොවන්නේද?

Monday, February 22, 2010

බූරු කතාවක්......

       මේ කාටූනය මා මුලින්ම දැක්කේ 86/ 87 තරම් අතීතයේදීය. ඒ මනහර සගරාවකිනි. ඊට වසර ගණනාවකට පසු වුවද මෙය වලන්ගු බවට අපේ විපක්ෂය සහතික දෙමින් සිටීම එක අතකින් හාස්‍යයකි. තවත් අතකින් ඛේදවාචකයකි.
     යම් බලාපොරොත්තුවක සේයාවක් දල්වමින් ජනාධිපතිවරනයේදී සියල්ල අතහැර එකගතාවකට ආ මේ දුහුනන්, ඒ අරගලයේ උනුසුම නිවී යෑමටවත් නොදී අප තල්ලු කරමින් සිටින්නේද මුන්ව විශ්වාසකිරීමට වඩා පුක පොලවේ ගසාගෙන මැරීයෑම වඩාහොද විකල්පයක් වන තැනකට වීම වඩාත් ශෝචනීය වන්නේය.
     මහත්වරුනි, දිවියලෝකයේ යෑමට ෂෝට් කට් නැත. අප බහුතරයක් නුඹලා වෙනුවෙන් පෙනී සිටියේ පොදු සතුරාට ( හෝව්! මහින්ද විතරක් නොවේ) එරෙහිව සියලු ප්‍රතිරෝධයන් අතහැරිය යුතු නිමේශයකය. ඒ මොහොත තවමත් වියැකී නැති යථාර්තයක් තුල නුඹලා කෙලින පිස්සුවට තිබිය හැකි එකම තේරුම " අවස්ථාවාදය" පමණි.

Sunday, February 21, 2010

ප්‍රයිවෙට් බස් කොන්දොස්තරවරු සහ සින්හල බ්ලොග් කියවනය....

අප සියල්ලෝ දන්නා පරිදි ප්‍රයිවෙට් බස් රියක් ගමන ඇරඹූ තැන් පටන් බොහෝ මගීන්ගෙන් බැනුම් අසන්නේ හැමතැනම නවත්වමින් සෙනග ගැනීම සහ බසයේ ඇති ඉඩටත් වඩා සෙනග පරිමාවක් ගෙනයෑමට උත්සාහ කිරීම නිසාය.

එහිදී කොන්දොස්තර බොහෝ ආඩම්බරයෙන් කියන නිදහසට කරුනු දෙකක් ඇත.

01. ඔයා දැන් ඔහොම කිව්වට දැක්කනෙ පැය කීයකට පස්සෙද අපි ආවෙ. අපි ආවෙ නැත්නම් ඔයාල තාමත් හෝල්ට් එකේ.

02. ඇයි මනුස්සකමක් නෑ වගේ කතා කරන්නෙ. ඒ මිනිස්සුත් ගමනක් යන්නනෙ ඉන්නෙ. ඉතින් කොහොම හරි දාගෙන යන්න එපායැ.

නමුත් ඔවුන්ට දීමට මටද පිලිතුරක් ඇත. ඒ එම බසය නොපැමිණියේ නම් මීට වඩා හොද බසයක යෑමේ වාසනාව ලැබීමේ යම් සම්භාවිතාවක් තිබූ බවය. එම අවකාශය මේ බසය විසින් ලබාගත්තේ නම්, එම බසය සිය සේවාව හොදින් සැලසිය යුතු බවය.

සත්‍යයකි. මේ ප්‍රකාශයේ සමාජ සම්මත සින්හල-බෞද්ධ මනුස්සකම නැත. නමුත් එසේ වූවා කියා යථාර්තය වෙනස් වන්නේද නැත.


මේ සිදුවීම් සහ පූර්ණ දේශපාලනික ලිපි වෙනම තැබීමෙහි සම්බන්ධයක් ගොඩනැගීම බබාලා නොවන අයට අපහසු නොවනු ඇතයි මම සිතමි.

සින්හල බ්ලොග් කියවනය නිර්මාණය කරමින් කලාවූ පූර්වගාමී ක්‍රියාවලියට හිමිවිය යුතු ගෞරවය මෙහිලා කිසිසේත්ම බාලනොවන අතර, මා ප්‍රශ්න කරන්නේ තමා විසින් ආරම්භකල ක්‍රියාවලියක් සමාජගතවූ, සමාජ බද්ධවූ පසු එහි පැවැත්ම පිලිබද අන්තනෝමතික තීරණගැනීමෙහිලා එහි නිර්මතෘන්ට ඇති සදාචාරසම්පන්න බව පිලිබදවය.

මා මේ පිලිබදව කිසිත් නොලියා සිටීමට මුලින් සිතූමුත් අනෙකුන්ගේ අදහස් හා, මේ ක්‍රියාවලිය ඔස්සේ සිදුවිය හැකි විශාලම හානියවන බ්ලොග් ලියන්නන් මෙයින් නික්ම යෑමේ අවධානම නිසා වෙනත් සටහනක් වෙනුවට මෙම සටහන තැබීමට සිත හදාගතිමි.

මේ කාරණය පිලිබද බොහෝ දෙනා දොස් කියා තිබුනේ ඇඩ්මින්ලාගේ අදේශපාලනික බව පිලිබදවය. සත්‍යයකි. මෙරට බහුතරයක් දේශපාලනය යනු චන්දකාලයට එලිබසින කුමක්දෝ අලගෙඩියක්යැයි සිතා සිටිති. මින් බහුතරයක් අයත්වෙන්නේ බිල් ගේට්ස් හෝ ස්ටීව් ජොබ්ස් වීම සිය එකම පරමාර්ථය කොටගෙන සිටින අතර විනෝදාන්ශයක් ලෙස සමාජ මෙහෙවර කරන අයවලුන්ටය ( Hobby : reading, creating web sites, watching horror movies, admin.....).  ඉදින් එතැන අදේශපාලනිකවීම පිලිබදව මම නම් පුදුම නොවෙමි.

දැන් මගේ නඩුවට වේලාවයි. මා විසින් ඉදිරිපත් කිරීමට ඇති චෝදනා මේවාය.
01. මම දේශපාලනික ලිපි ලියන්නෙමි. නමුත් මා එම කැටගරියේ නැත. එය මා හට කල අසාධාරනයකි.
02. ඔබ විසින් පූර්ණ දේශපාලනික ලිපි ලෙස වෙන්කරන නිර්නායක් කවරේද? එය පැහැදිලි නොවීම නිසා ලියන්නෙක් මෙන්ම කියවන්නෙක් ලෙසද මා හට යම් අසාධාරනයක් වී ඇත.
03. සින්හල බ්ලොග් කියවනය සමාජ මෙවලමක් බවට පත් කිරීමේදී එයට එක්වී ඇති බ්ලොග් කරුවන්ද යම් මෙහෙවරක් කර ඇති නිසා මෙවන් වැද්ගත් තීරණයක් ගැනීමේදී මුලින් මත විමසීමක් නොකිරීම නිසා ලියන්නන් මෙන්ම කියවන්නන්ටද අසාධාරනයක් වී ඇත.

එහෙයින් මාගේ මෙන්ම වෙනත් බ්ලොග් ලියන්නන්ගේද යහපත උදෙසා පහත ක්‍රියාමාර්ග ගැනීමට ඇති හැකියාව සොයාබලන මෙන් ඇඩ්මින්ලාගෙන් ඉල්ලා සිටිමි.

01. මුල්පිටුවේ සින්හල බ්ලොග්කරුවන්ගේ සන්සදයේ ලිපි පමනක් පෙන්වන්න. අනෙකුත් කැටගරි සදහා සමාන අවස්තා ලැබෙන පරිදි ලින්ක් තබන්න. ඊට අමතරව කැමති අයෙකුට සියලුම කැටගරි වල ලිපි එකවර බැලිය හැකිවන පරිදි ලින්ක් එකක් (ALL) තබන්න.

02. ඇවැසි නම් දේශපාලන හා සමාජයීය කැටගරියට Age verification ද එක් කල හැක. මන්ද දේශපාලනය යනු කිසිසේත්ම බබාලාගේ දෙයක් නොවන නිසාය.

03. පූර්ණ දේශපාලනික ලෙස වෙනම තේරීමක් කිරීමෙන් වලකින්න. මන්ද එය විහිලුවක් වියහැකි හෙයිනි.


ප.ලි.: 
01. මේ ලිපිය කිසිසේත්ම ඇඩ්මින්ලා කෙරෙහි වෛරයකින් ලියූවක් නොවේ. හොද වැඩක් කල පොඩි උන් ටිකක් ට්‍රැක් එකේ තබා ගැනීමට ගත් උත්සාහයකි.
02. මේ දේ ගැනම මේතැන්වලද සාකච්ඡා කෙරී ඇත. රාමා1, රාමා2, හෂාන්

Friday, February 19, 2010

සුද්දෙකුගේ නරක ප්‍රකාශයක්........

මට මෙය ලැබුනේ මිතුරෙකු එවූ ඊ-මේලයක් ඔස්සේය. ඇතැම් විට මෙය අප රටට නොගැලපෙන්නේ අප ආරිය සින්හල බෞද්ධයන් වන නිසා විය හැක.

Friday, February 12, 2010

උත්තමාචාර.....

පහත ඡායාරූප ශ්‍රී ලන්කාවේදී ගනු ලැබූ ඒවාය. වැඩිමනත් කියන්නේ නම් පෙරේදා ගනු ලැබූ ඒවාය.

බහුතරයකට මෙහි දැක්වෙන්නන් මෝඩයන් විය හැක. තව පිරිසකට ඔවුන් පිස්සන් විය හැක. එසේත් නැතිනම් දේශපාලන කුනුගොඩට වැටී කඩේ යන්නන් විය හැක.  රට වනසන අශුද්ධ ව්‍යාපෘතියක කොටස්කරුවන් විය හැක.

සත්‍යයකි. සියලු බල ව්‍යාපෘතීන් ප්‍රජාතන්ත්‍රවාදය වනසනමින් සිටින මොහොතක, ඉතා පහසුවෙන් අදුනන ප්‍රාදේශීය සභා මන්ත්‍රී කෙනෙකුට හේත්තුවී හෝ එදා වේල සරිකරගත හැකිව තිබියදී, පරාජය කොට දමමින් සිටින සමාජ බලවේගයක් වෙනුවෙන් ඇග තලාගැනීම මෝඩකමකි. පිස්සුවකි. කඩේ යෑමකි.

මෙහි භයානක පැත්ත වන්නේ මොවුන් අශුද්ධ සන්ධානයක කොටස්කරුවන් වනවිටය. බොහෝවිට මේ සියල්ල විදෙස් මුදල් උදෙසා කරන රන්ගනයන් විය හැකි හෙයිනි. අපට එසේ සැක කිරීමටද ඇති තරම් හේතු ඇත්තේ මොවුන් මෙහෙයවී ඇත්තේ රට වෙනුවෙන්, රටේ ජනයා වෙනුවෙන් පාරට බැසීමට, ගිනිතබා ගැනීමට මහරජු විසින් වරම් නොලද පිරිසක් අතින් වීම නිසාය. ( ඔන්න වීරවන්ස හරි රනවක හරි කලා නම් ප්‍රශ්නයක් නැත ).


නමුත්......

මේ සියලු බයිලා අතහැර දමා කිවයුතු සත්‍යයක් ඇත.  මට මොවුන් විරුවන් බවය. සියල්ලට බයේ පුටු උඩට වී ප්‍රොක්සි හරහා ලොග් වී විවේක වෙලාවට විරෝධය පල කරන අපට වඩා කොන්දක් ඇති උන් බවය. සමාජය රැකී ඇත්තේ මොවුන් වැන්නවුන් නිසාය. අප මිනිසුන් යැයි හැගෙන්නේ මේ මිනිසුන් නිසාය. මම මොවුන්ට ගරු කරමි. ආචාර කරමි. මේ ආවේගයට, මේ එඩිතරකමට නමස්කාර කරමි.
( ඡායාරූප උපුටා ගැනීම: ලන්කා ටෲත්)

Wednesday, February 10, 2010

විජය කුලේ අපි.......

රටේ සියල්ල සැක කල පරිදි පසුපසට ඇදෙමින් තිබේ. නැතහොත් ඇද දමමින් තිබේ. කුමන විදිහකින් හෝ ලබාගත් ජනපතිවරණ ජයග්‍රහණයෙන් පසු, ආන්ඩුවේ සියල්ලෝ ලිහා දැමූ බලු රෑනක් මෙන් උඩුබුරුලමින් දුටු අත හපා කමින් සිය හැකියාව පෙන්වමින් සිටිති.

ජෙනරාල් ෆොන්සේකා පැහැරගෙන යෑම මෙහි කූට ප්‍රාප්තිය යැයි නොසිතමි. රජයේ අරමුණ තමන්ට එරෙහිව ඇති සියලු බලවේග නිහඩ කිරීමයි. ප්‍රජාතන්ත්‍රවාදී වන හෝ නොවන සියලු බලවේග ප්‍රජාතන්ත්‍රවිරෝධී ලෙස මර්ධනය කර දැමීමයි.

නාමල් කුමාරයා කියූ පරිදිම මෙය ඔවුන්ගේ නව නිදහස් අරගලය විය හැක. සිය පවුල හා බත් බැලයන් රැකගැනීම උදෙසා කෙරෙන්නාවූ ව්‍යාපෘතියේ දෙවෙනි අදියර වියහැක. ඔවුන් මේ මෙහෙයුම කරනුයේ ත්‍රස්තවිරෝදී සටනේදී යොදාගත් සියලු තුරුම්පු එලෙසින්ම යොදාගන වීම තව තවත් උත්ප්‍රාසය දනවයි.

කෙහෙලිය කිසිදු හිරිකිතයක් නැතිව ෆොන්සේකා යනු මහා ත්‍රස්තවාදියකු මෙන් සලකමින් ප්‍රභාකරන්ට එරෙහිව දියත් කල ආකාරයේ මාධ්‍ය සන්දර්ශන අරඹා ඇත. බෝගොල්ලාගම මේ සම්බන්දයෙන් විදේශයන් බැලන්ස් කිරීමේ කාර්යයට අත්ගසා ඇත. දැන් සියල්ල සෙට්ය. තම රැලට එරෙහිව ගිය තම කාඩරයාට එරෙහිව රාජපක්ෂ මාෆියාව මරණ වරෙන්තුව නිකුත් කර ඇත.

නමුත් මට දුක මේ රටේ වෙසෙනා ඇතැම් කාලකන්නි මිනිසුන් ගැනය. උන්ට ෆොන්සේකා පැහැරගැනීම මාර චූන් එකකි. ඔහුට බල්ලකුට මෙන් සල්කමින් පහරදී ඇදගෙන යෑම වීර ක්‍රියාවකි. උන්ගේ මහලොකු රට වෙනුවෙන් රාජකාරියේ යෙදී සිටියදී මැරෙන්නට ගොස් ගොඩ ආ, එහෙත් එහි අතුරුඵල ලෙස විදින රෝගාබාධයන්ට ඇවැසි ඔසු පවා නොදී සගවාගෙන සිටීම හොද වැඩකි.

සිය මහරජානණ්ට එරෙහිව ගිය හෙයින් ඔහු එල්ලා දැමුවද ඉතින් කම් නැත.

මම රාජපකෂලාට හෙන ගහපිය කියා සාප නොකරමි. හෙන ගැසිය යුත්තේ උන්ට නොව උන්ට මෙලෙස හැසිරීමට ඉඩදී හුරේ දමනා මේ රටේ උන්ටය.

එක් අතකින් තමාට ප්‍රාණ සමව පෙම්කල කුවේණිය පලවා හැරි හොරෙකුගෙන් පැවත එන ජාතියකින් මීට වඩා කුමක් පතන්නද?

රජතුමනි ඉක්මනින් මේ ෆොන්සේකා නාට්‍යය ඉවරකරනු මැනවි. මන්ද ඔබතුමා ඇතුලු පිරිස මේ අමන හැතිකරයට පුකේ අරිනු දැක ගැනීමේ කාලකන්නි ආසාව තවදුරටත් ඉවසාලිය නොහෙන හෙයිනි.

Sunday, January 31, 2010

සරත් ෆොන්සේකා වැඩ අල්ලයි...

ජනාධිපතිවරනයෙන් කුජීතු වන්නට පැරදුනු විශ්‍රාමික හමුදා නිලධාරියා නොහොත් SF හෙවත් සිම්පල් ෆන් එකට ප්‍රභාකරන් මරා දැමූ පුද්ගලයා රට ආපස්සට හැරවීමේ ක්‍රියාවලිය සදහා යලි වැඩ අල්ලා ඇති බව වගකීමෙන් යුතුව කියා සිටිමි. මෙහි ඇති භයානකම තත්වය වන්නේ නාදුනන කන්ඩායම් පමණක් නොව රහස් පොලිසිය, උසාවිය හා හමුදා නිලධාරීන් මෙන්ම රජයේ තනතුරු දරණ දේශපාලකයන්ද මෙහිදී ඔහුට සෘජුව හෝ වක්‍රව සහය දෙන බව පෙනී යෑමයි.

මෙහි මුල් පියවර ලෙස ඔහු ඇතුලු පිරිස රජය සමග එකග නොවන මාධ්‍යයන් හා මාධ්‍යවේදීන් දඩයමක් අරඹා ඇත.මෙයින් ඔහු අදහස් කරනුයේ රජය දේශීයව මෙන්ම ජාත්‍යන්තරවද අපහසුතාවයට පත්කිරීම විය හැක. එම නිසා මෙබදු කුමන්ත්‍රණකාරයන් හෙලිකිරීම හා ඔවුන්ව අල්ලා හම ගැසීමට රජය නොපමාව කටයුතු කරනු ඇතැයි යන්න අපගේ විශ්වාසයයි.

මේ අසික්කිත කුමන්ත්‍රණය ෆොන්සේකා විසින්ම කරනු ලබන බව අපට සහතික කොට කිව හැක්කේ අතිගරු ආරක්ෂක ලේකම් තුමාම වරක් කියූ පරිදි ෆොන්සේකා හමුදාපතිධුරය දරද්දීද මෙබදු කුප්‍රකට ක්‍රියා රාශියක් සිදුකර ඇති හෙයිනි.එකල සිදුවූ සිදුවීම් හා මෙකල සිදුවන සිදුවීම වල සමානබව මේ කෙරෙහි ඇති ෆොන්සේකාගේ සම්බන්දය මොනවට පැහැදිලි කරයි.

උදා: ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගියේ සුදු වෑන් රථයකිනි.

ඒ අතර නාදුනන අවිගත් පිරිසක් ලන්කාඊනිව්ස් කාර්යාලයට ඉබි යතුරු දමාවසා ඇත. අනිවාර්යයෙන්ම මේ ෆොන්සේකා විසින් තනාගත් හමුදාවක් විය යුතුය. ඔවුන් මර්ධනය කිරීමට වහා පියවර ගත යුතුය. නමුත් බරපතලම සිද්දිය වන්නේ රහස් පොලීසියද මේ අනුව යමින් ලන්කා පුවත්පතට සීල් තැබීමයි. මෙය ෆොන්සේකාට හිතවත් නිලධාරීන් තවමත් ඒ තුල සිටින බවට ප්‍රබල සාක්ෂියකි.

ෆොන්සේකා කෙතරම් ජාතිද්‍රෝහී හා වයිරී ආකාරයෙන් කටයුතු කරන්නේද යත් ඇතැම් විට සිය ජීවිතයට හානි පමුනුවාගෙන එහි වරද මේ කශේරුවක් ඇති ජනමූල ආන්ඩුව මත පැටවීමටද ඉඩ නැතුවා නොවේ.

එමනිසා මේ රටට ආදරය කරන රට පිලිබදව කැක්කුමක් ඇති සියලු සිවිල් චරිත වලින් ඉල්ලා සිටින්නේ මෙම දේශද්‍රෝහී කුමන්ත්‍රණයට එරෙහිව යලිත් පෙල ගැසෙන ලෙසය. ඇතැමුන් එය කඩේ යෑමක් ලෙස අර්ථ දැක්විය හැකි වුවද, කඩේ යෑම මොනතරම් ආඩම්බරයට හේතුවක් දැයි ඔබ දැනටමත් පෙන්වා ඇති හෙයින් එය ගැටලුවක් නොවන බව මගේ හැගීමයි.

අවසාන වශයෙන් මේ දේශ්ද්‍රෝහී ෆොන්සේකාට චන්දය දුන් උන්ට කීමට දෙයක් ඇත. "තොපිට සුභ අනාගතයක්...........!"