Wednesday, February 10, 2010

විජය කුලේ අපි.......

රටේ සියල්ල සැක කල පරිදි පසුපසට ඇදෙමින් තිබේ. නැතහොත් ඇද දමමින් තිබේ. කුමන විදිහකින් හෝ ලබාගත් ජනපතිවරණ ජයග්‍රහණයෙන් පසු, ආන්ඩුවේ සියල්ලෝ ලිහා දැමූ බලු රෑනක් මෙන් උඩුබුරුලමින් දුටු අත හපා කමින් සිය හැකියාව පෙන්වමින් සිටිති.

ජෙනරාල් ෆොන්සේකා පැහැරගෙන යෑම මෙහි කූට ප්‍රාප්තිය යැයි නොසිතමි. රජයේ අරමුණ තමන්ට එරෙහිව ඇති සියලු බලවේග නිහඩ කිරීමයි. ප්‍රජාතන්ත්‍රවාදී වන හෝ නොවන සියලු බලවේග ප්‍රජාතන්ත්‍රවිරෝධී ලෙස මර්ධනය කර දැමීමයි.

නාමල් කුමාරයා කියූ පරිදිම මෙය ඔවුන්ගේ නව නිදහස් අරගලය විය හැක. සිය පවුල හා බත් බැලයන් රැකගැනීම උදෙසා කෙරෙන්නාවූ ව්‍යාපෘතියේ දෙවෙනි අදියර වියහැක. ඔවුන් මේ මෙහෙයුම කරනුයේ ත්‍රස්තවිරෝදී සටනේදී යොදාගත් සියලු තුරුම්පු එලෙසින්ම යොදාගන වීම තව තවත් උත්ප්‍රාසය දනවයි.

කෙහෙලිය කිසිදු හිරිකිතයක් නැතිව ෆොන්සේකා යනු මහා ත්‍රස්තවාදියකු මෙන් සලකමින් ප්‍රභාකරන්ට එරෙහිව දියත් කල ආකාරයේ මාධ්‍ය සන්දර්ශන අරඹා ඇත. බෝගොල්ලාගම මේ සම්බන්දයෙන් විදේශයන් බැලන්ස් කිරීමේ කාර්යයට අත්ගසා ඇත. දැන් සියල්ල සෙට්ය. තම රැලට එරෙහිව ගිය තම කාඩරයාට එරෙහිව රාජපක්ෂ මාෆියාව මරණ වරෙන්තුව නිකුත් කර ඇත.

නමුත් මට දුක මේ රටේ වෙසෙනා ඇතැම් කාලකන්නි මිනිසුන් ගැනය. උන්ට ෆොන්සේකා පැහැරගැනීම මාර චූන් එකකි. ඔහුට බල්ලකුට මෙන් සල්කමින් පහරදී ඇදගෙන යෑම වීර ක්‍රියාවකි. උන්ගේ මහලොකු රට වෙනුවෙන් රාජකාරියේ යෙදී සිටියදී මැරෙන්නට ගොස් ගොඩ ආ, එහෙත් එහි අතුරුඵල ලෙස විදින රෝගාබාධයන්ට ඇවැසි ඔසු පවා නොදී සගවාගෙන සිටීම හොද වැඩකි.

සිය මහරජානණ්ට එරෙහිව ගිය හෙයින් ඔහු එල්ලා දැමුවද ඉතින් කම් නැත.

මම රාජපකෂලාට හෙන ගහපිය කියා සාප නොකරමි. හෙන ගැසිය යුත්තේ උන්ට නොව උන්ට මෙලෙස හැසිරීමට ඉඩදී හුරේ දමනා මේ රටේ උන්ටය.

එක් අතකින් තමාට ප්‍රාණ සමව පෙම්කල කුවේණිය පලවා හැරි හොරෙකුගෙන් පැවත එන ජාතියකින් මීට වඩා කුමක් පතන්නද?

රජතුමනි ඉක්මනින් මේ ෆොන්සේකා නාට්‍යය ඉවරකරනු මැනවි. මන්ද ඔබතුමා ඇතුලු පිරිස මේ අමන හැතිකරයට පුකේ අරිනු දැක ගැනීමේ කාලකන්නි ආසාව තවදුරටත් ඉවසාලිය නොහෙන හෙයිනි.

1 comment:

  1. අමන මානසිකත්වයකින් යුතු මිනිසුන් ජීවත්වන රටක් කාළකණ්නි වීම නොවැලැක්විය හැක්කකි. ප්‍රජාතන්ත්‍රවාදයේ හෝ නිදහස පිලිබඳව අවම තරමේ අවබෝධයක් නැති, හුදෙක් ඒවා වචන මාත්‍ර ලෙස පමණක් ගන්නා ජාතියකට ගැලපෙන්නේ මෙවන් වැඩවසම් පාලක තන්ත්‍රයකි. අද ෆොන්සේකාට කෙලවීම ගැන රතිඤ්ඤා පත්තු කරමින් සතුටු වන මිනිසුන් හෙට තමන් වෙතට මර්ධනයේ දෑත් යොමුවන කල මහින්දට ශාප කරනු දකින්නට අපට හැකිවනු ඇත. ආත්මාර්තය ජීවන දහම වී ඇති මිනිසුන්ට පාඩම් ඉගෙන ගන්නට ලැබෙන්නේ තමන්ට එල්ල වන තර්ජනයේ පරිමාවට අනුවය.

    ReplyDelete