Monday, August 9, 2010

මේ රජයේ දූරදර්ශී ක්‍රියාපිලිවෙල මට මඟ පෙන්වූවා.... සක්විති රණසිංහ

විදේශ ඒජන්තයන්ගේ කුමන්ත්‍රණ හා දේශද්‍රෝහී ශ්‍රී ලාංකිකයන් කිහිප දෙනෙකු විසින් නොමඟ යැවුණු, ඒ හේතුවෙන්ම සිය රටද අතහැර දැමීමට තරම් අවාසනාවන්ත වූ තමන් මේ රජයේ යහපත් හා දූර දර්ශීක්‍රියා පිළිවෙත පිළිබඳ විශ්වාසයක් ඇතිවූ හෙයින් යලි මෙරටට පැමිණි බව චන්දන වීරකුමාර හෙවත් සක්විති රණසිංහ මහතා අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.

 මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා: " ඇත්තටම ජනාධිපතිතුමා වරක් පැවසූ පරිදිම මේ රට දැන් අපිට සතුටින් ආපසු පැමිණිය හැකි තැනක් බවට පත්වෙලා ඉවරයි. ඒ බවට කුමරන් පද්මනාදන් (K.P.) මහතා, මා හා ඉදිරියේදී අපත් සමඟ එකතු වීමට සූදානම්ව සිටින රුද්‍රකුමාරන් වැනි අයගේ ආගමනයන් හොඳ උදාහරණ වෙනවා" 

" මං ජනාධිපතිතුමාව විශ්වාසකරන් හිටියත් මාව ආරක්ෂක ලේකම් තුමා ලඟට මුලින්ම එක්කන් ගිය නිසා මට තරමක බයක් දැනුණා. නමුත් ඒ නිවසට ඇතුල්වනවිටම තිබූ බුදු පිළිමය දුටුවිට මගේ සියළු බය මා ලඟ ආයෝජනය කල අයගේ මුදල් මෙන් නැතිවී ගියා" සක්විති මහතා එසේ කියන විට එතුමන්ගේ මුහුණේ ඇඳී තිබුණු පහන් සංවේගය අපට කථා දහසක් කියා පෑවේය.

මෙම මාධ්‍ය සාකච්ඡාවට සහභාගිවෙමින් මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් කෙහෙළිය රඹුක්වැල්ල මහතා, " කවුද කියන්නෙ සක්විති මැතිතුමාව අත් අඩංගුවට ගත්තා කියලා? එතුමා අප පිළිබඳව විශ්වාසයෙන් ඇවිත් තමන් විසින්ම අත්අඩංගුවට පත්වුණා. ඒක එහෙම වුනේනැහැ කියල කවුරුහරි කියනවනම් මම දැන් මේ ඇමති දුරයෙන් අස්වෙන්න සූදානම්" යනුවෙන් විවෘත අභියෝගයක්ද කලේය.

මීට අමතරව රජයේ උසස් ප්‍රධානීන් කිහිප පොලක් හා කෙරුණු සංවේදී සාකච්ඡා කිහිපයකට පසු සක්විති මැතිතුමා සිය දක්ෂතාවයන් රටේ අභිවෘද්ධිය උදෙසා යෙදවීමට අපේක්ෂා කරන බවද, එතුමා මෙන්ම සිය දැනුම හා බුද්ධිය රටේ දියුණුව හා අභිවෘද්ධිය සඳහා යෙදවීමට සතුටු පිටරටවල වෙසෙන වරෙන්තුකාර බුද්ධිමතුන් රාශියක් මේ වනවිට රජය හා එක්වීමට සූදානමින් සිටින බවද, මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවේදී වැඩිදුරටත් අනාවරණය කෙරිණි.

පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන් විසින් පිරිත් නූල් දෙකක් ( එකක් කේ.පී මහතාගේ ගැටගැසීමට නොහැකි වූ එකය) ගැටගැසීම හා ගුණදාස අමරසේකර මහතා සිය නවකථාවල චරිත ඇසුරින් සක්විති මහතාගේ සාර්ථකත්වයේ ගමන ගැන කල විග්‍රහය කාගේත් ඇසට තුටු කඳුළු නැංවූ අවස්ථා විණි.


 ප.ලි.: 
" එතකොට සරත් ෆොන්සේකාව ඔය විදිහටම රටේ අභිවෘද්ධියට යොදාගන්න බැරිද? "
 " කවුද සරත් ෆොන්සේකා?" ප්‍රවෘත්ති සාකච්ඡාවට සහභාගිවී සිටි සියළු මාධ්‍යවේදීන් එම ප්‍රශ්නය ඇසූ පොඩි එකාගෙන් එකවරම ඇසූහ. 

8 comments:

  1. අපරාදෙ... ඔය සාකච්ඡාවෙ සූරියප්පෙරුම හිටියනං......

    ReplyDelete
  2. තමන්ගෙ මූල්‍ය ආයතනයේ මුදල් තැන්පත් කිරීම නිසා අවතැන්වූ පිරිස් මුනගැසීමට ගුවන් හමුදා හෙලිකොට්ටරයක් යොදාගෙන රටපුරා සංචාරය කිරීමටත් එතුමා බලාපොරොත්තු වෙනවලු

    ReplyDelete
  3. හික් හික්!! සිරාවට සූරියප්පෙරුමත් හිටියනං මරු.....

    ReplyDelete
  4. " මං ජනාධිපතිතුමාව විශ්වාසකරන් හිටියත් මාව ආරක්ෂක ලේකම් තුමා ලඟට මුලින්ම එක්කන් ගිය නිසා මට තරමක බයක් දැනුණා. නමුත් ඒ නිවසට ඇතුල්වනවිටම තිබූ බුදු පිළිමය දුටුවිට මගේ සියළු බය මා ලඟ ආයෝජනය කල අයගේ මුදල් මෙන් නැතිවී ගියා"
    සුපිරි සුපිරි...!!!! :D

    ReplyDelete
  5. මචං මං මේක ඉස්සුවේ මහින්ද ඉලේපෙරුමගෙ මේසෙ උඩ තිබිලා. ඉතින් පොරට සූරියප්පෙරුමවයි, ජැක්සොන්වයි දාන්න අමතක වෙලාද නැත්නම් තමන්ගෙ ආගිය කථා වලට දැඩි තරඟයක් දෙන දෙන්නෙක් නිසා කැමැත්තෙන්ම හැලුවද දන්නෙ නෑ.

    ReplyDelete
  6. මාධ්‍ය සාකච්ඡාව සදහා සහභාගී වූ අතුරළියේ රතන හිමි පැවසූවේ "මගේ ඩොලර් දාහටත් කෙළිය එකේ" සියළු සංස්කාර ධර්මයෝ අනිත්‍යය බවය. එම නිසා සක්විතිගේ තැන්පත්කරැවෝ සියල්ල උපේක්ෂා සහගතව විදදරා ගත යුතු බවද අවධාරණය කර සිටියහ. එමෙන්ම "වැරදි කිරීම මිනිස් ගතියක් බවද සමාව දීම රජතුමාගේ වගකීම බවද" උන්වහන්සේ වැඩිදුරටත් පවසා සිටියහ. අනිත්‍ය මෙනෙහි කර නිවන් දකින්නට අවශ්‍ය නම් හෙළ උරුමයේ "සදහම් සෙවනට" ගොඩ වෙන්නට බාධාවක් නැති බවද පැවසීය.

    ReplyDelete
  7. මේක නම් maxxa එකක් ...

    බලන්නකො ඉතින් සක්විතිල වගේ අය මේ රටට කොච්චර ආදර්ශයක්ද ... මෙතුමල වගේ 10 දෙනෙක් හිටියනම් මේ රට අද දිව්‍යලෝකයක් ... මේ සිරස්තලය ඔබ වෙත ගෙන එන්නේ හඩ්සන් සමරසිංහ මෙහෙයවන පුවත්පත් සිරස්තල දසදෙසින් තුළිනි.

    ReplyDelete
  8. කාවද කවුද මෙ රවට්ටන්නෙ..
    හයියෙන් හිනාවෙන්නද... හිමින් අඬන්නද... තරහයෙන් කැගහන්ද කියලා හිතා ගන්න බැහැ...

    වෙන්න බැහැ මෙක ඔයා හිතලා කිව්ව එකක්.. එක්කො මෙරටෙ බහුතරයක් තණකොල කන අය, නැත්තම් අපිට පිස්සු ඔයදෙකෙන් එකක් තමයි වෙන්න පුළුවන්.

    ReplyDelete