Friday, August 13, 2010

දෙවියන් එහෙමය..... තෙරුම් ගන්ට අමාරුය..... පරෙස්සම් වෙන්න ඕනෑය........






අයියා..... මැරවියව අස්කොරලලු නේද?
( ආඩම්බරයෙන් ඇස් මඳක් නටවමින්) හික් හික් දැක්කනේ මල්ලි. අපේතුමා හරිම සාධාරණයි. තමන්ගෙ බලු කුක්කටවත් ජනතාව පෙලන්න දෙන්නෙ නෑ. ඔයාල මොනා කිව්වත් රජතුමා තමයි මහා සම්මත රජ්ජුරුවන්ට පස්සෙ බිහිවුණු සාධාරණම රජතුමා. අනේ වාසනාවන්.
ඒත් අයියා අර එක පාරක් මැරවින්ගෙ පුතා කාටදො ගහපු වෙලාවෙ, ඇන්ට්‍රිය ලියාගත්තැයි කියල ඕ අයි සීට කුණුහරුපෙන් බැනල, මිනිහව මාරු කරල දැම්මෙත් මෙතුමම නේද?
( මඳක් කෝපවෙමින්) ඉතින් හරිනෙ මල්ලි. පොලීසියෙ උන් මොකටද නීතිය අතට ගන්න ගියෙ. උන්ට තියෙන්නෙ කියන වැඩේ කරල බටා එක අරන් ගෙදර යන්නනෙ. අනිත් එක රජතුමා ගන්න ඕන තීරණයක්නෙ ඌ අරන් තියෙන්නෙ. ඔය ඕ අයි සී කාරය හරි මිනිහෙක් නම් මිනිහට තිබුණ අපෙ උඩු රැවුල් යුව රජතුමාට කථා කරල නීතිය කරන හැටි ගැන උපදෙස් ගන්න. මෝඩ හරක් මල්ලි.

අයියා එතකොට කේ. පී. ?
( වටපිට බලමින්, හඬ පාත්කර) ෂ්...ෂ්...ෂ්... පිස්සුද මල්ලි. එහෙම කෙනෙක් දැන් නෑනෙ. දැන් ඉන්නෙ පත්මනාදන් මැතිතුමා. ඔයා ඔහොම කියල වැදගත් මිනිස්සුන්ට අපහාස කරන්න එපා.
( ශ්‍රද්ධාවෙන්, බණ කියන සුදු සාදු කෙනෙකුගේ සෙයියාවෙන්) එතුම ඔය නොදන්න කමට පොඩි පොඩි වැරදි ටිකක් කොරල තියෙනව තමයි. අනිත් එක එතුම මොනතරම් ආයුධ මිලට අරන් දුන්නත් එක වෙඩිල්ලක් තියල නෑනෙ. ඉතින් එතුම පව් කොරල නෑ. 
 ඉතින් අයිය එතකොට අර ද්වාරකා ළමය?
 ( අවඥාවෙන්) චැහ්... මල්ලිටත් තියෙන්නෙ බොහොම පහත් රසඥතාවයක්නෙ. වැඩක් නෑ මල්ලි. අතේ සතෙයක් නැති උන්. අඩු තරමින් නෑයෙක්වත් පිටරට යවල තියපං. මොන....! අල්ලල දාන්ඩ මල්ලි. මහ අපරාධකාරියක්.

අයිය ඊයෙ ගාල්ලෙ මාර සීන් එක නේද? පෙලපාලි ගියා කියල කට්ටියට ගහල. හිරෙත් දාලලු නේද?
( දැඩි කෝපයෙන්) ඇත්තනෙ. දේශද්‍රෝහී පරයො! උන් ටිකත් අරුත් එක්කම එල්ලන්නයි වටින්නෙ.  (මඳක් සංසුන්ව) අනිත් එක අන්න සාධාරණ පොලිස්කාරයො, නීතිය කැඩෙන්නෙ කොතනද, දෙක තුනක් ඇනල නීතිය කියල දෙනව. පොලිසිය තියෙන්නෙ නීතිය රකින්නනෙ මල්ලි. අපේ රජතුමාට ඔය හැම එකටම මැදිහත් වෙන්න පුළුවනෑ.
එතකොට අයියෙ උපවාසවංශගෙ දෙක හමාරෙ එක වෙලාවෙ කට්ටියම කිව්වෙ " මේකෙ සාධාරණ විරෝධතාවලට ඉඩ තියෙන රටක්ය" කියල?
(සාවධානව. ගැඹුරු ස්වරයෙන්) එහෙම තමයි මල්ලි. සාධාරණේ අසාධාරණේ, යුක්තිය අයුක්තිය වගේ දේවල් තීරණය කරන්න මල්ලි කවුද මං කවුද? ඒවා ඒ උත්තමයො බලාගනීවි. දෙවිවරු වගේ කට්ටියනෙ මල්ලි. තේරුම් ගන්න අමාරුයි. 
දැන් දෙයියන්ගෙ පිහිටෙන් අපිට තියෙන්නෙ, අල්ලපු ගෙදර එකාගෙ ඇට මිරිකල හරි කීයක් හරි හොයාගෙන ජීවත්වෙන්න.

ඒත් අයියෙ ඔය දෙවිවරු හැදුවෙ අපි ඔයාලමනෙ?
( අමතරෙන් මවාගත් රාජපක්ෂ ටයිප් සිනාවක් සමඟ) 
මල්ලි අහල තියෙනවද මල්ලි එක්නැලිගොඩ කියල හාදයෙක් ගැන?
ඡායාරූපය: http://www.aforismario.it/ateosofia/elenco-divinita.htm

5 comments:

  1. දෙවියන් පයනොගහන තැන මෝඩයින් පිනුම් ගහනවායයි කතාවක් ඇත. මේ දෙවිවරු අසුර දෙවිවරුන් යයි මට සිතේ. මක් නිසාද යත් මේ දෙවිවරු, මෝඩයින් පමණක් නොව ප්‍රේත පිසාචාදීන්ද පය නොගහන තැන්වල බ්‍රේක්-ඩාන්ස් දමන නිසාවෙනි.

    ReplyDelete
  2. ඇත්තටම මුංව පෙරේත ලෝකෙට, නරකාදියටවත් භාර ගනියිද? ඊටත් එහා තැනක් තියෙන්න ඕනි.

    ReplyDelete
  3. ෂහ්... එහෙනං මල්ලිත් ලොකු අයියල එක්ක ආස්සරේ ආ...?

    ReplyDelete
  4. ආසියාවෙ ආශ්චර්යය නොවැ.

    ReplyDelete
  5. @ charmi: පිස්සා කිව්වත් වගේ ආශ්චර්යය නොවැ අයියා. කසිප්පු විකුණපු එවුණුත් අයියලා වෙන්නෙ ඒකනෙ.

    ReplyDelete