Friday, September 17, 2010

යූ ටියුබ් යා නොහැක.. කෘතගුණවේදී ජනතාවනි, කිල්ල හා වම්බ ලොක් කිරීම මඟ එන්නේය...!

අද උදෑසන සිට යූ ටියුබ් වෙබ් අඩවියට සාමාන්‍ය ආකාරයෙන් පිවිසීම කල නොහැක. මගේ දේශද්‍රෝහී මනසට තේරෙන ආකාරයට මෙයද ආසියාවේ ආශ්චර්යයවත් සුචරිතවාදී සමාජයක් කරා යන ගමනේ එක් පියවරක් විය යුතුය. කිසිදු හේතු දැකවීමක් නැතිව ( සමාවන්න, රජවරුන් හා ඇමතියන් යටත් වැසියන්ට හේතු දක්වන්නේ නැති බවද හේතු දක්වන අන්දරේලාගේ හේතු අපට පලක් නැතිවීමද අමතක විණි) වෙබ් අඩවි අගුළු ලෑ පළමු වතාව මෙය නොවේ.

 සමාජය සුචරිතවත් කිරීමට යැයි විකාර කථා කියමින් නිදහසේ තොරතුරු ලබා දෙන මූලාශ්‍රයන් වසා දැමීම මෙ​ම අමන (හා කපටි) ක්‍රියාවේ අරමුණ විය හැක. මේ පඬියන් නොකියන දෙය වන්නේ යූ ටියුබ් වැනි අඩවියක අඩංගු දැනුම් සම්භාරය කොතෙක්ද යන්න හා එය කිසිසේත්ම අසභ්‍ය වෙබ් අඩවියක් නොවන බවයි. කෙසේ වෙතත් දැන් එය බ්ලොක්ය. නමුත් සාමාන්‍ය ගූග්ල් සෙවුමකින් ඔබට ඇති තරම් අසැබි දසුන් නැරඹිය හැක. ආශ්චර්යය එයයි.

අප මෙබඳු දෑ පිළිබඳව පිළිබඳව ඉඟි කරන විට අප පතුරු ගසමින් කමෙන්ට් දමන අතර යූ ටියුබයෙන් උස්සා ගත් වීඩියෝවලින් තම බ්ලොග් සටහන් පිරවූ සහ " හරී ෂෝයි" කියමින් ඔවුන් දිරිගැන්වූ, අනතුරුව පෙරළි පෙරළි ගොස් නරි රැලක් සිය පාලනය සඳහා තෝරාගත් නෝනාවරුනි මහත්වරුනි, දිනූ දේශය වඩා සුචරිතවත් කිරීම සඳහා පහත උපාංගයන්ද රජය විසින්දැනට ඇනවුම් කර ඇත.


දැනට මේවා හැඳින්වීම සඳහා සම්මත සිංහල නමක් නැති අතර නමක් තෝරා ගැනීම සඳහා තරඟයක් පැවැත්වීමටද ශෘ.ක.පා. කොමිසම අදහස් කරයි. 

කෙසේ වෙතත් වඩා වැදගත් ප්‍රවෘත්තිය වන්නේ සිය ඇඹේණියගේ උපකරණය වෙනුවෙන් පුරුෂයාද, පුරුෂයාගේ උපකරණය වෙනුවෙන් බිරිඳද මුදල් ගෙවිය යුතුවීම හා ආර්ථික අපහසුතා ඇති අයට සහන ගෙවීමේ ක්‍රමයක්ද හඳුන්වා දී තිබීමයි.

සිය යටත් වැසියන් වඩා සදාචාර සම්පන්න කිරීමේ මහඟු කර්තව්‍යය උදෙසා මෙවන් යෝජනා ගෙන ඒම අප උතුමාණන් විසින් තරයේ ඇගයීමට ලක්කර ඇති අතර, ඒ සඳහා සිය පෟද්ගලික කැපවීම දැක්වීමේ පරම පවිත්‍ර චේතනාවෙන් මෙම ක්‍රියාවලිය එතුමන් විසින් පෞද්ගලිකව අධීක්ෂණය කිරීමටද තීරණය කර ඇත.
ඒ අනුව සියළු වම්බ ලොක් අයිටමයන්ගේ යතුරු එතුමා හා ලොකු කුමාරයා භාරයේද කිල්ල ලොක් අයිටමයන්ගේ යතුරු එතුමා සමඟ තේ බිවූ එකා භාරයේද තිබෙණු ඇත.


26 comments:

  1. ඇයි මේ වගේ එව්වා දාන්නෙ? මේ හොඳට යූ-ටියුබ් වැඩ කරන්නෙ.
    මොකක් හරි අන්තර්ජාල ප්‍රොබ්ලම් එකක් තියෙන්න ඇති මිත්‍රයා..
    පොඩ්ඩක් හොයල බලල පොස්ට් දැම්ම නම් නේද හොඳ....?

    :)

    ReplyDelete
  2. It is working properly. Don't lie men

    ReplyDelete
  3. youtube වැඩ බන්.සයිකො පෝස්ට් දාන්න එපා

    ReplyDelete
  4. thamunta waathayak giyath ekata anduwawath, vipakshewath pali na machan. so think positively and becareful on what you write.

    ReplyDelete
  5. මචෝ...යූ ටියුබ් වැඩනෙ.පොඩ්ඩක් හොයලා බලන්න..මීට වඩා වගකීමකින් කටයුතු කරන්න.

    ReplyDelete
  6. hak hak youtube weda ban :D kaatada kade yannee :P

    ReplyDelete
  7. සියළු ඈනියන්ට:
    ඈත්ත දැන් වැඩ. මගෙ අන්තර්ජාලෙ ගැටළුවක් නම් උදේ 7.30ත් 8.00ත් අතර සාමාන්‍ය විදිහට යූ ටියුබ් නොයන්නත්, ප්‍රොක්සියක් හරහා යූ ටියුබ් යන්න පුළුවන් වෙන්නත් හේතුව, මගේ කොම්පියුටරෙත් දේශද්‍රෝහී හරි සයිකො හරි වීමද දන්නෙ නැහැ.

    @රොෂාන් එරංග: ස්තූතියි මචං. ඈත්තටම උදේ යූ ටියුබ් වැඩ කලේ නැහැ.

    ReplyDelete
  8. මචන්, ඩයනමික් අයිපි තියෙන අපේ රටේ උබට විතරක් යුටියුබ් බ්‍රවුස් කරන්න බැරිවෙන්න ඉතින් උබේ මැශිමටම රින්ගන්න ඕනේ. හැබැයි ඉතින් එහෙම එකා උබට ප්‍රොසියකින් යන්න දෙන එක බොහොම අහබු වැඩක්. :)
    කොහොමහරි උබට පැයබාගයක් යුටියුබ් යන්න බැරිවෙච්චි එකට මේවගේ ලිපියක් ලියපු එක වැරදියි. හැම මගුලකටම ආන්ඩුවට බනින එකවගේම.

    මේක ලියන්න කලින් පොඩ්ඩක් යාලු මිත්තරයෙක් දෙන්නෙක් එක්ක හොයලා බැලුවානම් හොද්යි නේද

    ReplyDelete
  9. This guy must a certain mental problem. It must be something like governtmentphobia. What ever happens he just blame the government. This article is a typical example for this. Even if he gets diarrhea or if his wife gets pregnant he will surely publish an article in this manner. You are a shame for journalism and bloggers

    ReplyDelete
  10. මචං ප්‍රොසියකින් internet යන්නේ කොහොමද? කියල දියන්කො PLZ

    ReplyDelete
  11. කොමෙන්ට් කපන්නේ බයටද?

    ReplyDelete
  12. @ last any: I never cut comments. Even I didn't moderate comments.

    @ අච්‍චා : මචං මං දෙකකින් ට්‍රයි කලා.
    www.unrestrictedsurf.net/
    www.ninjacloak.com

    @පළගැටියා : Thanks for the comment. Let's wait.

    @ Grey: For your information, I know what is DIP and how it works. I am not stupid to mention that if I didn't experienced it. මචං හොරා ඉස්සෙල්ල දාන්නෙ මුට්ටිය. අපි බලං ඉමු. කොහොමත් ස්තූතියි මේ පැත්තෙ ආවට.
    මං ලියපු දේ මේ මොහොතට අදාල නොවුනත් ලගදිම අදාල වේවි. එදාට අපි මේ ලියමන review කරමු.

    ReplyDelete
  13. මේ ගොන්නාන්සෙ, තමුන්නැහේගෙ කතාව නිකම් youtube යන්න බැරිවෙලා කෝටි ගානක පාඩුවක් වෙලා වගේ නෙ. මෙච්චර කලබල වෙන්න දෙයක් නෑ ඔයවගේ සුලු දේකට. තාක්ෂණය එක්ක වැඩකරනකොට ඔයවගේ දේවල් වෙන්න පුලුවන්. තමුන්නැහේට අන්තර්ජාල සපයන ආයතනයේ DNS server එකේ කිසියම් ගැටලුවක් හෝ යම්කිසි ගැටලුවක් තිබෙන්න ඇති ඔය වගේ දෙයක් වෙන්න(තව හේතු ගණනාවක් තියෙන්න පුලුවන්). මීට පස්සෙ ඔහොම දෙයක් උනොත් DNS settings වෙනස් කරලා බලනවා. proxy වලට යන්න ඉස්සෙල්ලා. මෙහෙම හරක් වගේ කෑගහලා ගැටලු ලිහාගන්න බෑ.

    ReplyDelete
  14. යමේ ගැන සරලවම කියන්න තියෙන කතාව මේකයි.ආන්ඩුව අන්තර්ජාලය තුල වාරනයක් තියාගෙන ඉන්නවද නැද්ද?ලංකා නිව්ස් වෙබ් වලට පිවිසෙන්න බැහැ.සදාචාරමයහේතු පෙන්වලා මේ වන විට වැඩිහිටි අඩවි එකසිය ගානකට වැඩිය බ්ලොක් කරල..මාතර මුහුදු වෙරරලෙදී ගැහැනු කිහිප දෙනෙක් ඇවිදින්න ගියා කියල අල්ලගෙන ගිය ප්‍රවෘත්තියක් මම ලගදි දැක්ක.එක්තරා විදිහක තලෙයිබාන්කරනයක් රටේ තියෙනවෆේස්බුක් වලින් සමාජ හානියක් වෙනව කියල ලොකු කසුකුසුවකුත් මේ අතර යනව.මේ සේරම දේවලින් අන්තර්ජාලය සදාචාරමය ලේබලයය තුල වාරනය කිරීමට ආන්ඩුව සූදානම්,ඒ සදහා දැනටමත් පියවර අරගෙන තියන පරිසරයකයි අපි ඉන්නෙ.එහෙම තත්වවෙකදී වෙන ගැටලුවක් නිසා අඩවියකට පිවිසෙන්නන බැරි වුනාමත් ඒකතත් වාරනයක්ද කියල සැක හිතෙන එක අසාධාරන නැහැ.ලියුම්කරු මේ ගැන තව අයගෙන් අහල විමසසලාම මේ ලිපිය පලකකලා නම් හොදයි කියන එකයි මගේ මතය.නමුත් මෙහෙම සැක මතුවෙන එක අසාධාරන නැහැ.මොකද රජය එවැනි වාරන ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම කරන නිසා.එහෙම දෙයක් නැත්නම් මේ වගේ සැකයක් ඇතිවෙන්නෙ නැහැනෙ.
    ලංකාට්රුත් ලංකා ඊ නිවුස් වගේ අඩවි වලට සම්බන්ධ වෙන්න යද්දි සමහර වෙලාවවලදී සම්බන්ධ වීමේ ගැටලු මටත් මතුවෙලා තියෙනව.ආන්ඩුවේ ප්‍රතිපත්තිය දන්න හින්ද ඒ වගේ අවස්ථාවල මේක වාරරනයක්ද කියන සැක පුද්ගලිකව මා තුල ඕනේ තරම් පහල වෙලා තියෙනව.ලියුම්කරුගේ සැකය මේ නිසා මට තේරුම් ගත හැක්කක්.

    ReplyDelete
  15. Pulasthith itin eka boattuwemane. Kattiyama jiwitha kalema Saken jiwath wena ayane. Habai oya kiyana taram bayanaka dewal kawadawath une nam na

    ReplyDelete
  16. @කණිෂ්ක දිල්ෂාන් ශ්‍රී ලාංකේය බුද්ධිමතා; "DNS settings වෙනස් කරලා බලනවා. proxy වලට යන්න ඉස්සෙල්ලා.", යූ ටියුබ් වලට විතරක් DNS settings වෙනස් කරන්නෙ කොහොමද මෙයා?

    @ පුලස්ති: ස්තූතියි අදහසට. කොහොමත් ඔයා කියනව වගේ දැන් යූ ටියුබ් යන්න පුළුවන් වුණත් මං මතුකරන කාරණය වලංගුයි.

    @Last Any: හික්ස්....., ඔහෑෑෑෑෑෑෑ.................

    ReplyDelete
  17. @ඇටමැස්සා
    you tube වලට විතරක් DNS settings වෙනස් කරන්න නෙවෙයි මම කිව්වෙ. එහෙම දෙයක් කරන්න බෑ. පරිගණකයේ DNS settings වෙනස් කරන්න ඕන. එතකොට ඔයාට Internet ලබාදෙන ආයතනයේ DNS සර්වර් එකේ ප්‍රශ්ණයක් තිබ්බොත් ඒක මගහරවාගන්න පුලුවන්.
    ගොන්නාන්සෙ කියල කිව්වෙ මම "ශ්‍රී ලාංකේය බුද්ධිමතා" කියල අහගන්න නෙවෙයි තමුන්නැහේගෙ මේ නොපනත් ක්‍රියාව ගැන සලකලයි.

    ReplyDelete
  18. @ Kaniskha Dilshan:
    කොහොමත් මට නම් තමුන්නාන්සෙ ශ්‍රී ලාංකේය බුද්ධිමතුන්ගෙ ප්‍රතිරූපයක්.
    හැබැයි එක වෙබ් අඩවියකට විතරක් සාමාන්‍ය විදිහට යන්න බැරි වීමෙයි DNS settings වලයි සම්බන්ධය මං ඉගෙන ගත්තු IT වල නම් පැහැදිලි කරන්නෙ නැහැ මහත්තයෝ.

    ReplyDelete
  19. @ඇට මැස්සා
    එක වෙබ් අඩවියකට යාමට නොහැකිවීමට DNS server වල සම්බන්දයක් තිබීම විය හැකිදෙයක් ඒක ප්‍රායෝගිකව අත්දකින්න පුලුවන් දෙයක්.එය පැහැදිලි කිරීමට මෙතන සුදුසුතැනක් නොවේ.ඒ ගැන වැඩිදුරටත් සොයා බලන්න එවිට ඔබතුමාට කරුණු කාරණා වැටහෙයි.
    you tube block කිරීමට බියවීම හුඹස් බියක් විතරයි. රජයකට එය ප්‍රායෝගිකව කරන්න අමාරුයි.

    ReplyDelete
  20. @Kanishka

    Do not just argue with Ata Massa coz he kows abt everything and he is the one who knows everything. Acording to him you a also a part of the conspiracy of the government against this great Ata massa.

    ReplyDelete
  21. @Kanishka:
    ස්තූතියි. මං DNS server ගැන සොයා බලන්නම්. වැරදීමක් වෙලා නම් මෙතැන නිවැරදි කරන්නම්.

    "you tube block කිරීමට බියවීම හුඹස් බියක් විතරයි. රජයකට එය ප්‍රායෝගිකව කරන්න අමාරුයි. "
    හප්පා... මේ ලංකාවෙ මේ ගොල්ලන්ට ප්‍රායෝගිකව කරන්න බැරි මොනවද අනේ?

    Any:
    Thanks for the understanding.

    ReplyDelete
  22. අර පිංතූරෙ දාලා තියෙන ගැජට් එක අන්දන්න ඕනෙ ඔයාලා වගේ අයට. හැබැයි ඉස්සරහ පැත්තට නෙවෙයි . අනිත් පැත්තට. ඔයාලා එන් ජී ඕ ලාට ඔයාලගෙ ඒ පැත්ත දීලා රට විනාස කරන්න දරන උත්සාහය නවත්තන්න.

    ReplyDelete
  23. @ Any: ෂ:, මාර කියමන. (ජාතියේ කියමනද මන්දා?)

    ReplyDelete
  24. Idiot is the best word for you. Even a fetus gets aborted, it's due to Mahinda according to idiot. He has no other job than bashing MR.

    ReplyDelete
  25. For me, Idiot is a person who protects all stupid and perfidious decisions taken by a voted government.
    ( Perhaps I am wrong since there is a possibility that, you are a genius who get bread, butter and vine from this system)

    ReplyDelete
  26. For me idiot is a person who always opposes and ridicules decisions taken by a voted government.

    ReplyDelete