Saturday, July 2, 2011

ආණ්ඩුවට, විපක්ෂයට හා 'බුද්ධිමත්' ජනයාට ප්රිශ්න කිහිපයක්

අදාල පාර්ශවයන්ගේ බුද්ධිමට්ටම පිලිබඳ සලකා බහුවරණ ප්රදශ්න ඉදිරිපත්කර ඇති බව කරුණාවෙන් සලකන්න.

1. බී.ටී. අයි. බැක්ටීරියාව කෝ?
අ. එහෙම එකක් තිබුණද?
ආ. තියෙනවා. ඇයි මොකද අහන්නේ?
ඇ. ක්ෂුද්රක ජීවීන් මත යැපීම අපි වගේ ජාතියකට හොඳද?
ඉ. ඒක ඉස්සනම් පහුගිය දවස්වල දඩවලින් හොයපු සල්ලි දෙන්නෙ උඹෙ ....ද?

2. නාථ දෙයියන් සමඟ සාකච්ඡාකර ප්ර ගීත් එක්නැලිගොඩව හොයාගන්න බැරිද?
අ. කවුද ප්ර්ගීත් එක්නැලිගොඩ?
ආ. දෙයියො මේ දවස්වල කාර්යබහුලයි.
ඇ. සම්යයයක් දෘශ්ඨික දේවතාවුන් ඔය වගේ ත්රාස්තවාදීන් ගැන බලන්නෙ නැහැ.
ඉ. මිනිහ හැංගිලා. අපි ලඟදිම විද්යාේත්මකව මිනිහව එලියට ගේනවා.

3. සරත් ෆොන්සේකා වෙනුවෙන් පාරට බස්සනවා කියූ ලක්ෂ ගණන් ජනතාව කෝ?
අ. ඒ වැඩේ අපි අතෑරල නෑ.
ආ. ඊලඟ ජනාධිපතිවරණෙට තව කොච්චර කල් තියෙනවද?
ඇ. හා..පෝ... එතුමගෙ සෞඛ්ය? තත්වය දුර්වලයි. සෙනඟ දැකල හාට් ඇටෑක් හැදුණොත් එහෙම.
ඉ. අනේ මන්ද? අපි නම් ලෑස්තියි. ඒත් ජනතාව?

4. සිරසට බෝම්බ ගැසූ රවි කරුණානායකගේ ගෝලයාටත් උපවාසවංශගේ ගෝලයාට පගා දුන් අයටත් මොකද වුණේ?
අ. මේ රටේ හැමතැනම දූෂිතයි. ආණ්ඩුව අපි අතේ තිබිලත් සාධාරණය කරගන්න බැහැ.
ආ. උන් ආවාවෙකො චන්දෙ ඉල්ලන්න. එදාට අපි ඒ කේස් ටික අදිනවා.
ඇ. මොනවද දොඩවන්නෙ. ලංකාවෙ කවද්ද ඔහොම කේස් වුණේ.
ඉ. ඇහුන්නෑ...

5. චැනල් හතර වීඩියෝවේ බලබිඳි සෙන්පති තුමා එහි අවසන් විනාඩි කිහිපයේ දැක්වෙන දර්ශන ගැන කීවේ මොනවාද?
අ. එතුමා එතැනට ගියේ ඒ ටික පෙන්නන්න කලින්.
ආ. "...කල තියෙන්නෙ. මුන් හොරෙන් කැමරා ෆෝනුත් බංකරවලට ගෙනල්ලනෙ"
ඇ. ඒක රාජ්යි ආරක්ෂාවට සම්බන්ධ ප්ර්ශ්නයක්.
ඉ. ..ගෙ පුතා. තෝ දන්නවද කවුරු ගැනද අහන්නෙ කියල? තමුසෙගෙ නම කියනවා. ගම කොහෙද?

6. මේ දවස්වල නින්ද යනවද?
අ. ඇයි අපිට නින්ද නොයන ලෙඩක් තිබ්බද?
ආ. ඇයි සැකද?
ඇ. ඇයි උඹට සදහටම නිදාගන්න ඕනද?
ඉ. ඇයි කවුරුත් අපිව ඇහැරෙව්වද?

7. ......

13 comments:

  1. මෙන්න මගෙ උත්තර -01)ඉ 02)ඇ 03)ආ 04)ඉ 05)ඇ 06)ඉ

    ReplyDelete
  2. ජනරජදාසJuly 2, 2011 at 6:13 PM

    ආගමික උන්මාදය මේ වන විට ශ්‍රී ලාංකීය සමාජය තුළ එහි කූඨ ප්‍රාප්තියට ළඟාවෙමින් තිබේ. පහසුවෙන් කළ හැකි සාමාන්‍ය රසායන විද්‍යා පරීක්ෂණයකට පවා ආගම බද්ධ කොට ගැනීමට මේ උම්මත්තකයින් දරණ උත්සාහයෙන් පෙනෙන්නේ ඒ ආගමික උන්මාදයෙන් තොරව පැවැත්මක් ගැන සිතීමට පවා ඔවුන්ට ඇති අපහසුවයි. මේ ආරම්භය පමණෙකැයි මම කල්පනා කරමි. නොබෝ කාලයකින් මේ උම්මත්තකයන් ඉරානය බඳු ආන්තික ඉස්ලාම් සමාජ වල වූවාක් සේ අපේ එදිනෙදා ජීවිතයේ හැම කටයුත්තකටම ආගම බද්ධ කරලීම තුළින් ඔවුන්ගේ ආගමික උන්මාදය අප මතද පටවනු ඇත. එකී වර්ගවාදීන් සැදැහැ සිතින් වන්දනාමාන කරන මුග්ධ අනුගාමිකයින් පිරිසක් සිටීම තුළ ඒ කටයුත්ත ඔවුන් සිතනවාට වඩා ලෙහෙසි එකක්ද වනු ඇත්තේය.

    මේ ආගමික උන්මාදය ඇති කරලීමේ වරදෙහි සැලකිය යුතු කොටසක් කලකට පෙර පිනාචාර්ය පදවියකට ලොබ බැඳ මිය ගිය ගංගොඩවිල සෝම නම් පුද්ගලයාට පැවරිය හැකිය. මට මතක හැටියට සෝමගේ එක තර්කයක් වූයේ සිසේරියන් සැත්කමකින් උපදින දරුවන් සාමාන්‍ය ලෙස උපදින දරුවන්ට වඩා බෙලහීන වන බවයි. මේ නිසා සිසේරියන් සැත්කම් නොකැර ගන්නා ලෙස සෝම බෞද්ධ කාන්තාවන්ට අණ කළේය. මේ කිසිම විද්‍යාත්මක පදනමකින් තොර හිතළුවකි. (බෞද්ධ දර්ශනයෙහි හෝ සාහිත්‍යයෙහි කිසි තැනෙක මෙවැන්නක් නොවේ. නමුත් සෝම සිංහල බෞද්ධ සමාජය තුළ පෙනී සිටියේ ආගමික නායකයකුට වඩා ගෝත්‍රික නායකයකු ස්වරූපයෙනි.) සිසේරියන් සැත්කමකින් බිහි වීය කියා දරුවකුගේ වෙනසක් නොවේ. නමුත් අනෙක් අතට සිසේරියන් සැත්කමක් යනු වඩා ආරක්ෂාකාරීව දරුවකු බිහි කරන මාර්ගයකි. කාන්තාවන් සෝමගේ අණ පිළිපැද සිසේරියන් සැත්කම් වලට විරෝධය පෑවා නම් විය හැකිව තිබුණේ බෙලහීන/ආබාධිත/රෝගී දරුවන් අඩුවීම නොව වැඩිවීමය.

    පුදුමයකට මෙන් ගංගොඩවිල සෝම මේ මිථ්‍යා මත පැතිරවීමට එරෙහි වූ එකම පුද්ගලයකු වත් එකල නොවීය. මා ඒ ගැන වරක් පුවත්පත් වලට ලියා යැවූ මුත් මෙරට ජාතික යැයි කියා ගන්නා එකම පුවත්පතක් වත් එය පළ කිරීමට තරම් එඩිතර වූයේ නොවේ. අවසානයේ මෙකී ගංගොඩවිල සෝම නම් පුද්ගලයා මිය ගිය විට ඔහූ මහා පුරුෂයකු, වීරයකු බවට පත් කරන ලද්දේද ලාංකීය සමාජය තුළ මුල් බැස ගත් ආගමික අන්තවාදය විසිනි.

    අද ආසනික් වෙසින් අප සොයා පැමිණ ඇත්තේ මේ අගමික අන්තවාදයේ වඩා වර්ධිත, වඩා භයානක අවදියකි. අප එය ප්‍රශ්න නොනඟා පිළි ගන්නේ නම් හෙට දින නලින් ද සිල්වාටද වඩා දරුණු ආගමික අන්තවාදීන් මේ සමාජයෙන් බිහි වනු ඇත්තේය.

    ReplyDelete
  3. මම ආණ්ඩුව, විපක්ෂය හෝ 'බුද්ධි'මත් ජනතාව යන කොටස් තුනෙන් එකකට වත් අයත් නොවෙමැයි සිතන නිසා උත්තර නොදෙන්නෙමි. නමුත් නාථ දෙවියන් සම්බන්ධ ගැටළුවට (අංක 2) කොමෙන්ටුවක් දමන්ට සිතුනි.

    නාථ දෙවියන් සමග කථා කල ගැහැණිය කියූ විස්තරය සඳහා මෙතැන කොටන්න.
    මෙම කථාව අනුව නාථ දෙවියන් 'වතුර සාම්පල් හා පස් සාම්පල්' අරන් එන්න කියා ඇත. මේ නම් නාථ දෙවියන් විය නොහැක. පස් හා වතුර *සාම්පල් * ගෙනවිත් පෙන්විය යුතු තරම් මේ නාථ දුර්වල බැවිනි.

    එහෙයින් එක්නැලිගොඩ සොයා දෙන ලෙස මෙම දෙයියාගෙන් ඉල්ලා සිටියොත් දෙවියන් 'ඔහුගේ ලන්කට් සාම්පලයක්' ඉල්ලීම වියහැක.

    ReplyDelete
  4. දස දහස් ගණනක් සිංහල දෙමළ මිනිස්සු ඇණ කොටාගෙන මැරුණ. නාථ දෙයියො නලියට කිව්වෙ නෑනෙ ප්‍රභා ඉන්න තැන හරියටම ඒ විනාශය වලක්වා ගන්න පුඵවන් විදියට.

    ReplyDelete
  5. නාථ දෙයියො රෑට රෑට මේ දවස්වල විශ්වවිද්‍යාල ආචාර්යය වරුන්ගේ බිරින්දෑ වරු හොයා ගෙන යනව. මොන එහෙකට ද කියල නම් අහන්න එපා. එහෙම ගොහුන් කණට කොදුරල මොනවදෝ කියනව. එහෙම ගිය වෙලාවක කියවුනු කතාවක් තමයි ඔය ආසනික් කතාව.

    ආරංචියෙ හැටියට නම් පාන්පිටි ත්‍රස්තවාදින්ගෙන් අල්ලස් අරගෙන ඔය උන්ට කඹුරන්න පටන් අරන් කියල තමයි. ආචාර්යය වරුන්ගෙ ගෑණුම හම්බුවෙන්න යන්නෙ මොකද කියන එක තමයි පුංචි ප්‍රශ්නයකට තියෙන්නෙ.

    ඔහොම යනකොට ඒකටත් උත්තරේ ලැබෙයි.

    ReplyDelete
  6. පොර ටිකක් රොමැන්ටික් කියන්නෙ ඇත්ත ද?

    ReplyDelete
  7. කැළණි සරසවියේ මහාචාර්ය පරණගම මහත්මිය කියල තිබුන අලුත් වාහනයක් අරගත්ත කෙනෙකුට කතරගම ගිහිල්ල දෙවියන්ගෙන් ආශිර්වාද ලබන්න පුලුවන් නම් සරසවියෙ පර්යේෂණයකට කලින් නාථ දෙවියන්ගෙන් ආදර්ශ ලබා ගන්න එක වැරදි වෙන්නෙ කොහොම ද කියල.

    මේ තරම් දක්ෂ විදිහට තර්ක කරන තව එක්කෙනෙක් ඉන්නව. ඒ මගේ සත් හැවිරිදි පුතා.

    මං මේ කල්පනා කරේ කොල්ලටත් මහාචාර්ය පදවියක් දෙන්න වටිනව නේ ද කියල. එක අතකට ඔච්චර ඉහළට ඉගෙන ගන්නත් ඕන ද ඔහොම තර්ක කොරන්න කියල කවුරු හරි මහත්තැන් කෙනෙක් පැහැදිලි කරල දෙනව ද

    ReplyDelete
  8. මුලින් පරණගම මහත්මියගේ ප්‍රකාශය සදහන් කමෙන්ටුවේ මුල් වැකියේ “නාථ දෙවියන්ගේ ආදර්ශ“ යන්න “නාථ දෙවියන්ගේ ආශිර්වාද“ වශයෙන් වෙනස් විය යුතු ය

    ReplyDelete
  9. ඔය නාථ දෙයියෝ මනුස්ස කාලේ මහාචාර්යවරයෙක්.
    මළායින් පස්සේ අයියනායක, කතරගම, මහසොන් වගේ දෙයියෙක් වුණා.
    තාමත් සසර පුරුද්ද තියෙනවා!

    ReplyDelete
  10. කළකින් ලියල නැහැනේ....?

    ReplyDelete
  11. film banna lankawe apita ape thanak

    ReplyDelete
  12. @ සොඳුරු සිත:
    බරපතල අකරතැබ්බෙක හිටියෙ. හැක් කරල එහෙම නෙවෙයි.
    මුරපදය අමතක වෙලා.

    ReplyDelete