පෙරේදා පාරේ පිච්චුණ එකෙක් සහ ඊයේ වෙඩි කෑ එකෙක් ගැන රට පුරා උන් කෑ ගැසීමට පටන්ගෙන ඇත.
කෑ ගහන උන්ගෙන් මට අහන්න ඇත්තේ ප්‍රශ්න දෙකකි.
01. කෑ ගහන්නේ අහවල් මඟුලටද?
02. තව කී දවසක් කෑ ගහන්නද?
කියාය.
අද නැත්නම් හෙට තමා හා බිරියගේ නමින් හැඳින්වුන ඕකිඩ් මලත් රැගෙන අප රජතුමා මෙරටට එනු ඇත. කටුනායක ඩී. ඒ රාජපක්ෂ ගුවන් තොටුපලේ එලා ඇති ඉරාන තාර මත දණ ගසා එය සිඹිණු ඇත. පෙරදා වූවාක් මෙන් එසැනින් නුඹලාගේ දුක් නිවෙනු ඇත.
එතෙක් කට වසානොගෙන උද්ඝෝෂණ කිරීමෙන් නුඹලා කරන්නේ ඇතැම් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ගේ රස්සා නැතිකිරීම හා වයසක වාසු වැන්නවුන්ගේ ප්‍රෙෂර් නැග්ගීම පමණි. මන්ද රජතුමා පැමිණ ෂෝටක් ගසා හලාවත වැල්ලේ ඇවිද, මැරිච්ච බාලාගේ පොඩි උන් දෙන්නාට රජ මැදුරෙන් කෑම වේලක් දුන් පසු සියළු ගැටළු විසඳෙන හෙයිනි.
මැරිච්ච උන් දෙස බැලූ විටද වෙඩිතැබූ කරුවල අඳුන ගාගත් හාදයා ( කටුනායකදී රොෂේන් නම් ගංජා කාරයාටද, කොලොන්නාවේදී භාරත නම් කසිප්පුවාටද වෙඩිතැබුවේ මොහුමය) රටට කර ඇති සේවය එමට පෙනේ.
පුච්චා දැමූ කුඩු මර්වින් කොළඹටම කුඩු බෙදූ එකාය. ඌ මැරූ පසු තවත් නම් කුඩු බෙදන්න එකෙක් නැත. ආයේ හැදෙන්නේත් නැත. කොච්චර ගෙන්නුවද බෙදන්න එකෙක් නැති කල කුඩු නැති වන්නේය. ඌ පිච්චූ එකාට උපහාරය පිදිය යුත්තේ එහෙයිනි.
ඔළුව හිල්වෙන්නට වෙඩි කෑ බාලා ද එසේ මෙසේ එකකු නොවේ. විකෘති කාමාශාවන්ගෙන් පිරි අයෙකි. ගැහැනුන්ගේ පියයුරු හපා කෑමට දැඩිසේ ගිජු අයෙක් වන මොහුගේ ගැහැට ඉවසිය නොහැකිව බිරිඳද ගිය මාසයේ රට ගොස් ඇත. ( සල්ලි නැතිකමට ගියාය යනු පට්ට බොරුවකි). ඔහු වෙඩි කෑවේ මහේස්ත්‍රාත්තුමියගේ නංගීගේ හා පොලිස් අධිකාරී තුමාගේ බිරිඳගේ පියයුරු හතරම එකවිට හපා කෑමට යත්න දැරූ අවස්ථාවේය. මෙවන් අසහන කාරයන් මරා දැමිය යුතුය. බිම දන ගසා උන් දෙසට උණ්ඩ මුදා හැරි අපේ එකාට ගෞරව බහුමානය හිමිවිය යුත්තේ එහෙයිනි.
පහතින් දැක්වෙන්නේ මා මෝරන්ට පෙර තැබූ සටහනකි. දැන් මෙහෙම එව්වා ලියන්ට තරම් මා මෝඩ නැත.
http://skydreams2010.blogspot.com/2010/09/blog-post.html
ela....
ReplyDeleteනියමයි
ReplyDeleteහා හා ... ජයවේවා !
ReplyDeleteමිනීමරුවන් හට උත්තමාචාරය
ReplyDelete//පහතින් දැක්වෙන්නේ මා මෝරන්ට පෙර තැබූ සටහනකි. දැන් මෙහෙම එව්වා ලියන්ට තරම් මා මෝඩ නැත.//
ReplyDeleteඔව් ඉතින් මඩ ගැහිල්ලත් කාලයක් යනකොට එපා වෙනවා ඇතිනේ.
@ කණ්ඩුල:
ReplyDeleteමිනීමරුවෝ....?!!
ඔළුව කචල්ද? නැත්නම් ඩයස්පෝරාව ප්රමුඛ බටහිර කුමන්ත්රණයක ඉත්තෙක් වෙලාද?
@ AnonymousFeb 18, 2012 01:17 AM:
ReplyDeleteඒකම නෙවෙයි. තොපි වගේ බුදු රූපෙ පිටිපස්සට වෙලා දඩයම් කරන හූනො රැලක් මිස මිනිස්සු ඉතිරිවෙලා නැති නිසා.
කුලියට කමෙන්ට් දාන්න කලින් ලින්ක් එක ක්ලික් කරල බැළුවනම් මං ලියල තියෙන්නෙ මොනවද කියල තේරේවි ඉහඳ පණුවට.