Sunday, January 8, 2012

කොටි කචල්ලෙක ගැන සදහම් පනිවිඩයක්

ආයිබෝං කිව්වා. ඇතැම්විට ඌගුල්ලො මං ගැන ආල නැත්තං මේම හිතාගන්ඩ. මං ඇවිල්ලා දැනටමත් සෑහෙංඩ ජනප්රිය පොරක් හරිය? ඇත්ත වසයෙම්ම ඔය දේසපාලනේ ගැන මාර විදිහට ප්රමානාත්මක දැනුමක් තමයි මට තියෙංනෙ. වැඩේ කියන්නෙ එක උගුඩුවෙක්කත් ඕක පිලිගන්නෑනෙ.

රයිට්. ටොපික්කෙකට.

මේ ලගදි බුකියෙ ගිය වලියකදි මං මේම අලුගුත්තේරු කතාවක් කිව්වා.

"කොටිය උපංනෙ මේ රටේ. උං මලේ මේ රටේ. මහ කොටිය මලෙත් මේ රටේ. උං මේ රටට අයිති. අයිතිය වෙනුවෙං මං ඉන්නවා."

ඕකෙ ඉතිං අහවල්ලෙකක් හෝදංඩයැ. කොටිය බැයිනං දේවදත්තයා. මේකෙ උපන්නනං අපේ තමයි. නැතුව අපිට බෝම්බ තිබ්බෙ පිටසක්වල එවුංයැ?

ඊට පස්සෙ තියෙන ගොංකොමට මේමත් කිව්වනෙ.......

"උං ගේම ඉල්ලුවා. සාම්බාරු වෙලාම යංඩ දුන්නා. හරි හෝ වැරදි. දැං ගනුදෙනු ක්ලොස් හරිය?"

ඉතිං ඕකට අපේ එක සඕදර සෑර් කෙනෙක් ඬෙන රිප්ලයියෙකක් දුන්න බොසාලා. මෙන්න මේම.....

"ගේම ඉල්ලුවා ගේම සාම්බාරු වෙන්න දුන්නා කියන එකේ මෙන්න මේ ටිකත් තියෙනවා.

- ආයිත් ගේම ඉල්ලන්න ඉඩ ඇත.

- ගියපාර වගේ සාම්බාරු දෙන්න කල්මැරීමෙන් ජීවිතට් දෙපොලත් යන දෙකම නැතිවේ.

- [උඹලා වගේ ජාති හිතයිශියෝ නිතර අපට අනතුරු හඟවන පරිදි] අරක මේක නොදුන්නොත් ආයිත් ගේම ඉල්ලනු ඇත.

- එනයින් ගේම හා සාම්බාරු සමාප්ත වුවද චැප්ටරය ක්ලෝස් වී නැත."

මල මගුලයි. ඇඬුන ඕයි.

ඉතිං මේ උතුං පෝය දවසෙ මං ඕක ටිකක් ධර්මානුකූලව හිතලා මෙන්න මේම සදහම් පනිවුඩයක් සෑර්ට ඇරියා. සමාරවිට සෑර් යම් මාර්ගපලේකට පත්තුනාද දන්නෙත් නෑ. හෙට වෙද්දි බඩු පොලිත්තෙක්ක හම්බෙයි.

මෙන්න අගනා සදහම් පනිවිඩේ............

"පිංවතුනි, අද මේ උතුම් පෝය දවසෙ මං අරමුනු කොරගන්නෙ අපේ හිතවත් (අහවල්) උපාසක මාත්තයගෙ ධර්ම පාටයක්....

//අනික තමා. ගේම ඉල්ලුවා ගේම සාම්බාරු වෙන්න දුන්නා කියන එකේ මෙන්න මේ ටිකත් තියෙනවා.

- ආයිත් ගේම ඉල්ලන්න ඉඩ ඇත.

- ගියපාර වගේ සාම්බාරු දෙන්න කල්මැරීමෙන් ජීවිතට් දෙපොලත් යන දෙකම නැතිවේ.//

දැං පිංවතුනි, මං ඩොට්ටස් බුවෙක් නොවෙන හිංදා මේ ලෙඩේ නම එකපාරටම කියන්ට අමාරුයි. නමුත් පිංවතුනි අපේ ගොඩවෙද්දුනං කියන්නෙ ගිනිපෙනෙල්ලෙං කාපු උං කලාමැදිරිංට බයයි වගේ හරුපයක්.

දැං පිංවතුනි අපේ කෙහෙලිය ඇමතිතුමා ප්රමුක මහිංදලා/ගෝටලා කස්ටිය එකතුවෙලා ගරු හමුදාපති ජගත් ජයසූරියගෙ පුදානත්වයෙං අම්බ මානසික (සොරි - මානුසික) මෙහෙයුමක් කොරලා කොටිංට දුකෙං පුං යන්ඩ දුන්නනේ. කියංඩ පිංවතුනි දැන්නං මතක්කොලත් ආතල් බේරෙන මාර ඇඩ්වෙංචරස් සීසං එකක් ඒක.

ඉතිං පිංවතුනි ඕම දෙමලා හාංචිපයිස් වෙංඩම දුන්නත් පෘතක්ජන ස්වබාවෙ හිංදා හිතට මදි. ඉතිං හිතෙන්නෙම මුං තාම ගේමෙ කියලා. සංසාරෙ දුකයි පිංවතුනි.

ත්රස්තවාදියා හැදෙංනෙ පෙර අකුසලකර්ම ඔලිං නෙමේ පිංවතුනි. හැදෙංනෙ දේසපාලනෙං. කියංඩ දුකයි පිංවතුනි. ඒත් ඇත්ත. දෙමලගෙ දේසපාලනේ අහවරයි. අර උතුම් මානසික මෙහෙයුමෙං නයිං පාර ඕපං කොරලා අබාන්ස්සෙකයි සිංගර්රෙකයි යුනිලිවර් බුවාලයි අනික් මුදලාලිලා ටිකයි උතුරට සැපත්කොලාට පස්සෙ එහෙ එක බල්ලෙක්වත් මරාගෙන මැරෙංනෑ පිංවතුනි. ඒක තමයි ලෝක නියාම දර්මෙ. තව අවුරුදු හතාටක් ඕම්ම ඉවසං ඉන්ඩ පිංවතුනි. දකුනේ අපි වගේම රටට හෙනගැහුවත්, ආතල් දෙන එකාට කතිරෙ ගාල සුපර්ස්ටාර් බලල බුදියගන්න අමන කාලකන්නි සහෝදර හැත්තක් උතුරෙං කලඑලි බහී. අනේ එතකංවත් අවුරුදු තිහක් හිරකොරලා හිටපු උංට නිදහසේ හුස්මක් අරං කටක් ඇරල කතා කොරල නිදහසේ ඇවිදල කොරල දැංවත් ජීවිතේ විදින්ඩ අයිතියක් තියෙනව කියල මේ පෝය දවසෙවත් හිතාගනිල්ල යකුනේ........"

__________________________________________

/ලි

අඩෝ අපිත් දැං බ්ලොග් ලියනවා හරිය?

4 comments:

  1. නියමෙට ලියලා තියනවා සෑර් . දිගටම ලියන්න

    ReplyDelete
  2. ඒනං සෑර් සුබ අනාගතයක් කිව්වා...!!

    ReplyDelete
  3. උන් ඉල්ලන කෙහෙම්මල් නිදහස දීල දැම්මනම් අහවරයිනෙ. අර කිව්ව වගේ ඒම වුණාම තව අවුරුදු දෙක තුනකින් මෙහෙ ඉන්න එවුන්ට වඩා උන් අපත‍යෝ වෙයි. අවුරුදු තිහක ඇරියර්ස් කවර් කරන්නත් එක්ක.

    ReplyDelete
  4. ඔන්න එහෙනං බොටයි මටයි සැලිබ්රේසෝන්. උඹ බ්ලොගක් පට්ටං ගත්තට. මම ඒක වෙන තැනට වැඩ සැලස්සුවට. ජයවේවා කිව්වා. ආයිත් එකක් ලියන්න ඕන උනාම කියහන් ඉනිස්පිරේෂනය දෙන්න.

    [හිතරිදුනානං සමාවෙයන් බොට නෙවේ කොටියට අර ටික කිව්වේ. ඒකත් තරාකින් නෙවේ. ඇහැ කණ තියෙන එකෙකුට පෙන ඇහෙන සරල සත්තිය]

    ReplyDelete