සමාජය සුචරිතවත් කිරීමට යැයි විකාර කථා කියමින් නිදහසේ තොරතුරු ලබා දෙන මූලාශ්රයන් වසා දැමීම මෙම අමන (හා කපටි) ක්රියාවේ අරමුණ විය හැක. මේ පඬියන් නොකියන දෙය වන්නේ යූ ටියුබ් වැනි අඩවියක අඩංගු දැනුම් සම්භාරය කොතෙක්ද යන්න හා එය කිසිසේත්ම අසභ්‍ය වෙබ් අඩවියක් නොවන බවයි. කෙසේ වෙතත් දැන් එය බ්ලොක්ය. නමුත් සාමාන්‍ය ගූග්ල් සෙවුමකින් ඔබට ඇති තරම් අසැබි දසුන් නැරඹිය හැක. ආශ්චර්යය එයයි.
අප මෙබඳු දෑ පිළිබඳව පිළිබඳව ඉඟි කරන විට අප පතුරු ගසමින් කමෙන්ට් දමන අතර යූ ටියුබයෙන් උස්සා ගත් වීඩියෝවලින් තම බ්ලොග් සටහන් පිරවූ සහ " හරී ෂෝයි" කියමින් ඔවුන් දිරිගැන්වූ, අනතුරුව පෙරළි පෙරළි ගොස් නරි රැලක් සිය පාලනය සඳහා තෝරාගත් නෝනාවරුනි මහත්වරුනි, දිනූ දේශය වඩා සුචරිතවත් කිරීම සඳහා පහත උපාංගයන්ද රජය විසින්දැනට ඇනවුම් කර ඇත.
දැනට මේවා හැඳින්වීම සඳහා සම්මත සිංහල නමක් නැති අතර නමක් තෝරා ගැනීම සඳහා තරඟයක් පැවැත්වීමටද ශෘ.ක.පා. කොමිසම අදහස් කරයි.
කෙසේ වෙතත් වඩා වැදගත් ප්‍රවෘත්තිය වන්නේ සිය ඇඹේණියගේ උපකරණය වෙනුවෙන් පුරුෂයාද, පුරුෂයාගේ උපකරණය වෙනුවෙන් බිරිඳද මුදල් ගෙවිය යුතුවීම හා ආර්ථික අපහසුතා ඇති අයට සහන ගෙවීමේ ක්රමයක්ද හඳුන්වා දී තිබීමයි.
සිය යටත් වැසියන් වඩා සදාචාර සම්පන්න කිරීමේ මහඟු කර්තව්‍යය උදෙසා මෙවන් යෝජනා ගෙන ඒම අප උතුමාණන් විසින් තරයේ ඇගයීමට ලක්කර ඇති අතර, ඒ සඳහා සිය පෟද්ගලික කැපවීම දැක්වීමේ පරම පවිත්‍ර චේතනාවෙන් මෙම ක්‍රියාවලිය එතුමන් විසින් පෞද්ගලිකව අධීක්ෂණය කිරීමටද තීරණය කර ඇත.
ඒ අනුව සියළු වම්බ ලොක් අයිටමයන්ගේ යතුරු එතුමා හා ලොකු කුමාරයා භාරයේද කිල්ල ලොක් අයිටමයන්ගේ යතුරු එතුමා සමඟ තේ බිවූ එකා භාරයේද තිබෙණු ඇත.