Friday, February 12, 2010

උත්තමාචාර.....

පහත ඡායාරූප ශ්‍රී ලන්කාවේදී ගනු ලැබූ ඒවාය. වැඩිමනත් කියන්නේ නම් පෙරේදා ගනු ලැබූ ඒවාය.

බහුතරයකට මෙහි දැක්වෙන්නන් මෝඩයන් විය හැක. තව පිරිසකට ඔවුන් පිස්සන් විය හැක. එසේත් නැතිනම් දේශපාලන කුනුගොඩට වැටී කඩේ යන්නන් විය හැක.  රට වනසන අශුද්ධ ව්‍යාපෘතියක කොටස්කරුවන් විය හැක.

සත්‍යයකි. සියලු බල ව්‍යාපෘතීන් ප්‍රජාතන්ත්‍රවාදය වනසනමින් සිටින මොහොතක, ඉතා පහසුවෙන් අදුනන ප්‍රාදේශීය සභා මන්ත්‍රී කෙනෙකුට හේත්තුවී හෝ එදා වේල සරිකරගත හැකිව තිබියදී, පරාජය කොට දමමින් සිටින සමාජ බලවේගයක් වෙනුවෙන් ඇග තලාගැනීම මෝඩකමකි. පිස්සුවකි. කඩේ යෑමකි.

මෙහි භයානක පැත්ත වන්නේ මොවුන් අශුද්ධ සන්ධානයක කොටස්කරුවන් වනවිටය. බොහෝවිට මේ සියල්ල විදෙස් මුදල් උදෙසා කරන රන්ගනයන් විය හැකි හෙයිනි. අපට එසේ සැක කිරීමටද ඇති තරම් හේතු ඇත්තේ මොවුන් මෙහෙයවී ඇත්තේ රට වෙනුවෙන්, රටේ ජනයා වෙනුවෙන් පාරට බැසීමට, ගිනිතබා ගැනීමට මහරජු විසින් වරම් නොලද පිරිසක් අතින් වීම නිසාය. ( ඔන්න වීරවන්ස හරි රනවක හරි කලා නම් ප්‍රශ්නයක් නැත ).


නමුත්......

මේ සියලු බයිලා අතහැර දමා කිවයුතු සත්‍යයක් ඇත.  මට මොවුන් විරුවන් බවය. සියල්ලට බයේ පුටු උඩට වී ප්‍රොක්සි හරහා ලොග් වී විවේක වෙලාවට විරෝධය පල කරන අපට වඩා කොන්දක් ඇති උන් බවය. සමාජය රැකී ඇත්තේ මොවුන් වැන්නවුන් නිසාය. අප මිනිසුන් යැයි හැගෙන්නේ මේ මිනිසුන් නිසාය. මම මොවුන්ට ගරු කරමි. ආචාර කරමි. මේ ආවේගයට, මේ එඩිතරකමට නමස්කාර කරමි.
( ඡායාරූප උපුටා ගැනීම: ලන්කා ටෲත්)

7 comments:

  1. Last photograph was really touching.We can see his feeling and disire for the freedom... we saltue you the unknown rebel ...

    ReplyDelete
  2. මටත් මේ සිද්ධිය සම්න්ධයෙන් ඉතා කනගාටුයි මැරයෝ විපක්ෂයේ මිනිස්සුන්ට ගල් මුල් වලින් පහාර දේද්දි පොලිසිය විසින් කර බා ගෙන ඉන්න විදිය මම රෑපවාහිනියෙන් දැක්කා ඈත්තටම මහින්දට ඡන්දේ දාපු අපටයි හන්දියේ තියලා ගල් වලින් ගහන්න ඕනෑ.යුද්දේ ඉවර කලා කියලා අපේ මස් ටිකක් ආණ්ඩුව ඉල්ලයි ටික දිනකින්...

    ReplyDelete
  3. Sri Lankawe minissunta budhdhiya pahalawewa.Me abuddassa kalayayi.Lankawe siyaluma dena Rajapaksha wiya yuthui.Mata penne anduwa geniyanne Gota.

    ReplyDelete
  4. ගිහින් බලන්න ෆෙස් බුක් එකේ මහින්දට කඩේ ගිය අය අද කිසි ඩහෙයක් සිදු නොවුන ගානට අද කට වහන් ඉන්න ලස්සන.

    ReplyDelete
  5. Could u give me a permission to publish this forum in my FB..?

    ReplyDelete
  6. agree brother.
    ඔවුන්ගෙන් බහුතරයකට ප්‍රජාතන්ත්‍රවාදය- සමාජ අසාධාරණය ගැන සැබෑ හැඟිමක් නැති වීමටද හැක. මේ හුදෙක් තමා අනුයන දේ වෙනුවෙන්, තමන්ගේ නායකයා,වීරයා හෝ ගැලවුම්කාරයා ලෙස සිතා සිටි මිනිසාට කලකී දෑ නිසා දක්වන විරෝධතාවක් විය හැක.
    එහෙත් බහුතරයක් සමාජ අසාධාරණයන් යනුවෙන් කිසිවක් සිදුනොවන බව අදහමින්, තමන්ට අරුචි දේ කෙරෙහි නෑසු කන්ව සිටියදී, විරෝධය පලකිරීම තමන්ගේ නිසල-හිස් ජීවිතයේ රිද්මය සතුරෙකු ලෙස දකින අවධියක මේ මිනිසුන් මට ද විරුවන්ය.
    සයිබර් අවකාශය තුල වචන හරහා පමණක් විරෝධතා පවත්වන අපට වඩා ඔවුන් ප්‍රායෝගිකය.

    ReplyDelete