Sunday, February 21, 2010

ප්‍රයිවෙට් බස් කොන්දොස්තරවරු සහ සින්හල බ්ලොග් කියවනය....

අප සියල්ලෝ දන්නා පරිදි ප්‍රයිවෙට් බස් රියක් ගමන ඇරඹූ තැන් පටන් බොහෝ මගීන්ගෙන් බැනුම් අසන්නේ හැමතැනම නවත්වමින් සෙනග ගැනීම සහ බසයේ ඇති ඉඩටත් වඩා සෙනග පරිමාවක් ගෙනයෑමට උත්සාහ කිරීම නිසාය.

එහිදී කොන්දොස්තර බොහෝ ආඩම්බරයෙන් කියන නිදහසට කරුනු දෙකක් ඇත.

01. ඔයා දැන් ඔහොම කිව්වට දැක්කනෙ පැය කීයකට පස්සෙද අපි ආවෙ. අපි ආවෙ නැත්නම් ඔයාල තාමත් හෝල්ට් එකේ.

02. ඇයි මනුස්සකමක් නෑ වගේ කතා කරන්නෙ. ඒ මිනිස්සුත් ගමනක් යන්නනෙ ඉන්නෙ. ඉතින් කොහොම හරි දාගෙන යන්න එපායැ.

නමුත් ඔවුන්ට දීමට මටද පිලිතුරක් ඇත. ඒ එම බසය නොපැමිණියේ නම් මීට වඩා හොද බසයක යෑමේ වාසනාව ලැබීමේ යම් සම්භාවිතාවක් තිබූ බවය. එම අවකාශය මේ බසය විසින් ලබාගත්තේ නම්, එම බසය සිය සේවාව හොදින් සැලසිය යුතු බවය.

සත්‍යයකි. මේ ප්‍රකාශයේ සමාජ සම්මත සින්හල-බෞද්ධ මනුස්සකම නැත. නමුත් එසේ වූවා කියා යථාර්තය වෙනස් වන්නේද නැත.


මේ සිදුවීම් සහ පූර්ණ දේශපාලනික ලිපි වෙනම තැබීමෙහි සම්බන්ධයක් ගොඩනැගීම බබාලා නොවන අයට අපහසු නොවනු ඇතයි මම සිතමි.

සින්හල බ්ලොග් කියවනය නිර්මාණය කරමින් කලාවූ පූර්වගාමී ක්‍රියාවලියට හිමිවිය යුතු ගෞරවය මෙහිලා කිසිසේත්ම බාලනොවන අතර, මා ප්‍රශ්න කරන්නේ තමා විසින් ආරම්භකල ක්‍රියාවලියක් සමාජගතවූ, සමාජ බද්ධවූ පසු එහි පැවැත්ම පිලිබද අන්තනෝමතික තීරණගැනීමෙහිලා එහි නිර්මතෘන්ට ඇති සදාචාරසම්පන්න බව පිලිබදවය.

මා මේ පිලිබදව කිසිත් නොලියා සිටීමට මුලින් සිතූමුත් අනෙකුන්ගේ අදහස් හා, මේ ක්‍රියාවලිය ඔස්සේ සිදුවිය හැකි විශාලම හානියවන බ්ලොග් ලියන්නන් මෙයින් නික්ම යෑමේ අවධානම නිසා වෙනත් සටහනක් වෙනුවට මෙම සටහන තැබීමට සිත හදාගතිමි.

මේ කාරණය පිලිබද බොහෝ දෙනා දොස් කියා තිබුනේ ඇඩ්මින්ලාගේ අදේශපාලනික බව පිලිබදවය. සත්‍යයකි. මෙරට බහුතරයක් දේශපාලනය යනු චන්දකාලයට එලිබසින කුමක්දෝ අලගෙඩියක්යැයි සිතා සිටිති. මින් බහුතරයක් අයත්වෙන්නේ බිල් ගේට්ස් හෝ ස්ටීව් ජොබ්ස් වීම සිය එකම පරමාර්ථය කොටගෙන සිටින අතර විනෝදාන්ශයක් ලෙස සමාජ මෙහෙවර කරන අයවලුන්ටය ( Hobby : reading, creating web sites, watching horror movies, admin.....).  ඉදින් එතැන අදේශපාලනිකවීම පිලිබදව මම නම් පුදුම නොවෙමි.

දැන් මගේ නඩුවට වේලාවයි. මා විසින් ඉදිරිපත් කිරීමට ඇති චෝදනා මේවාය.
01. මම දේශපාලනික ලිපි ලියන්නෙමි. නමුත් මා එම කැටගරියේ නැත. එය මා හට කල අසාධාරනයකි.
02. ඔබ විසින් පූර්ණ දේශපාලනික ලිපි ලෙස වෙන්කරන නිර්නායක් කවරේද? එය පැහැදිලි නොවීම නිසා ලියන්නෙක් මෙන්ම කියවන්නෙක් ලෙසද මා හට යම් අසාධාරනයක් වී ඇත.
03. සින්හල බ්ලොග් කියවනය සමාජ මෙවලමක් බවට පත් කිරීමේදී එයට එක්වී ඇති බ්ලොග් කරුවන්ද යම් මෙහෙවරක් කර ඇති නිසා මෙවන් වැද්ගත් තීරණයක් ගැනීමේදී මුලින් මත විමසීමක් නොකිරීම නිසා ලියන්නන් මෙන්ම කියවන්නන්ටද අසාධාරනයක් වී ඇත.

එහෙයින් මාගේ මෙන්ම වෙනත් බ්ලොග් ලියන්නන්ගේද යහපත උදෙසා පහත ක්‍රියාමාර්ග ගැනීමට ඇති හැකියාව සොයාබලන මෙන් ඇඩ්මින්ලාගෙන් ඉල්ලා සිටිමි.

01. මුල්පිටුවේ සින්හල බ්ලොග්කරුවන්ගේ සන්සදයේ ලිපි පමනක් පෙන්වන්න. අනෙකුත් කැටගරි සදහා සමාන අවස්තා ලැබෙන පරිදි ලින්ක් තබන්න. ඊට අමතරව කැමති අයෙකුට සියලුම කැටගරි වල ලිපි එකවර බැලිය හැකිවන පරිදි ලින්ක් එකක් (ALL) තබන්න.

02. ඇවැසි නම් දේශපාලන හා සමාජයීය කැටගරියට Age verification ද එක් කල හැක. මන්ද දේශපාලනය යනු කිසිසේත්ම බබාලාගේ දෙයක් නොවන නිසාය.

03. පූර්ණ දේශපාලනික ලෙස වෙනම තේරීමක් කිරීමෙන් වලකින්න. මන්ද එය විහිලුවක් වියහැකි හෙයිනි.


ප.ලි.: 
01. මේ ලිපිය කිසිසේත්ම ඇඩ්මින්ලා කෙරෙහි වෛරයකින් ලියූවක් නොවේ. හොද වැඩක් කල පොඩි උන් ටිකක් ට්‍රැක් එකේ තබා ගැනීමට ගත් උත්සාහයකි.
02. මේ දේ ගැනම මේතැන්වලද සාකච්ඡා කෙරී ඇත. රාමා1, රාමා2, හෂාන්

10 comments:

  1. ela mata ahame tame mava google group ain karala

    ReplyDelete
  2. ඉතාමත් අලංකාරයි ඇට මැස්සා,

    මමත් ඔබෙන් අහන්නම හිතුවේ ඇයි ඔබේ ලිපි දේශපාලනික ශීර්ෂයේ නැත්තේ කියලා. ඉතිං ඔබේ අලංකාර වාග් විලාශයට සුභ පතන ගමන්ම අපේ අඩවියට ලබාදී ඇති ස්ථානය ගැනත් ස්තූති කරන්න කැමතියි.

    01.මම දේශපාලනික ලිපි ලියන්නෙමි. නමුත් මා එම කැටගරියේ නැත. එය මා හට කල අසාධාරනයකි.
    02. ඔබ විසින් පූර්ණ දේශපාලනික ලිපි ලෙස වෙන්කරන නිර්නායක් කවරේද? එය පැහැදිලි නොවීම නිසා ලියන්නෙක් මෙන්ම කියවන්නෙක් ලෙසද මා හට යම් අසාධාරනයක් වී ඇත.
    03. සින්හල බ්ලොග් කියවනය සමාජ මෙවලමක් බවට පත් කිරීමේදී එයට එක්වී ඇති බ්ලොග් කරුවන්ද යම් මෙහෙවරක් කර ඇති නිසා මෙවන් වැද්ගත් තීරණයක් ගැනීමේදී මුලින් මත විමසීමක් නොකිරීම නිසා ලියන්නන් මෙන්ම කියවන්නන්ටද අසාධාරනයක් වී ඇත.

    ඔබේ තර්ක ඉතාමත් පැහැදිලියි. සාධාරණයි. එ්වගේම අපි හැමෝම කියන දේවල් එ් වචන කීපය තුළ තියෙනවා. එ් වගේම ඔබේ යෝජනා වලටත් අපි එකඟයි. මන්ද අපිත් ඉල්ලන්නේ සමාන ප‍්‍රවේශයක්. ඔබ එ්ක තවත් විස්තර කරමින් තාක්ෂණික අතින් මනාවට දක්වා තිබෙනවා.

    එසේම අඩව්වේ අප ඉතාමත් අගේ කරන්නේ ඔබ විසින් දක්වා තිබෙන ‘සින්හල බ්ලොග් කියවනය නිර්මාණය කරමින් කලාවූ පූර්වගාමී ක්රිකයාවලියට හිමිවිය යුතු ගෞරවය මෙහිලා කිසිසේත්ම බාලනොවන අතර, මා ප්ර ශ්න කරන්නේ තමා විසින් ආරම්භකල ක්රිවයාවලියක් සමාජගතවූ, සමාජ බද්ධවූ පසු එහි පැවැත්ම පිලිබද අන්තනෝමතික තීරණගැනීමෙහිලා එහි නිර්මතෘන්ට ඇති සදාචාරසම්පන්න බව පිලිබදවය.’ යන්නටයි.

    එය වැදගත් අදහසක් නිසා අපි කැමතියි ඊට අඩව්වේ අපගේ පූර්ණ එකඟතාවයත් එකතු කරන්න. එ්වගේම අප ඔබටත් ආරාධනා කරනවා අපේ දේශපාලනික ව්‍යායාමයට එක්වන්න කියලා.

    ReplyDelete
  3. මමත් මේකට විරුද්ධයි.. මොකද පහුගිය කාල වකවානුව තුල මම බලන්න අකමැති බ්ලොග් ලිපි වලට මම ගියේ නෑ.. හැමෝම එහෙමනේ.....සිංඩියට ආවැයි කියල ඉබේට ම දේශපාලන බ්ලොග් ලිපි විවෘත වෙන්නේ නෑනේ... තමන් කැමති නම් විතරයි බලන්නේ..
    දේශපාලනය විතරක් පේන්න බැරිව ඒව අයින් කරණ එක ඒ අනුව අසාධාරණයි..
    අනික දේශපාලන පමණක් නෙවෙයි මොන බ්ලොග් අඩවිය උනත් ලියල තියෙන දෙය හොඳයි නම් බලන්නෝ ඒ වෙත එනවා.. ඒ වගේම කොච්චර හොඳ උනත් තමන් ට වැඩක් නැත්තං ඒ අය එන්නේ නෑ.. හොඳම උදාහරණය විදිහට ප්‍රෝග්‍රෑමින් වගේ දෙයක් ගැන ලියවිලා තියෙන ලිපියකට මම යන්නේ නැත්තේ මට ඒක වැඩක් නැති නිසා.. නමුත් ඒක අනිත් අයට වටිනවා.. කෙනෙක් ට වටින දෙයක් තව කෙනෙකුට අනවශ්‍ය වීම ස්වාභාවයයි..
    සිංඩියේ නිල ප්‍රකාශනය අනුව දේශපාලන අඩවි වෙන් කිරීමට හේතුවක් වශයෙන් දිගින් දිගටම දේශපාලන ලිපි පලවීමේ දී අනිත් බ්ලොග් කරුවන් ට අසාධාරණයක් වන බව කියා සිටියි.. එය ලිපි ලියන්නා සතු දෙයකි.. එනම් ලියන ලිපියට සිත් ඇඳගන්නා සුලු මාතෘකාවක් යෙදුවොත් අනිත් ලිපි අතරින් කාට උවද වෙනස් ව හදුනා ගත හැක.. ඒ සඳහා බ්ලොග්කරුවා දක්‍ෂ විය යුතුය.. ( එය හිට් තම බ්ලොගයේ හිට් වැඩි කර ගැනීමට ද උපායකි )එය ද එක්තරා ආකාරයක මොකක්දෝ එකක් වැනිය...

    ReplyDelete
  4. nope.
    we have to filter according to your own way.

    But if sindi is going to put all shit in main page that sucks. so it is better apply some conditions to main page.

    ReplyDelete
  5. @ බිඟුවා: What is the definition for "shit in main page that sucks"? Who is the almighty that can decide this?
    My point is: Since author can categorise his blog under two categories, what is the point of bringing another level?

    ReplyDelete
  6. වැදගත්: සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය අදහස් ප්‍රකාශකිරීමේ අයිතිය සුරකියි.
    http://blogs.sinhalabloggers.com

    ReplyDelete
  7. සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය අදහස් ප්‍රකාශකිරීමේ අයිතිය සුරකින්නේ නැත

    ReplyDelete
  8. ඇත්තෙන්ම ඉතා හොඳ යෝජනා මාලාවක්

    ReplyDelete