Wednesday, August 4, 2010

මොනව ලියන්නද මීට වඩා.........






මේ රූපයේ සිහිකැඳවීම තමන් විසින් රැක තමන් විසින්ම පරමත්වයට පත්කල අධිකාරියේ සිරබත් කන සරත් ෆොන්සේකාට හෝ තමන්ම රෝහණ ජනරංජන පදවි දුන් මහරජුට බියෙන් සංඝසභාව අකුලාගත් මහනායක හිමිවරුන්ට හෝ කෙලතොල්ලකුගේ මාධ්‍ය සංදර්ශන වලට පක්ෂය බිලිකල ජවිපෙට හෝ සියත මාධ්‍ය (????) ජාලයට හෝ ඊයේ පෙරේදා පදික වෙළදාම අහිමිව ගිය පොදු පෙරමුණු චන්දදායකයින්ට හෝ චන්දයේදී තමා වියදම් කල එකාගේම අණින් දින කිහිපයක බිස්නස් නැතිකරගත් කිරිබත්ගොඩ බාර් හිමියන්ට හෝ ඊයේ ගස් බැඳුනු හා හෙට ගුටිකන සමෘද්ධිනියාමකයින්ට හෝ හෙට අනිද්දා උන් හිටි තැන් අහිමිව යන කැළණියේ මඟ දෙපස වෙසෙන්නන් ඇතුළු ඕල්රෙඩි කෙලවාගත් අටෝරාසියක් උන්ට නොව;

ආච්චිගේ තර්ක ඉදිරිපත් කරමින් හා අපෝ අපිට නෙවෙයිනෙ සිතමින් තාමත් හුරේ දමන අමනයින්ටය.​


ප.ලි: මා හට අවශ්‍ය වූයේ සිනාසෙන මිනිසෙකුගේ රූපයකි. නමුත් එවැන්නක් සොයාගැනීමට නොහැකි වූ හෙයින් මේ මිනිසා ඉතා සතුට්න් වහසි බස් දොඩමින් පැලයට වතුර දමන්නේ යැයි සිතා රූපය බැලිය යුතුය.

ඡායාරූපය: www.j4jokes.com

4 comments:

  1. අපොයි... උන්ට නම් ඔය ජාතියෙන් තව තිහ හතලිහක් වත් යවන්ඩ වෙයි.

    ReplyDelete
  2. නියම රූපය(සිනා සෙන කෙනෙක් හිටියා නම් වඩාත් හොඳයි තමා ) , එල පෝස්ට් එක!

    සියත මාධ්‍ය ආයතනය පහු ගිය run කාලේ කරපු හැටියට නම් උන දේ වාසියක් වෙන්නත් පුලුවන් ... කොටුවෙ පදික වෙදිකාවේ අය ලබපු තරම් ආදායමක් වත් සංගීතා නෝනට ලැබුනද මන්ද?
    අනික පිටකොටුවෙන් "බාල" බඩු හරි ලාබෙට ගන්ත මිනිස්සු හිටිය(මම පදික වෙලඳාම අනුමත කරනවාම නෙවේ) .ඒකට "නොමිලේ" විකාශය කරපු සියත අහපු බලපු අය නම් පිටකොටුවෙන් බඩු ගත්ත අය තරම් හිටියෙ නැ මම හිතන්නෙ

    ReplyDelete
  3. මේකනම් සිංහලයෙක් වෙන්න ඕනි.

    ReplyDelete
  4. මචන් මුන්ට තාම තේරේන්නේ නැ. මුන්ට තෙරේන්නේ ගහට හොදට වතුර දාලා ගහ හොදට ලොකුවෙලා එල්ලෙන්න ඔන්න මේන්න තියේද්දි. කෙලවෙලා කියලා තේරෙනකොට ගහ කපන්න පොරොවක් ගෙන්න යන්නත් බැ ගහේ වැඩිම නවත්තනත් බැ.

    ReplyDelete