Monday, October 4, 2010

සාක්කි මදි...... නඩුව බැලවීම කල්යයි....


( ආචාර්යතුමාගෙන් වරම්ලද විශේෂ වාර්තා කරුවෙකු විසිනි)

අද දින බැලවීමට තිබූ පොන්සේකාට එරෙහිව ජෑන්ස්, සුදුකොඩි නඩුව ප්‍රමාණවත් සාක්ෂි නොමැතිවීම නිසා දින 14කින් කල් ගියේය.

මෙහිදී වැරදිකාර පක්ෂයේ කුලියට කහින නීතීඥයන් තරයේ දක්වා සිටි කරුණක් වූයේ නඩුවේ වැදගත්ම සාක්ෂිය වන ජෑන්ස් මහත්මියගේ සටහන්පොතේ වෙනත් අය කියූ දේවල්ද  ලියැවී ඇති නිසා ඒවා ගැනද නඩු ඇසිය යුතු බවයි.

මේ අවස්ථාවේදී අතිරේක සාක්ෂිකරුවකු ලෙස සිටි යුධෝපාය උතුමාණන් ටිකක් සැරෙන් " එහෙම කොහොමද, අපි කැමති ඒවට අපි කැමතිනම් විතරයි නඩු දාන්න පුළුවන්!!! ඊට ඉහලින් යන්න ආවොත් එල්ලනවා......." යනුවෙන් සුපුරුදු දේශනය ඇරඹුවද, ළඟින් සිටි දේශයේ වීර සෙන්පති සිල්වාතුමා විසින් එතුමාව සන්සුන් කර වාඩි කරවීය.

සටහන් පොතක් සාක්ෂියක් ලෙස පිළගැනීමට උසාවිය මඳක් පැකිලෙණු දුටු ජෑන්ස් මෙනෙවිය, උසාවියේ අවසරය පිට විශේෂ පුකාශයක් කරමින්, තමන් කියන්නේ සහතික ඇත්ත බවත්, තම සටහන් පොතේ අනිත් දේවල් වල්පල් විය හැකි වුවත්, සුදුකොඩි කථාව තමන් ඉතා බියෙන් හා ශෝකයෙන් කම්පිතව සිටි මොහොතක ලියූ නිසා පෙරාපු ඇත්ත බවත් කියා සිටියාය.

​මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ ඒ මෙනෙවිය, තමා ඒ අවස්ථාවේ මොනතරම් කම්පනයට පත් වීද කිවහොත්, ඊට දින දෙකකට පෙර නතරවූ සිය ඔසප්වීම ඒ මොහොතේ යලි සිදුවූ බවත්, අවශ්‍යනම් සාක්ෂි ලෙස එදා ඇඳසිටි යට ඇඳුම උසාවියට ඉදිරිපත්කල හැකි බවද කීවාය.

ඒ අනුව සියල්ලන්ගේ ඒකමතික තීරණය අනුව එම අතිශය වැදගත් සාක්ෂිය සමගින් මීලඟ නඩු දිනයේදී නඩුව බලවනු ඇත.

පිංතූරය:   http://notesfromthebartender.wordpress.com/2009/12/23/man-loves-dog-just-a-little-too-much/

4 comments:

  1. ela ela..........

    ReplyDelete
  2. ජෑන්ස් ගෙ කෙහෙල් මල මොකටද මුළු රටම ඉස්සරහ පොන්නසේකයා කිවුව කතාව තියෙද්දී.

    කොහොම වුණත් මේක පට්ට ආතල්. එක්කෝ පොන්න සේකයා. එහෙම නැත්නම් ජෑන්ස් එක්ක සන්ඩේ මිස්ලීඩරේ. කොහෙන් බැස්සත් වතුර බහින්නේ කාළකණිනියෙක් යට කරගෙන.

    ReplyDelete
  3. @ Anonymous,
    ආතලුත් තියෙනවා. යකෝ මෙහෙම කාලකන්ණි ආතල් එකක්.

    ReplyDelete
  4. නඩුත් බැලෙව්වා. මෙහෙම නඩුවක්....

    ReplyDelete