Friday, February 3, 2012

ප්‍රේම කථාවක් ......!


ආ අක්කෙ...!
මං මේ රත්නෙ කථා කරන්නෙ. අර වසන්තත් එක්ක ගෙදර ආවෙ......?
ඔව් ඔව් පොල් එහෙම ගාල දුන්නෙ.....?

අන්න හරි! ඇමතිතුමාගෙ අක්කගෙ පුතාගෙ යාළුවෙක්ට උදව්වක් කරල තිබුණෙ !
නෑ අක්කෙ නිකං ගත්තෙ. නම්බර් එක තිබුණ නිසා.
චූටි නංගි නිදි ඇති නේද අක්කෙ..?

ආ...හා....හා....හී...හී ඒකත් ඇත්ත නේද? මහ දවල් මොන නිදිද?
ආ... නෑ ..නෑ .. නිකං.... නිකං. හී .... හී.....

ඉතිං අක්කෙ....? සනීපෙන් ඉන්නව නේද?......   ඈ....?
මොකක්....?
ඉතිං අක්කෙ බොන්නැත්තෙ මොන මිනිහද? අර හාමුදුරුවොත් කියන්නෙ ටිකක් ගත්තට කමක් නෑ කියල.... හී ... හී....!

දැන් කවද්ද අක්කෙ අන්කල්ගෙ පුට් සයිකලේට බල්ලෙක් හැප්පිලා තියෙන්නෙ?
ඊයෙද....? මලේ නෑනෙ? හරි අක්කෙ බිව්ව කියල ඒක එච්චර දෙයක් යැ? අනිත් එක අපෙ බල්ලෙක් යැ හැප්පිලා තියෙන්නෙ?
රුපියල් පනහක් විතර දීල වැඩේ ෂේප් කරගන්න පුළුවන්නෙ?  අපේ සපෝට් එකක් ඕනෙ නෑනෙ?

ඈ....? චන්ඩි පාට් දාන්න කට්ටිය ගෙනාවා.
ඒ මොකාද? කෝල් එකක් දෙන්න එපායැ අක්කෙ?
අපිත් සද්ද නැතුව හිටියට අපිටත් මිනිස්සු ඉන්නවනෙ. ඔයාට කියන්න අක්කෙ දැන් මගෙ ලඟ නම්බර් එක නෑ නැත්නම් මාකට් එකේ කොල්ලෙක් ඉන්නව මහේෂ් කියල. ඌට බෝතලයක් දෙන්න විතරයි තියෙන්නෙ. “ඇයි රත්තා..... ?“ කියාගෙන එන්නෙ.

පොලිසියද...? පොලිසිය ෂේප් කරගන්න එක වැඩක්ද අක්කෙ? මං දවසක් බණ්ඩක්ක දෙසිය පනහක් වික්ක ආරක්ෂක ලේකම් තුමාගෙ ගෙවල්වලට හැරෙන වංගුව ලඟ එක්කෙනෙකුට. එයාට කියල ඕන වැඩක් කරගන්න පුළුවන්.

හරි හරි අක්කේ... උන් අල්ලන් ඉන්නෙ මන්ත්‍රීවනෙ...? අපි ඊට වඩා ගේමක් දෙමු.
මං මගෙ පැත්තෙන් බලා ගන්නම්.

අක්කලත් පොඩි වැඩක් කරන්න. අංකල්ට තමයි මේක නියමෙටම කරන්න පුළුවන් අක්කෙ.
කොලයක් ගන්නකො......

දැන් මේ ටික ලියාගන්න.
“ අඩෝ.... පොන්නසේකා.....තෝ ත්‍රස්තවාදියා..... පරයා ... උඹ චන්දෙ පැරදුණේ මං චන්දෙ දුන් නැති නිසා හරිද?
  තෝ ඒ තරහට නේද යකෝ අරූගෙ බල්ලව එවල මාව හැපෙව්වෙ? අඩෝ ඔයිට වඩා බල්ලො ආව.... හරිද?
අපේ ජනාධිපතිතුමයි, ආරක්ෂක ලේකම් තුමයි ඉන්නකල් මට කාටවත් මොකුත් කරන්න බෑ හරිද? මං ඉන්නකල් ඒ දෙවිවරුන්ටත් මොකුත් කරන්න බෑ හරිද.....?“


දැන් අක්කෙ අංකල්ට කියන්න ඔය ටික කටපාඩම් කරගෙන, දෙකක් දාගෙන අරලිය ගහ මන්දිරේ ඉස්සරහට ගිහින් කෑ ගහන්න කියල. ඈ.... කුණුහරුප කියයි...? . ආ.... ඒව තමා ඕන අක්කෙ.

බයවෙන්න එපා. රෑට කෑමත් දීල එවයි. ෂුවර් අක්කෙ.

ඊලඟට අක්කෙ ඔයා ස්වර්ණවාහිනියටයි, සිරසටයි, අයි.ටී.... නෑ .. නෑ... ඔය චැනල් හැම එකටම කෝල් කරල කියන්න හෙට රටේ නිදහස් අභිමානය විනාශ කරන්න විශාල කුමන්ත්‍රනයක් දියත් වෙනව කියල.
හරි... හරී.... ඉන්න මං කියන්නම් කුමන්ත්‍රණේ. ඒකත් ලියා ගන්නකෝ....


“ හෙට නිදහස් දිනේ පොන්සේකව නිදහස් නොකිරීමට විරුද්ධව ජාතික කොඩි දාන් නැතුව ඉන්න, එතකොට එදාට නිදහස් උත්සවේ සජීවී විකාශය බලන්නැතුව වලකජු ගහන්න, ඊලඟට ජාතික ගීය වයද්දි ඉඳගෙනම ඉන්න, තව.... ආ.... පේස්බුක් ප්‍රොපයිල් පිච්චර් එක කළු කරන්න.... වගේ දැඩි ත්‍රස්තවාදී ක්‍රියාමාර්ග වලට ජනයව පොලඹවන ව්‍යාපාරයක් තියෙනවය. ඒක මෙහෙයවන්නෙ ඔය බල්ලගෙ අයිතිකාරයය “ කියල කියන්න.

මං අර යාළුවන්ටත් කියල තියන්නම්. අක්කයි අංකලුයි දෙන්නත් ඔය වැඩ දෙක හරියට කලොත් නම් අක්කෙ.... ආයෙ ෂුවර් ඇන්ඩ් සොට්.... පොලිසියෙන් නඩුවක් දානවා දානවාමයි ඔය බල්ල අංකල්ව කෑවය කියල. අපි නොදන්න ගේම් අක්කෙ.....

ආ නෑ  අක්කෙ ... බිල ගානක් නෑ.... උපහාර පැකේජ් එක තියෙන්නෙ.
චූටි නංගි මතක් කලා කියන්නකො......!

1 comment:

  1. ඔය ගොඩක් රට පෙරලන කතා යට තියෙන්නෙ ඔයවගේ චුට්ටං ප්‍රේම කතාවක් තමා බං

    ReplyDelete