අප රසායනාගාරයේදී ඔක්සිජන් තැනීම පිලිබද ඉගෙනගත්තේ අට හෝ නවය වසරේදීය. ඒ සදහා යොදාගත් ක්‍රම කිහිපය අතුරින් තවමත් මා සිත රැදී ඇත්තේ පොටෑසියම් පර්මැන්ගනේට් හා මැන්ගනීස් ඩයොක්සයිඩ් එකට රත්කර ඔක්සිජන් තැනීමය.මා ජීවිතයේ වඩාත්ම ඇලුම්කරන සහ භාවිතාකරන වචනයක් වන "උත්ප්‍රේරකය" යන්න ඉගෙනගත්තේද මෙම පරීක්ෂණය කරද්දීය.
බොහෝවිට මීට හේතුව වන්නට ඇත්තේ මේ රසායනිකයන් දෙකෙහි සුවිශේෂී ගුණාන්ගයි. පොටෑසියම් පර්මැන්ගනේට් වලට තනිව ඔක්සිජන් නිපැයීම පහසුවෙන් කල නොහැක. ඒ සදහා අධික ශක්තියක් ඇවැසි වේ. මැන්ගනීස් ඩයොක්සයිඩ් මගින් ඔක්සිජන් ලබාගැනීමක් ගැන කිසිදා කථා කරනු මා අසා නැත. නමුත් මේ දෙක එක් කලවිට සාමාන්‍යය පරීක්ෂණාගාර තත්ව යටතේ ඔක්සිජන් නිපදවිය හැක!
මාගේ මීට පෙර ලිපියේදී විපක්ෂය දෙකට බෙදී තරගකිරීම පිලිබදව මාගේ අප්‍රසාදය පල කලෙමි.
මේ මොහොත වන විටද එම අප්‍රසාදය එලෙසම පවතී. වෙන්ව තරග කිරීමට ගත්තා වූ තීරණය හශාන් කියූ පරිදි උපක්රමික වෙනස් වීමක් හෝ ටැබූ කියූ පරිදි සිනර්ජියක් ( 1+1>2) නැතිවීම නිසා වූවකැයි පිලිගැනීමට මා මැලි වන්නේ, මහ මැතිවරණය තනි ඌරකුගේ මඩවලක් කරගැනීමට ඉඩ සාදාදුන්නේ මෙම වෙන්වීම නිසා බව විශ්වාස කරන හෙයිනි.
මම ඒකාබද්ධ විපක්ෂය කෙරෙහි බලාපොරොත්තු දල්වා සිටියෙමි. ඒ මේ දේශපාලනය තුල තවදුරටත් සුපිරිසිදු යූ.එන්.පි යක් හෝ ජේ.වී.පියක් නොමැති යථාර්තයක් තුල දේශපාලනය යනු පක්ෂයක් බදාගෙන පක්ෂයක ඉහල මට්ටමේ ඔලුගෙඩි ගන්නා ඕනෑම තීරණයක් හරියැයි කියන අදේශපාලනික තැනක සිට පොදු අරමුණක් වෙනුවෙන් පක්ෂ අමතක කර දමා ඉදිරියට ඒමේ ශක්‍යතාවක් සහිත චලනයක් ඒ තුලින් විද්‍යාමාන වූ හෙයිනි. එය තාවකාලික මැතිවරණ පරාජයක් සදහා හේතු විය හැකි වුවද දීර්ඝකාලීන යහපත් දේශපාලන සන්ස්කෘතියක පාදම වියහැකිව තිබූ හෙයිනි. ඒ සිහිනයට වෙඩි වැදී ඇත. හන්සයන් කිරි සෙවූ බිම අලින් හා කුසලානයන් දෙකට බෙදාගෙන ඇත. කොරුන් සහ අන්ධයන් වෙන් වෙන්ව ගොලායත්ට එරෙහිව සටනට බැස ඇත.
සත්‍යයකි. ජනාධිපතිවරණයේදී තිබූ ගැම්ම රජයේ මර්දනය විසින් හා ජනාධිපතිවරණයේ අනපේක්ෂිත ප්‍රතිපලය විසින් බාලකොට ඇත්තේය. නමුත් එයම සැබෑ හේතුව වන්නේද? මේ වෙන්වීම මගින් සිදුකොට ඇත්තේ මැන්ගනීස් ඩයොක්සයිඩ් නිකන්ම කලුපැහැ කුඩක් ලෙසත් පොටෑසියම් පර්මැන්ගනේට් තම වියෝජනයට ඇවැසි ශක්තිය නැතිවගිය රසායනයක් ලෙසටත් අසරණව සිටිද්දී ඔක්සිජන් වෙනුවට ඇමෝනියා නිශ්පාදනය කරන ගෝ මූත්‍රා බදුනක් ලාන්කීය දේශපාලන තෙපාව මත රැගුම් පෑම නොවන්නේද?