වඩාත් උත්ප්රාසය දනවමින් උපවාසවංශ හා ඔහුගේ බත්/බෝතල්/බඩු/තනතුරු/ etc. / බැලයන් "ලිබියාවට අත නොතබනු" කියා ටයර් පිලිස්සීමද අරඹා ඇත්තේය.
එදා මා තැබූ සටහන පහත දැක්වේ ( කරුණාකර 'වීරවංශ' යන යෙදුම වෙනුවට 'ගඩාපි' යන්න ආදේශකර කියවන්න).:
" අල්ලපු ගෙදර කෙනාට පස්සා දොර (ගෙදර) ඇරීම.......
අල්ලපු ගෙදර එකා සහ අවලමේ යන කොල්ලන් ගෙය වටේ රැස් කන්නට ගන්නේ ගෙදර එකා තම කටයුත්ත නිසි පරිදි නොකරන විටය.ඊට එරෙහිව කසිප්පු බී උන්ගෙන් ගේම ඉල්ලනවා වෙනුවට තම කටයුත්ත නිසි පරිදි කරන්නේ නම් වෙන උන්ට සිය ඇඹේණියගේ කිල්ලෝටයට හුණු දමන්නට වරම් නැති බව වීරවංශ ඇතුළු නඩයට කඩේ යන උන්ට වැටහෙන්නේ නැතිකම උන්ගේ කරුමයදැයි අපේ කරුමයදැයි නොදනිමි. "