Thursday, March 24, 2011

උපවාසවංශට ගඩාපි වැහීම හා එකට සරනා ගිජුලිහිණියෝ.......

ලිබියාවේ වෙමින් පවතින දෙය කුමක්දැයි හරියාකාරව නොදනිමි. නමුත් සිද්ධියට ගඩාපි සහ පුත්‍රසමාගමේ පොරටෝක් හා උන්ට එරෙහිවන්නන් කෙරෙහි දියත් කෙරුණු මර්ධනය සෑහෙන දුරට වගකිවයුතු බව මගේ වැටහීමයි. එහෙයින්ම ලිබියාව ගැන කියන්නට උචිතම සටහන මීට මාස කිහිපයකට පෙර උපවාසවංශ වෙනුවෙන් තැබූවම බව මට හැඟේ.

වඩාත් උත්ප්‍රාසය දනවමින් උපවාසවංශ හා ඔහුගේ බත්/බෝතල්/බඩු/තනතුරු/ etc. / බැලයන් "ලිබියාවට අත නොතබනු" කියා ටයර් පිලිස්සීමද අරඹා ඇත්තේය.


එදා මා තැබූ සටහන පහත දැක්වේ ( කරුණාකර 'වීරවංශ' යන යෙදුම වෙනුවට 'ගඩාපි' යන්න ආදේශකර කියවන්න).:

" අල්ලපු ගෙදර කෙනාට පස්සා දොර (ගෙදර) ඇරීම.......

අල්ලපු ගෙදර එකා සහ අවලමේ යන කොල්ලන් ගෙය වටේ රැස් කන්නට ගන්නේ ගෙදර එකා තම කටයුත්ත නිසි පරිදි නොකරන විටය.

ඊට එරෙහිව කසිප්පු බී උන්ගෙන් ගේම ඉල්ලනවා වෙනුවට තම කටයුත්ත නිසි පරිදි කරන්නේ නම් වෙන උන්ට සිය ඇඹේණියගේ කිල්ලෝටයට හුණු දමන්නට වරම් නැති බව වීරවංශ ඇතුළු නඩයට කඩේ යන උන්ට වැටහෙන්නේ නැතිකම උන්ගේ කරුමයදැයි අපේ කරුමයදැයි නොදනිමි. "

3 comments:

  1. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  2. ශත පහකට වැඩක් නැති පල්හොරුන්ගෙ වැඩ ගැන මොකට තවත් ලියනවාද?

    ReplyDelete
  3. ලියල වැඩක් නෑ කියල කියල තමයි හිතන් උන්නෙ මචං. ඒත් ලංකාඊලින්ක් කියල එකකින් ( ලේක්හවුස් ඊ වර්ෂන් එකද මන්දා) ගහන පච ටික දැක්කම නොලිය ඉන්න බැරි උනා.
    -ඇට මැස්සා

    ReplyDelete