Monday, February 22, 2010

බූරු කතාවක්......

       මේ කාටූනය මා මුලින්ම දැක්කේ 86/ 87 තරම් අතීතයේදීය. ඒ මනහර සගරාවකිනි. ඊට වසර ගණනාවකට පසු වුවද මෙය වලන්ගු බවට අපේ විපක්ෂය සහතික දෙමින් සිටීම එක අතකින් හාස්‍යයකි. තවත් අතකින් ඛේදවාචකයකි.
     යම් බලාපොරොත්තුවක සේයාවක් දල්වමින් ජනාධිපතිවරනයේදී සියල්ල අතහැර එකගතාවකට ආ මේ දුහුනන්, ඒ අරගලයේ උනුසුම නිවී යෑමටවත් නොදී අප තල්ලු කරමින් සිටින්නේද මුන්ව විශ්වාසකිරීමට වඩා පුක පොලවේ ගසාගෙන මැරීයෑම වඩාහොද විකල්පයක් වන තැනකට වීම වඩාත් ශෝචනීය වන්නේය.
     මහත්වරුනි, දිවියලෝකයේ යෑමට ෂෝට් කට් නැත. අප බහුතරයක් නුඹලා වෙනුවෙන් පෙනී සිටියේ පොදු සතුරාට ( හෝව්! මහින්ද විතරක් නොවේ) එරෙහිව සියලු ප්‍රතිරෝධයන් අතහැරිය යුතු නිමේශයකය. ඒ මොහොත තවමත් වියැකී නැති යථාර්තයක් තුල නුඹලා කෙලින පිස්සුවට තිබිය හැකි එකම තේරුම " අවස්ථාවාදය" පමණි.

3 comments:

  1. ඇට මැස්සා,
    ඔබගේ කතාවට වඩා අපි දකින ආකාරය ටිකක් වෙනස්. අපි හිතන්නේ මේක උපක‍්‍රමික වෙන් වීමක් කියලයි. මොකද ජවිපෙ ඡන්ද කවදාවත් කැඩෙන්නෑ තනියම ඉල්ලූවාම. නමුත් එජාපයත් එක්ක හිටියම දෙගොල්ලන්ගෙන්ම යම් ප‍්‍රතිශතයක් අතීත මතකයන් මත ඡන්දය නොදී ඉන්නවා හෝ විපක්ෂව භාවිතා කරනවා. නමුත් මු.කෝ හා මනෝගේ පක්ෂ වලට එහෙම අවුලක් නෑ. එයාලා එකට ඉල්ලූවා කියලා කීයටවත් දෙගොල්ලන්ගෙන් කාටවත් ඡන්ද කැඩෙන්නේ නෑ. අඩව්වේ අපි ඉදිරියේදී මේ තත්වය තවත් විස්තර කරලා ලිපියක් ලියන්න බලාපොරොත්තු වෙනවා.

    ReplyDelete
  2. I think Hashan is correct. There is no synergy between UNP and JVP. In this case the whole is LESS than sum of its parts. So there is an advantage contesting individually in a general election – specially the opposition has no chance of winning. It is different it they can win.
    You may remember once SLMC contested alone in Eastern province (with UNP too) and with UNP in other areas. That didn’t affect the result.

    ReplyDelete
  3. අම්මෝ ආයෙත් එනවා නේද මේ දේශපාලනේ...

    /බිඟුවා...!

    ReplyDelete