Tuesday, May 25, 2010

පල ඇති රුකට ගල් ..... ම හෙවත් නැති ප්‍රේම්ට රිටර්න් ගලක්

මේ සටහන මෙහි සඳහන් කිරීමට අරමුණු කොටගෙන ලියූවක් නොවුනද, ඇන්දවිල්ල පෙන්වීම සඳහා විවරව ඇති පෙරමුණේ රාලගේ අටුවාවේ මා විසින් ලියූ සම්පූර්ණ පිලිතුර තවමත් වේටින් හෙයින්ද, දන්න ජිල්මාල් එකකින්වත් ඒ කමෙන්ටුව සම්පූර්ණයෙන් දමා ගැනීමට නොහැකි වූ හෙයින්ද, හොඳහිත යොදාගත් ක්‍රමවේදයම යොදා ගනිමින් නැති ප්‍රේම්ට පිලිතුරු දීම උදෙසා මෙ​ම සටහන තබමි.

ඒ හැර, "අනේ අපි ඕකුන්ගෙ හිට් වැඩිකරන්නෙ නෑ" කියමින් තමාගේ බිලොග් අඩවි මත හිඳ පාළුගෙයි වළං බිඳින්නා වූ නපුංසත චර්යා රටාවක් පෙන්වීමට මා අපේක්ෂා නොකරන බවද මෙහිලා කිව යුතුය.

මේ මා විසින් අටුවාවේ ලියූ පිළිතුරයි. ​( ඒ උගත් නැණවත් පිංවත් මහතුන්ගේ ​ශෛලියම අනුගමනය කර ඇත්තේද එහෙයිනි).

බ්ලොග් අවකාශය යනු ඔලු ඇට්ටකුණා වූ ඔස්තාර් ලා එළිබසින තැනකි. – සහතික ඇත්තය.

තැති ​ප්රේම්ට කියන්න ඈත්තේ ඇට පමණක් ඉතිරිවන්නට අනෙක් සියල්ල ( මොළය සහ හදවතද ඈතුලුව) මිරිකා ඉවත්කල මිනිසුන්ගේ ගඳක් ඔබෙන් වහනය වන බවය. ශිෂ්ණයෙන් කලයුතු කර්තව්‍යය ඔබලා මෙන් වෘෂණ කෝෂ​යෙන් කරනා පුරුද්දක් මා හට නැති හෙයින් අවංකව මා ආදරය කරන, ගරු කරන, නිවැරදි යැයි දකින දේ වෙනුවෙන් මම පෙනී සිටිමි. එය සිස්ටම් එකට එරෙහිව යන්නක් වීම තුල ඔබලාගේ ආතල් බිඳ වැටීම පිලිබඳව මා හට කිරීමට දෙයක් නැත.

මීට පෙරද කියා ඇති පරිදි, නුඹලා බහුතරයකට නැති තරම් දැඩි/ පුරාණ බැඳීමක් මට මේ භූමිය හා ඇත. මා නුඹලා බහුතරයකට වඩා නිවැරදිව බුදු දහම අදහන බව මට විශ්වාසය. මම ඒ පිලිබඳව ආඩම්බර වෙමි.

යම් සටහනක් උඩින් පල්ලෙන් බලා ලිවීමේ හදිස්සිකාර දේශප්‍රේමය විසින් ඔබට ‘GAD FLY’ හා ‘ඇට මැස්සා’ යනු දෙදෙනකු බව නොපෙන්වා ඇත.( අපේ අදහස් බොහෝ දුරට සමාන බව සත්‍යයකි).

කෙසේ වෙතත් අප විරුද්ධ වන්නේ බුදු දහම් සන්දර්ශන වලට මිස ඒ සුපිරිසිදු දහමට නොවන බව පහත යොමු දෙ​ක පැහැදිලිව කියවන්නෙකුට වැටහෙනු ඇත.

http://beyondframe.wordpress.com/2010/05/18/10may18/
http://skydreams2010.blogspot.com/2010/03/akon.html
ර්‍
ප.ලි.: 
  - මාතෘකා වී ඇති 'සෝමාවතී බුදුරැස් ' ගැන බූන්දියේ උපුටනය.
  - නැති ප්‍රේම් මා හා පටලාගත් GAD FLYගේ සටහන
  - මේ සංවාදයට මාතෘකා වී ඇති අය ගැන මහමෙවුනා අසපු වෙබ් අඩවියේ සඳහනක් ( බුදු ළයින් උපන්......)

6 comments:

  1. ඉස්ලාම් දහම ඈදාගෙන යන විවාදය විවාදයකට වඩා මඩ ගොඩක් සහ වර්ගවාදී ගොහොරුවක් බවට පත්වෙලා තියෙනවා.
    "මෙවැනි ආගමක් ඉගෙන ගන්නා ලමුන් අනාගතයේදි ත්‍රස්තවාදීන් වීම පුදුමයක් නෙමෙයි","ඉස්ලාම්වරු යනු අවි ආයුද රහිත ත්‍රස්තවාදීන්ය" ආදි වශයෙන් ඉතාම නරක ආකාරයකට සාමාන්‍යකරනය කිරීමක් සහ ජාතිවාදය වැපිරීමක් මෙතන සිද්ද වෙනවා.ඉස්ලාම් ආගම විවේචනය කිරීම ගැන ගැටලුවක් නැහැ.අවශ්‍ය නම් ඒ වගේම විවේචනයන් බුදු දහම ඇතුලු අනිත් ආගමික සංස්ථා කෙරෙහිත් ඉදිරිපත් කරන්න පුලුවන්.ඉස්ලාම් දහම අදහන්නන් අවි ආයුද රහිත ත්‍රස්තවාදීන් යැයි කියද්දිත් එය ඉස්ලාම් භක්තිකයන් ඉවසිය යුතු යැයි කියන පිරිස් බෞද්ධ ශාසනයෙහි එක්තරා හිමිනමක් විසින් සිදු කරන ( අඩුම තරමින් බුදු සමයටවත් එකග නැති ) ප්‍රොජෙක්ට් එකක් විවේචනය කිරීම නිසා මරාගෙන මැරෙන්න ඒම විහිලුවක්.

    ReplyDelete
  2. රාමා, මට හිතෙන්නෙ මේක ලංකාවද ඈතුලත් පන්ති පරතරය ඉතා ඉහලින් තියෙන රටවල අයට හැදෙන ලෙඩක්.
    මේ තරම් බොලඳ විදිහට හැසිරෙන බහුතරයක් එක්කෝ තවමත් තමන්ගෙ ඉහල මධ්‍යම පාන්තික සිහිනය ඔස්සේ දුවන ගමන් තමන් පවතින බව තමන්ටම ප්‍රත්‍යක්ෂ කරගන්න දඟලනවා. එහෙමත් නැත්නම් මේ ලඟදි යාන්තම් ගොඩදාගත්තු සිහිනය නැතිවෙයි කියන බය නැති කරගන්න දඟලනවා. තවත් සමහරු තමන්ට භෞතික ලෝකයේදි පොරක් වෙන්න උදව් උන ඈඟේ හයිය මේ වියමන්තුලට ගෙනෙන්න හදනවා.
    මේ හැමෝම කරන්නෙ තමන්ගෙ පෞද්ගලික ජීවිතේ හීනමානය වහගන්න තමන් ජීවත්වෙන සිස්ටම් එක මාරයි කියල බෙරිහන් දෙන එකයි ( අපෙ එක තමයි ලොකු, අපෙ එක තමයි මාර, අපෙ එකේ ලයිටුත් පත්තු වෙනවා). ඒ නිසයි හැමෝගෙම සංවාද තමන්ගෙම බ්ලොග් අඩවිතුල ආරක්ෂාකාරීව සිදුවෙන්නෙ. සංවාදෙකදි මල්ලෙ පොල් ජාතියෙ පිලිතුරු ලැබෙන්නෙ.
    දැන් බුදුදහම vs ඉස්ලාම් සංවාදෙ ගත්තොත්, ඒකෙ ඈති වැඩක් නැහැ. අන්තිමට රාළත් පොර ලංකා1ත් පොර. මේ ජාතියෙ සංවාද අපේ ගමේ මිනිස්සු කසිප්පු බීපුවාමත් බලා ගන්න පුළුවන්. අන්තිම ප්‍රතිඵලය අනිවාර්යයෙන්ම ගුටි කෙළියක්.

    ReplyDelete
  3. වාලධිය ඔසවා උස් තැනෙක තබා දෙඩුමට එක් වන්න. අප කියන්නේ මේ ඇට මැස්සා ගැනයි.

    ReplyDelete
  4. ඔබ කියනා හෙයින්, මා එබැව් පලිගනිමි.
    නමුත් " ඔබට ‘GAD FLY’ හා ‘ඇට මැස්සා’ යනු දෙදෙනකු බව නොපෙන්වා ඇත." යන්න හැර මා ලියා ඈති අන් සියල්ල තවමත් වලංගුවන්නේ ඔබේ උදහසට ලක්ව ඈති කුලකයට මාද නිතැතින්ම අයත්වන හෙයිනි.
    කෙසේ වෙතත් පැහැදිලි කිරීමට තුති.

    ReplyDelete
  5. මෙතැන ගොඩක් වෙලාවට සිද්ධ වෙන්නෙ ආගම දේශපාලන අවශ්‍යතා සඳහා යොදාගන්න උත්සාහ කිරීමයි. බහුතර ජනයා නියෝජනය කරන හැම අංගයක්ම තමන්ගෙ මල්ලට දමා ගැනීමේ දේශපාලනයේම කොටසක් තමයි මේ සිංහල බෞද්ධ කියල නගන හිස් හඞත්. ඒත් මොවුන් කරන්නෙ බුද්ධ දර්ශනයට සහමුලින්ම වෙනස් අන්තවාදී වැඩක් කියල මොලේ තියෙන කාට වුණත් වැටහෙනව.

    ReplyDelete