Saturday, October 2, 2010

මංම දාපු එකෙන් මංම කියල දීපු එක කෙරුවට පස්සෙ.... අස්සං නොකර මං මක්කොරන්නද අපෙ හාන්දුරුවනේ......



ඒ විතරක්යැ.......

ගෑනු ටික ෂේප් කරගන්න සද්දයක් දාල නීතියක් ගෙනෙන්න තියෙන මතට සිරාවටම තිතක් තියන්නෙවත්,

පස්සෙ වෙලාවක අඩු කරල ගොඩ යන්න තියෙන පාන් ගෙඩියකට පාලන මිලක් දාන්නෙවත්,

මාධ්‍යයට කෙලිද්දිත් විහිළුවට වගේ මංම මාධ්‍ය ඇමතිකම දීපු එකාව මේ පඟරනැට්ටෙක්ව ගස් බැන්ඳ කියල ඇමතිකම නැති කරන්නෙවත්,

උපවාසවංශයයි කඩේ යන එව්වොයි මෙහෙ ගොන් රැල රවට්ටන්න කොරපු එක ඔළුවෙ තියාගෙන මූන් මහත්තයට එහෙදි විරෝධය පෙන්නන්නෙවත්,

මංම පත්කොරපු මගෙම මල්ලි නිධානයක් වගේ මිනිස්සු ටිකක් හොයාගන පරම්පරා හතක් ගොඩයන්න පාරක් හොයාගත්තට පස්සෙ, මේ හද්ද පරණ කොටි කථාවක් හින්ද උන්ව හිරේට දාන්නෙවත්,

ලබන පාරත් ඉන්න ඕනෙ නම් මේ වගේ සිම්පල් ප්ලෑන් වලින් බැරි වෙන ලකුණු තියෙද්දි කෙලවෙන්න තියෙන පාරවල් ඔක්කොම දැන්ම තියා වහන්නෙ නැතුව ඉන්නෙවත්,

මේ රටේ උන්ට "අපි මාරයි" කියන එක තරම් චූන් එකක් වෙන මොන රෙද්දෙන්වත් දෙන්න බැරි එකේ උන්ගෙ ප්‍රශ්න අමාරුවෙන් විසඳන්නෙවත්,

අහවල් කෙං ගෙඩියකටද හාන්දුරුවනේ.

දවස් දෙකක් කුසු කුසුව තියෙයි, ඊට පස්සෙ අපි වෙන නාට්ටියක් සැට් කොරල දෙන්නම්කෝ....... එතකන් ආං දන් ගේ. ඔක්කොම ලෑස්තියි.  මට අවසරයි.

5 comments:

  1. Maximum bro ! So true .

    ReplyDelete
  2. aluthma naatya - nyasthika balaagaraya :)

    ReplyDelete
  3. කන්න තමයි තියෙන්නේ.... :P

    ReplyDelete
  4. අනේ මන්ද අපේ ගුඩුස් අපට ගුඩුස්.... මදෑ බලන් හිටිය 2500 යත් 1000 වෙනවලු

    ReplyDelete
  5. පොන්සේකා මතක් වෙන්නත් තව මාස 30ක් ඊළඟ එකෙන් වැඩි කරන්න වෙනව. එහෙම වුණොත් ආයෙ සතියකට විතර මිනිහට මිනිස්සු හිත් වලට එන්න පුඵවන් වෙයි.

    ReplyDelete