Thursday, March 3, 2011

ලංකාවට ජැස්මින් ආවේය.......

සියළු විරුද්ධ පාක්ෂිකයන් ප්‍රාර්ථනා කල අයුරින්ම, සයිබර් අවකාශයේ මුර දේවතා එළි සැක කල පරිදිදෙන්ම, w3lanka හි පැරකුම් හා පාඨකයා නිගමනය කල පරිද්දෙන්ම, ලංකාවටත් ජැස්මින් විප්ලවය පැමිණ ඇත.

සිද්ධිය ඇරඹුණේ දරුවන්ට කන්න දීගත නොහැකිවූ පියෙකු අරලිය ගහ මන්දිරය ඉදිරිපිට ගිනිතබා ගැනීමෙන් නොවේ. එසේත් නැත්නම් විපක්ෂය දියත් කල දීප ව්‍යාප්ත වර්ජන රැල්ලක දිගුවක් ලෙසද නොවේ. 

මහින්ද නම් වූ අයෙකු ජනතාවගේ හදවතෙහි වඩාත්ම සංවේදී තැනකට ඇනීම නිසාය. එනම් ජාතියේ ක්‍රිකට් තරුවකට අපහාස කිරීම නිසාය. ඔබ සියල්ලන්ම පාහේ දන්නා එම සිදුවීමෙන් පසු සිද්ධි පෙල ගැසුණේ මෙසේය.


1. මහේල ජයවර්ධන විපරමට හා මහින්දට විරුද්ධව නඩු දමයි.

2. සිද්ධියෙන් සලිත වන මහින්ද, නිශ්චල චංචල දැකුම් සමඟ ගොස් සිය හාම්පුතුන් මුණගැසේ.
3. ඉහල තැනකින් මහේලට ඇමතුමක් ලැබේ. මහේල එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරයි. කෝපයට පත් අනෙකා " we'll hang you" කියමින් රිසීවරය තබයි.
4. මහේල ඕස්ට්‍රේලියාවට එරෙහිව ශතකයක් ලබයි.
5. සිම්බාබ්වේ සමග තරගයට මහේල සහභාගි නොවන අතර ඔහු විවේක ගැන්වූ බව අතුරු කමිටු නිලධරයෙක් පවසයි.
6. ලංකාව සිම්බාබ්වේ තරඟයෙන් පරාජය වෙයි.
 7. මහේල, සංගක්කාර හා අරවින්ද මාධ්‍ය සාකච්ඡාවක් කැඳවයි. දේශපාලනයේ කුහක කම් සමඟ තවදුරටත් ක්‍රීඩා කිරීමට හෝ තේරුම් කමිටුවේ සිටීමට නොහැකි බව කියමින් ඔවුහු තම සමුගැනීම දැනුම්දෙති.
8. මහේල හා සංගක්කාර තරඟ පාවාදීමි චෝදනා මත අත් අඩංගුවට ගැනෙති. අරවින්දට අපචාර චෝදනා කිහිපයක් ඉදිරිපත්වේ.
9. විපරමට අමතරව "ක්‍රිකට් හුටපට" යනුවෙන් නව වැඩසටහනක් මහින්ද විසින් හඳුන්වා දෙයි.
10. "ක්‍රිකට් වෙනුවෙන් අපි" යනුවෙන් සංවිධානයක් බිහිවේ. ඔවුහු සිය පුචාරණය සමාජජාල හා කෙටි පණිවිඩ ඔස්සේ සිදුකරයි.
11. මෙ​ම සංවිධානයේ මංගල රැළිය මහේලගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන අතර අරවින්ද හා අර්ජුන විශේෂ අමුත්තන් වශයෙන් සහභාගි වේ.
12. ලංකාවේ ක්‍රිකට් විනාශකල, ලෝක කුසලානය අහිමිකල දේශද්‍රෝහී ආණ්ඩුව ගෙදර යැවීමට පැමිණ සිටි සියල්ලෝ සපථ කරති.
13. උද්ගෝෂණ රැල්ලක් ඇරඹේ. පක්ෂ විපක්ෂ බොහෝ බලවේග ක්‍රිකට් වෙනුවෙන් අපි හා එක්වෙති.
14. දැඩි මර්ධනකාරී පිලිවෙතකින් වුවද නැවතිය නොහැකි තරම් ජනතා විරෝධය බලවත් බව දැනගත් රජය, රටේ පාලනය බාරකාර ආණ්ඩුවකට පවරයි.
 15.මහේල සහ සංගක්කාර යලි ක්‍රිකට් ගසති. අරවින්ද ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති වේ.
16. ජනතාව සතුටින් දිවි ගෙවති.




ප.ලි: නමුත් මෙවැන්නක් සිදුවුණේ නැත. ඒ වෙනුවට සති අග පුවත්පත්වල දේශපාලන හා ක්‍රීඩා කොලම් වල මෙබඳු සටහනක් පලවී තිබුණි.

" ජනපතිගෙන් විපරමට කුණු බැනුම්, මහේල නඩුව අස්කර ගනී"

8 comments:

  1. පට්ට...

    ReplyDelete
  2. හැබෑ නොවන සිහිනනෙ මේ රටේ කොහොමත් තියෙන්නෙ...

    ReplyDelete
  3. අපරා‍දෙ.... අරක කයිරෝවක් කොරගන්ඩ තිබුන චාන්ස්සෙක මිස්උනා නොවැ....
    (මොනවා උනත් පට්ට හීනයක් ඈ..)

    ReplyDelete
  4. හි,,ඉහි,,හි,,,, අපුරු හීනය

    ReplyDelete
  5. මෙමගින් ෆොසේකාට පුක දීම කෙලෙසවත් සිදු නොවන බව කරුණාවෙන් සලකන්න

    ReplyDelete
  6. ආ කොන්දක් නැති එකෙක් මෙහෙත් රිංගලා. අනේ මංදා මුන්ට විහිලුවකට කතාවක් කවුරු හරි ලිවුවත් ගැට්ට කසන්න ගන්නවා. වැඩේ කියන්නෙ මේ පොන්නයා කොච්චර ඇනෝ වෙන්න හැදුවත් අර තකතිරු රාළ කියල ලෝකෙම දන්න එක.

    ReplyDelete