Tuesday, May 18, 2010

ඒ උතුම් පින්බර දිනය අදයි........

මීට හරියටම වසරකට පෙර සිංහල ඉතිහාස පොතේ රන් අකුරෙන් ලියැවුණු ඒ උතුම් දිනය උදාවිය.


ජාතියේ පිනට පහලවූ අතිගරු මහින්ද උතුමාණන්ගේ ශූර දේශපාලනික මඟ පෙන්වීමද, ඇමෙරිකානු අත්දෑකීම් හා අපේකම මිශ්‍ර කොටගත් ගෝඨාභය යුව රජාණන්ගේ මූලෝපායික පෙර මං ගැනීමද නොවන්නට මේ යුද්ධය තවමත් ලක් දෙරණ පෙලන්නේය.

 නමුත් මාගේ ඉහත ප්‍රකාශය මඟින් ත්‍රස්තවාදීන් මවිත කරමින් යුද හමුදාව මෙහෙයවූ ෂවීන්ද්‍ර සිල්වා, අපේ අහස්කුස අපේම බව කියන්නට ගුවන් හමුදාව ඉදිරියටම යැවූ රොෂාන් පෙරේරා, දියඹ අරා වැජඹුන කොටි බලය සුන්කල නාවික හමුදාවේ යෝෂිත රාජපක්ෂ හා වසන්ත කරන්නාගොඩ යන විරුවන් කලා වූ මෙහෙය කිසිදා අව තක්සේරු නොවන්නේමය.

ඉඳින් මෙවන් ශ්‍රේෂ්ඨ දේශයක උපනට පින් ලද හෙළයනි...... හෙට ඒ ජයග්‍රහණයේ වර්ෂ පූර්ණයයි. ඒ වෙනුවෙන් ඔබේ යුතුකම ඉටුකරන්න. හෙට දිනමිණ පුවත්පත මිලට ගන්න. දවස පුරා අයි.ටී.එන් නාළිකාවේ සංවත්සර වැඩසටහන් නරඹන්න.

අප මාරයි කියා අපටම ඔප්පුකල යුද්ධයට ජයවේවා. .........

ඔබට සුබ අනාගතයක්.

9 comments:

  1. මෙම ලිපියේ වැරදි ගනනාවක්ම ඇත නිදොස් කොට ඉදිරිපත් කරන්න
    එය එසේ නොවුනහොත් ඔබට අනුව ඒ උතුම් පින්බර දිනයට කරන ගැරහිමකි

    මෙය අපේ හැගීමක් පමණී

    අපි www.sriwow.info

    ReplyDelete
  2. you are real basterd

    ReplyDelete
  3. yoshitha,what he did during thewar he participate only few months to it, what about Gen fonseka.he is real man handle the war. if you forget about about him you hust be born yesterday.

    ReplyDelete
  4. Think this editors was born in so near. where's Gen. Fonseka. Forget abt politics.. Without Gen. its like bride without wedding. This writer also a victim of a Gov. brain wash.

    ReplyDelete
  5. I might not agree with you but I see what you mean at least. On the other hand these commentors make me laugh. I mean, how could they not see the satire?

    ReplyDelete
  6. වක්‍රෝත්තිය ව්‍යංගය වටහා ගන්න බැරි මේ මිනිසුන් සමග කෝප නොවෙන්න. ඔවුන් අහිංසක ය.

    ReplyDelete
  7. ඔබේ උදාන ගීත‍ය පවසන්නේ ඔබ කෙතරම් වහලෙක්ද යන්න අපට වටහා ගන්නා ලෙසයි. ඒත් අපි ඔබට හූ නොකියමු. මන්ද ඔබේ වහලුන්ට හූ කීම නොමනා බැවිනි.

    ReplyDelete
  8. කමෙන්ටු දැමූ සියල්ලන්ටම තුති. මෙහි මා ලියූයේ ඊයේ ස්වාධීන රූපවාහිනීයේ ප්‍රවෘත්ති අතරතුර විකාශය වූ රණවිරු වැඩසටහන්වලින් දැනවීමට උත්සාහකල දෙයයි ( මගේ ලුණු ගොරකා ටිකක්ද වියදම් වී ඈති බව ඈත්තය). කෙලෙස උත්සාහකලද යුද්ධයේ සැබෑ වීරයන් කවුරුන්දැයි යන්න ඔවුන් අමතක කරවීමට ගන්නා සෑම උත්සාහයක් තුලින්ම ඉස්මතුවනබව මාගේ හැඟීමයි. මට සරත් ​​පොන්සේකා නම සඳහන් කිරීමට අවශ්‍ය නොවුනේ මා නොකියා කියූ යේ ඔහු ගැනම හෙයිනි.

    නමුත් ලැබුනු කමෙන්ටු හතෙන් පහක්ම එය වෑරදියට වටහාගෙන තිබිණි.

    හිතවතුනි, කාලය දුෂ්කරය. මීට වඩා ඉවසීම හා විචාර බුද්ධිය ඈවැසි වන්නේමය.

    ReplyDelete
  9. Nice post bro,.....

    ReplyDelete