සාමාන්‍යය අත්දැකීම අනුව පෙරදා රෑ කුදාර් වෙන්න ගැසූවෙකුට පසුදා යථා තත්වයට පත්වීම සඳහා කලයුතු ප්‍රධාන කාර්යයක් වන්නේ හැකි තරම් ජලය පානය කිරීමයි. එසේ නොවන විට ඇස් තඩිස්සිවීම, කථා කිරීමට අපහසු බව, ඇඟපත අප්‍රාණිකත්වය (වැතිර සිටීමටම සිතෙන), දැඩි හිසරදය (පෙත්තක් බී සමනය නොවන, හිස දෙපස ප්ලාස්ටර් ඈලවීමටම සිදුවන) වැනි අපහසුතා ඇතිවේ. මෙම තත්වය විශේෂයෙන්ම රම්, වොඩ්කා වැනි සුදු ස්ප්‍රීතු වර්ග හා විස්කි, බ්‍රැන්ඩි වැනි අධි සාන්ද්‍ර මධ්‍යසාර බී විට වැඩියෙන් දැනේ. එය වකුගඩු වලටද හානිකරය. එහෙයින් එවැන්නකු හැකි ඉක්මනින් ජලය පානය කල යුතුය.
ප.ලි: මෙම සටහන හා රට වෙනුවෙන් මහා සද්කාර්යයකට උරදී සිටින (පිරිත් දේශනා මැද) විමල් මැතිඳා හට දුන් වෛද්‍ය උපදෙස් පටලා නොගත යුතුය. උපවාසය අරඹා පැය 12ක් යෑමට මත්තෙන් හැකි ඉක්මනින් ජලය පානය කලයුතුයැයි පවුලේ වෛද්‍ය කීවේ, එතුමන්ගේ ශරීර සෞඛ්‍යය මීට පෙර රට වෙනුවෙන් වෙඩි කා, බෝම්බ වැදී අසරණව ඈති හෙයිනි.
ඊ.ප.ලි: කෙසේ වෙතත් එතුමාගේ දියණිය එතුමාට උම්මා දෙන අවස්ථාව ( විශේෂයෙන් දෙවෙනි වර, කවුදෝ කියූ නිසා පොටෝ මාමලා වෙනුවෙන්) හා එතුමාගේ ප්‍රිය බිරිඳ ඩලස් ඇමතිතුමා හා නික්ම යන අවස්ථාව ඉතා සංවේදී වූ බවද කිව යුතුය.
කොලුවො, වීරවංස කොලුව වතුරවත් බොන්නෙ නැතිලු. මං නෙවෙයි, ලංකාදීපෙ කියන්නෙ. මෙන්න මෙතැන ඔබල බලහන්. http://www.lankadeepa.lk/2010/07/08/front_news/07.htm
ReplyDeleteඕක වතුර බොන්නෙ නැත්තෙ ඔය හරියෙ චූ කරන්න ටොයිලැට් එකක් නැති හන්ද වෙන්න ඇති. නැතුව ඕකට තුම්මුල්ල මාර ගහක් යට චූ කරන්න පුළුවන්යැ.
නැහැ සීයේ මං හිතන්නෙ ගුරා හිටගෙන කෙරුවොත් ගෝලයො දුව දුව කොරයි කියල රජතුමා උපදෙස් දෙන්න ඈති. එතුමා කොහොමත් ඔය වැඩේට දස්සනෙ. ලංකාවෙ ප්‍රශ්න සේරම විසඳලා දැන් මාල දිවයිනට උපදෙස් දෙන්න ගිහින් තියෙන්නෙ.
ReplyDeleteඈත්තට සීයෙ හොඳවෙලාවට විමලෙ අයිය මාල දිවයිනෙ ඉපදුනේ නැත්තෙ නේද? නැත්තන් එහෙත් උපවාසයක් අරඹයි MR PIMP. Go Out. කියල බෝඩ් එකකුත් උස්සගෙන.
http://boondionline.blogspot.com/2010/07/adahas-boondiya.html
ReplyDeleteවතුර බොන්නේ මොකටද ආයේ ඉතින්. ග්ලුකෝස් පැකට් එකක්ම දාපු දොඩම් එකක් කෙලලා ඇරියේ පාන්දර ජාමෙට වෙන්න . චොකලට් බාර් දෙක තුනකුත් එක්කම.
ReplyDelete