Friday, March 4, 2011

වගකීමෙන් නිදහස් වීමේ නිවේදනය.....!

වැඩේ පත්තු වී තිබේ. මා විසින් සැකකල පරිදිම මහේල හා තිලාන් කේන්ද්‍රකොටගෙන ජැස්මින් විප්ලවය ඇරඹෙමින් තිබේ. විපක්ෂනායකතුමා කෙටි පණිවිඩ යවන්න කියන්නේත්, විජිත හේරත් මහතා ආණ්ඩුව සමාවගතයුතු බව කියන්නේත්, සිරස පුරා මිනිසුන් තම විරෝධය පලකරමින් සිටින්නේත් එම නිසාය.

මගේ මේ සටහන ඒ පිලිබඳව හුරේ දැමීමට හෝ ඒක කලේ මා යැයි කියා ලකුණු දමාගැනීමට නොවේ. ඒ සම්බන්ධයෙන් මාගේ වගකීමක් නොමැති බවත්, මා විසින් සටහන් කෙරුණේ එඬරු දඬු දේශපාලනයක් පවතින ලංකාවේ සමහරුන් දැකීමට ආසා සිහිනයක් පමණක් බවත් කීමටය. එම නිසා මෙම ව්‍යාපාරයේ හා මගේ කිසිදු සම්බන්ධයක් නැති බවත් කීමටය.

නමුත් සිදුවීම් පෙලගැසෙමින් තිබෙන ආකාරය අනුවනම් මා ගලවා ගත හැක්කේ අප මහරජතුමාට හෝ මහේල/ තිලාන් දෙපලට පමණි. එසේ නැතහොත් මගේ බිලොග් අඩවිය තහනම් කිරීම හෝ හැක් කිරීමට ලක්වනු ඇතැයි යන බිය මා පෙලමින් සිටී.

එම නිසා, පස්වාන් දහසකට බුදුවන්ට නරෝත්තමයානන් වහන්ස, අනේ අර මහින්ද ගොබිලාට ප්‍රසිද්ධියේ බැනවැදී,මහේලට හා තිලාන්ට කෑම වේලක් දී, ඒ බව ඔබතුමාගේ මිතුරුකතුවරුන් ලවා පත්තර පුරවා ලියවා, මා මේ අබග්ගයෙන් ගලවාගනු මැනවි.

මහේල/ තිලාන් මහත්වරුනි, "අප ඔබ සමගයි" යනුවෙන් කෙතෙක් පණිවිඩ එව්වත් ඒ එවන බහුතරයක් පසුගිය කාලයේ ඔබේ බිරින්දෑවරුන් කොන්ඩම් පුම්බන රූප කිහිපයකින් ආතල් ගත්බව හෝ සිහියට ගෙන දුරකථන අංක මාරුකරනු මැනවි. ඉන්පසු ක්‍රිකට් ගසනු මැනවි.

 අනේ මගේ බිලොග් අඩවිය බේරාදෙනු මැනවි  ...... !


 
 ප.ලි: 
සයිබර් අවකාශයේ මුරදේවතාවුණි, ඇතැම් කටකැඩුණු උතුමෙක් මා මේ සටහන ලියූවේ මේ රටේ දේශපාලකයන් හා ජහමනයා ගන්නා සිඟිති ආතල් උපහාසයට ලක්කරමින් යැයිද, එමනිසා සයිබර් ත්‍රස්තවාදය පිලිබඳ චෝදනාවෙන් මට ගැලවීමට නොහැකියැයිද කියා මගේ බ්ලොග් අඩවිය ඔබතුමන්ලාගේ උදහසට ලක්කල හැකි වුවත්, මේ සටහන මුලදීම කියූ පරිදි මේ වෙන කිසිදු දෙයකට මාගේ සම්බන්ධයක් නැති නිසා මගේ බ්ලොග් පඩංගුව රැකදෙන මෙන්ද ඉල්ලා සිටිමි.

4 comments:

  1. Ela ela Kokatath parissan wena eka hodai...Pissata una eka dekkama :-)

    ReplyDelete
  2. බලාගෙන අර ජාතිවාදී සිංහල බෞද්ධ ලෙස පෙනී ඉන්න නරුම නිවට ත්‍රස්තවාදී බ්ලොග්කාරයෝ පිස්සාගේ පළාමල්ලට කරපු හරිය කරයි මේකටත්.

    ReplyDelete
  3. @ඇනෝ: මොනව කරන්නද, ඒක මොහොමඩ් ගේ පළා මල්ලේ රඟපෑමක්. උඹල වගේ බූරුවන්ට තමයි ඕව හැකර් ප්‍රහාර කියල හිටෙහ්න්නේ

    ReplyDelete