Tuesday, March 15, 2011

බියොන්ඩ් ෆ්‍රේම් වෙත - To Beyond Frame

සිද්ධිය දැක්කෙ පෙරේදා උදේ.

ඒ අස්සෙ "වත්" එයාගෙ අන්තිම සටහන තියල.

වෙන්නෙ මොකක්ද කියල පැහැදිලි නැති උනත් මොනව හරි වෙනව කියල නම් විශ්වාසයි. මේ වැඩේ කරන්නෙ කවුද කියන එකවත්, කොහොමද කරන්නෙ කියන එකවත් වැදගත් නැහැ. මොකද ඒක දැන ගත්තත් අපට කරන්න දෙයක් නැති නිසා. 


ඒත් මට විශ්වාසයක් තියෙනව ඔයා ලිවීම නවත්වන්නෙ නැතිවෙයි කියල. ඒ වගේම මේක අර ජනප්‍රිය තමන් විසින් කෙලවාගැනීමක් නෙවේ කියලත් මට විශ්වාසයි. මොකද මට දැනුණ විදිහට හිට්ස් ගැන හිතන්නෙ නැතිව ලියපු එක්කෙනෙක් ඔයා.

වැඩි දේවල් කියන්න ඕනෙ නැහැ. නැතිවෙලා තියෙන්නෙ කතන්දර කිවිව වගේ බයිනරි ටිකක් විතරයි.

ආයෙත් ලියන්න. අළුත් බ්ලොග් එකකින් එන්න. ඔයාගෙ බ්ලොග් එක මොකක්ද කියල මෙතන කමෙන්ට් එකක් දාන්න. ( මං මෙහෙම කිව්වම බොරු BFලත් කමෙන්ට් දාන්න පුළුවන් කියල දන්නවා. ඒත් ඒක ප්‍රශ්නයක් නැහැ).


තවත්තන ගානට අළුත් මූණුවරකින් එන්න පුළුවන් තරම් අපි සිංහල බව පෙන්නමු. උන් විකුණන්කන මහානුභාවසම්පන්න සිංහලකම උන්ට වඩා අපේ ලඟ තියෙන බව පෙන්නමු.

BF,
පාළුයි..., තනියි..., ඒ නිසා ආපහු එන්න.
මෙවන් මතක අරන් ආපසු එන්න. 


ප.ලි: පිස්සාට අපේ ආචාරය  "welcome back"

12 comments:

  1. බියොන්ඩ් ද ප්‍රේම් අනිවාර්යයෙන්ම නැවතත් ලිවිය යුතුයි. ඒ නමින් වෙන කිසිවෙකුට ලිවිය හැකිය. ඒත් බියොන්ඩ් ද ප්‍රේම් ලියන විදියට තව‍ කෙනෙකුට ලිවිය හැකි‍ ‍නොවේ. ඉතින් මොන නමකින් ලිව්වත් අපට ඔබ හඳුනාගත හැකිවේ. එබැවින් නැවත ලියන්න.

    ReplyDelete
  2. අපි සිංහල බව පෙන්නමු....
    ??????

    BF kiyanne sinhalayek newei yakooooo

    ReplyDelete
  3. So you'd better get up, stand up,
    stand up for your right
    Get Up, Stand Up, don't give up the fight
    Get Up, Stand Up, stand up for your right
    Get Up, Stand Up, don't give up the fight.

    ReplyDelete
  4. @ Anonymous:
    ඇත්ත BF කියන්නෙ ඔයාලගෙ ජාතියෙ සිංහලයෙක්වත් බෞද්ධයෙක්වත් නෙවේ.

    මටත් කියන්න තියෙන්නෙ මාලන් කිව්වා වගේ දන්නෝ දනිති කියල විතරයි.

    - ඇට මැස්සා

    ReplyDelete
  5. බියෝන්ඩ් ෆ්‍රේම් ගේ ජීවිතයට අනතුරක් සිදුවීනැතැයි කියා මම ප්‍රර්තනා කරනවා
    ලන්කාවතුල සිටිමින් දේශපාලන බ්ලොග් ලිවීම අනතුරදායක වී
    ඇත්දෝයයි සිතේ

    //අපි සිංහල බව පෙන්නමු// -100%
    මහින්ද හා වීරවන්සට වැඩියනම් bf සින්හලයෙක් - හරි සින්හලයෙක් නම් දේශප්‍රේමෙට මුවාවෙලා මගෝඩි තක්කඩි වැඩකරන්නේ නෑ

    ReplyDelete
  6. If someone have access to ISP’s router (like someone work in the ISP, or the same CyberCafe, or the same network, etc..) can find password to any none-ssl sites. Always use SSL when you login to your blog admin or mail acount.

    (SSL also can be cracked with huge amount of processing power and individuals do not have the capacity to do that. Only governments with access to super computers can do that. )

    ReplyDelete
  7. @ Anonymous:
    Thanks for the information. That's very useful.

    I checked with blogger (google), it's always https log in.
    But I am not sure about wordpress.

    ReplyDelete
  8. Beyond Frame නැවත පැමිණෙන්න. මේ යන විදියට තව ටික දවසකින් බලන්න බ්ලොග් නැති වෙලා යයි.

    & Of Course Welcome Back පිස්සා

    ReplyDelete
  9. ටැබූ, බියොන්ඩ් ප්‍රේම්, කොලූ, වත්... දැන් දන්නව ටැබූ කියූ හතර දෙනා. මේ බ්ලොග් හැක් කර නැත. බ්ලොග් ලියන්න පඩි ගෙවූ NGO වහල රට අතහැරල ගිහින්.
    May our paths cross again!

    ප.ලි: මමත් මොවුන්ගේ හොඳ පාඨකයෙක්, කිසි අමනාපයක් නැහැ.

    ReplyDelete
  10. @ Anonymous:
    මා මේ එක් අයකුවත් පෞද්ගලිකව හඳුනන්නේ නැත. ඔවුන්ගේ අනන්‍යතා හා පෞද්ගලික ජීවිතය පිලිබඳව මට දැනගැනීමේ අවශ්‍යතාවක්ද නැත.
    නමුත් ඔවුන් NGO මුදලට ලියූ බව කීම නම් කිසිසේත්ම පිලිගත නොහැක.
    ඔබේ ජනප්‍රිය තර්කය අප සිනාගස්සන්නේ වත් එලෙස ලියූ බව කියද්දීයි.

    යලිත් කියමි. වන්නේ කුමක්දැයි පැහැදිලි නැත. නමුත් යමක් වෙමින් පවතී.
    එය පොරත්වයට ලොල්වූ අතිපණ්ඩිත පොඩි එකකුගේ වැඩක් විය හැක. නැතිනම් තම මතය පමණක් පැවතිය යුතුයැයි කියාගන්නා හවසට සෙට්වෙන "මතට තිත" ගැන්ග්සියක වැඩක් විය හැක. එසේත් නොමැතිනම් හීනමානය හා ලිංගික ඊර්ෂ්‍යාවක ප්‍රතිපලයක් විය හැක. ඒ එකක්වත් නොවේ නම් අප සියල්ලම බියවන හා ආශාකරන "රාජ්‍ය මැදිහත්වීමක්" ද විය හැක.

    මට ඔවුන් ලියූවේ මුදලටද යන්නවත් වැඩක් නැත. ඔවුන් ලියූ දෑ (විශේෂයෙන් බියොන්ඩ් ප්‍රේම්) මගේ අදහස් හා බොහෝ දුරට ගැලපුණි. එහෙයින් ඔවුන් නැතිවනවාට මා කැමති නැත.

    මන්ද, සැබෑ ලෝකයේදී නොලැබෙන සහෘද සංවාදය අතථ්‍ය ලෝකයේදී හෝ විඳීමට ඔවුන්ගේ සටහන් මට ඉඩදුන් නිසාය.

    - ඇට මැස්සා

    ReplyDelete
  11. This was taken from Peramunerala's blog


    Taboo තමාවම හැක් කරගෙන මේ පණපොවමින් සිටින්නේ ටෙලි චරිතයකට බව මේවන විට සැකයක් තිබිය නොහැක. එවන් සැකයක් කාට හෝ තවමත් ඇත්නම් ඒ Tabooගේ රංගනයට ආලෝකකරණයෙන් (හෙවත් පහන ඇල්ලීමෙන්) දායක වූවකුටම විය යුතුය. Tabooගේ රංගනය ප්රබලය. එහෙත් ඔහුගේ අවාසනාවකට මෙන් තිර රචනය දුර්වලය. ඒ ඇතැම්විට පිටපතද ඔහුගේම නිසා විය හැක (මහින්ද අබේසුන්දර වුවද මීට සාර්ථක තිර රචනයක යෙදෙනු නොඅනුමානය). තිර රචකයා ටෙලිය අධ්යක්ෂණය කරමින් එහි ප්රධාන චරිතයද රඟපෑමට ගිය විට මෙවන් අකරතැබ්බයන්ට ලක්වීම ස්වාභාවිකය.

    කෙසේ වෙතත් මේ ‘කෙටි’ සන්නයේ අරමුණ තවදුරටත් Tabooව විග්රහ කර ගැනීම නම් නොවේ (සරත් ෆොන්සේකා නම් දක්ෂ යුධ හමුදා නිළදාරියා ඔහුටු දැමුණු හුරේ අසා අවාසනාවන්ත ලෙස දේශපාලඥයකු වන්නට තීරණය කරන්නේ යම් සේද, Taboo නම් දක්ෂ කුණුහරප රචකයා ඔහුට දැමුණු හුරේ අසා තමාට සමාජ විශ්ලේෂකයකු විය හැකියැයි සිතනුයේද එසේමය. සරළ ට්රැජි-කොමඩියක් වන මෙහි අමුතුවෙන් විග්රහ කිරීමට යමක් නැත). Tabooගෙ රඟපෑම පසෙක තිබියේවා, මේ සන්නයේ අරමුණ මේ ටෙලිය අතර මග විකාෂය වුණු ‘ටියුශන් ක්ලාස් ඇඩ්ස්’ කිහිපයක කියැවුණු ටියුශන් මාස්ටර්ලා දෙදෙනෙකු ගැන අවධානය යොමුකිරීමයි.

    සිතුමිණි රත්නමලල පුක්කුසාතී හඳුනයි. ඒ ලඟින්ම නොවේ. නමුත් එපමණ දුරින්ද නොවේ. ශ්යාමන් හේමකොඩිවද පුක්කුසාතී හඳුනයි. ඒ දුරින් නොවේ. නමුත් සිතුමිණි තරම් ලඟින් නම් නොවේ. මින් සිතුමිණිගේ නම ඉතාමත් සැක කටයුතු ලෙස මේ නාටකයට ඈඳුවේ Taboo විසින්මය. ශ්යාමන්ගේ නම කෙසේ කොතැනකදී ඈඳුනාදැයි පුක්කුසාතීට නම් නිච්චියක් නැත. මේ වන විට විවිධ පුද්ගලයන් (රාළද ඇතුළුව) මේ චරිත දෙක Tabooට අන්දවාගෙන නොයෙක් ප්රවාද ගොතනු දැකිය හැක. කිසිවක් නිෂ්චිත නොවන මේ මොහොතේ එහි වරදක් කිව නොහැක. නමුත් පුක්කුසාතීගේ නම් අදහස Taboo සිතුමිණිවත් ශ්යාමන්වත් නොවන බවය. එපමණක් නොව කොහේවත් සිටි සිතුමිණිගේ ඇඩ් එකක් මේ ටෙලිය අතර තුර හීන් නූලෙන් විකාෂය කිරීම Tabooගේ තවත් කුපාඩිකමක් විය හැකි බවද ඔහුගේ විශ්වාසයයිි. Tabooගේ ස්වයං හැක්වීම කෙසේ වතුදු ඔහුගේ නිර්නාමිකත්වයට යම් තර්ජනයක් තිබූ බවට සැකයක් නැත. Taboo සිතුමිණිව ගෑවීම හරහා මේ ගසනුයේ red herring වර්ගයේ ගැටයක් බව පුක්කුසාතිගේ අනුමානයයි.

    අවාසනාවකට මෙන් සිතුමිණිට Tabooගේ ගැටය තේරුම් ගනීමට තරම් විචක්ෂණබවක් නැත. Taboo වැනි වෘත්තීය ටෙලි නලුවකුගේ අභිනයන් තේරුම් ගැනීමට තරම් විවේකී බුද්ධියක්ද සිතුමිණිට නැත. ලෙනින් වර්ගයේ තොප්පි පැළඳ දිගු හිම කබා ඇඳ බෙල්ල වටා සීතළට අඳින සාටක ඔතාගෙන ලෙනින්ට ඇඳ මුහුණුපොතේ පිංතූර දමා දේශපාලනයේ හය හතර නොදන්නා නංගිලා (සහ වේලි වේලි සිටිනා අක්කලා) ඉදිරියේ සිඟිති වාමාංශික ආතල් දීමට වළිකන සිතුමිණිට වඩා Taboo යනු සංකීර්ණ තෙම්පරාදු චරිතයකි. ඒ කිසිත් නොදන්නා සිතුමිණි තව තවත් w3lanka වැනි බ්ලොග් වලින් තම status updates පුරවමින් තමුන්ට නොතේරෙන දේශපාලනයක් ආරූඩ කර ගැනීමට ගොස් එම උගුලේම පැටලෙයි. Tabooට නොදෙවෙනිව තමුන්ටද තර්ජන ඇතැයි පෙන්වීමටදෝ හෙතෙමේද ‘මනෝරාජික සිංහල ගෝත්රවාදීන් රොත්තකට’ පලු යන්න නෙළයි. Taboo තමුන්ගේ ගිණුම් හැක් කර ඇතැයි කියන විට සිතුමිණිද තමුන්ව හැක් කිරීමට උත්සාහා ගෙන ඇතයි ආඩම්බරයෙන් පවසයි.

    ශ්යාමන් ගැන මෙපමණක්වත් කීමට දෙයක් නැත. සරළ සමීකරණයකින් කියන්නේ නම් ශ්යාමන් මේ වනවිට සපුරමින් සිටින්නේ සිතුමිණි විසින් Tabooට කරන සේවයයි. සිතුමිණි කඩේ යන්නේ Tabooට නම් ශ්යාමන් කඩේ යන්නේ සිතුමිණිටයි. වෙනසකට ඇත්තේ තම සේවා දායකයා (එනම් සිතුමිණි) වෙනුවෙන් කුණුහරුප කීමට වුව ශ්යාමන් නොපැකිළීම පමණි (එම කුණුහරුප ශ්යාමන් හෝ සිතුමිණි විසින් පසුව ඉවත් කරන ලද බවත්, කුණුහරප ලියා ශ්යාමන් නෝන්ඩි වූ බව වහා තේරුම් ගත් සිතුමිණි ඒවා ශ්යාමන් ලියූ ඒවා නොවන බව හැඟවීමට ශ්යාමන්ගේ ගිණුමද හැක් කර ඇතයි කියා නැවත වටයකින් ‘සිංහල ගෝත්රවාදීන්ට නෙළූ බවත් වෙනම කරුණකි).

    දැං මෙය කියවා ‘සිංහල ගෝත්රවාදීන්’ තමුන්ගෙ friends list එකටද රිංගා ගෙන ඇතැයිද තමුන්ගේ ජීවිතවලටද තර්ජනයක් ඇතැයිද යනුවෙන් පාරම්බෑමට උවමානවක් නැත. මෙයින් සිතුමිණි සහ ශ්යාමන් උගත යුතු වැදගත්ම පාඩම නම් (මෙය කියවන්නේ නම්) තමුන් පොරවල් නොවන බවය. ඔබලාට කාගෙන්වත් තර්ජනයක් තිබිය නොහැක. යමෙක් ඔබලාට තර්ජනාත්මකව හැසිරෙන්නේ නම් ඒ ඔබලා බයිට් කිරීමට මිසක ඔබලා සීරියස් පොරවල් නොවන බැවිනි. ‘සිංහල ගෝත්රවාදීන්’ වුවද සරළ ෆන් වලට ආසය. ඒ ඔවුන්ගේ හැටිය. ඒවා දැක අනවශ්ය ලෙස පාරම්බෑමට ගොස් Tabooගේ උගුල්වලට හසුවීම නම් කණගාටුදායකය.

    ReplyDelete
  12. @ Anonymous:
    සටහන මෙතනට ගෙන ඒම සම්බන්ධයෙන් ස්තූතියි. මාත් මේ සටහන කියෙව්වා. නමුත් කමෙන්ටුවක්වත් නොදැම්මෙ පූර්ව නිගමන වලට යන්න තියෙන නොහැකියාව නිසා.

    උදාහරණයක් විදිහට ටැබූ බ්ලොග් එක නැවැත්තුවෙ "කුඩු ලාල්" සීන් එක නිසා වෙන්න බෑ. මොකද ටැබූට බ්ලොග් අවකාශෙදි ලැජ්ජාවක් කියල දෙයක් තිබුන බව මං දැකල නැහැ.

    "බියොන්ඩ් ප්‍රේම්" ඈයි බොරුවට සයිට් එක හැක් කරගන්නෙ?

    "වත්" සහ "කොලූ" ලියන එක නවත්වන්නෙ ඈයි?

    සමහරවිට අතිශය පෞද්ගලික හේතු වෙන්නැති. මොකද මාත් තාම හිතන්නෙ නැහැ මෙතනට සීරියස් මැදිහත්වීමක් තියෙනවා කියල! කාගෙ හරි සිඟිති ආතල් එකක් වෙන්න තියෙන ඉඩ වැඩියි.

    හැබැයි, වෙනදේට මං කැමති නැහැ. මේ බ්ලොග් කරුවන් යලිත් අප අතරට එන්න ඕන. එච්චරයි.

    -ඇට මැස්සා

    ReplyDelete