Saturday, July 10, 2010

ලංකාවේ මීලඟ ගිනස් වාර්තාව.......

විමල් වීරවංශ ​මේ වන විට ශ්‍රී ලංකාව වෙනුවෙන් මීලඟ ගිනස් වාර්තාව තැබීමට සූදානම් වෙමින් සිටී. ඇතැම් විට එය වාර්තා කිහිපයක්ද වීමට ඉඩ ඇත.

ඒවා අතර වැඩිම කාලයක් ජීවත්වූ (දෙන සේලයින් විස වුනේ නැතිනම් හෝ ස්ටේජ් එක කඩා නොවැටුනේ නම්) මාරාන්තික උපවාස කරුවා, මාරාන්තික උපවාසයක්  (fast unto death) අරඹා දින 10කට පසුත් දිනකට දෙවරක්වත් වැසිකිලි ගිය උපවාසකරුවා වැනි වාර්තා අනිවාර්යයෙන්ම පිහිටවෙනු ඇත.

එහෙයින් මා බෑන් කී මූං ඇතුළු විජාතික බලවේගයන්ටත් උන්ගේ බත්බැලයන් වන දේශීය නියෝජිතයන්ටත් කියන්නේ... මේ උපවාසය නම් නතර කිරීමට වෙර නොදරන මෙන්ය. විමල්ට එයාගේ පාඩුවේ වැඩේ කරගන්නට දෙන මෙන්ය.

2 comments:

  1. ඔය හුජ්ජ කොල්ලා පොඩි සෙල්ලමං කොරේ...
    දැං වතුර බීලලු...
    (වහ බොන්න වෙන්නේ කාටදැයි තවම නිශ්චිත නැත)

    ReplyDelete
  2. කතන්දරේ ඉවරය. ආතල් කුඩුය. වාර්තා නැතිය. මූන්ට සොරිය.

    ReplyDelete