Wednesday, July 14, 2010

ඔවුන් විකුණන්නේ මෙවැන්නන්ය........

අප බහතෝරන වියේදී ඇරඹී, වසර තිහකට වඩා කල් පැවතී, නිමා දුටු යුද්ධය විය යුතු පරිදිම බොහෝ කථා හා අතුරුකථා ශේෂ කලේය. යුද්ධය පුරා මෙන්ම යුද්ධයෙන් පසුද හපන්කම් මෝඩකම් හා පුරසාරම් ඉවරයක් නොමැත.
මේ සටහන මගේ ඇසට කඳුලක් එක් කලේය.  අපේ කාලකන්ණින් විකුණන් කන්නේ මෙබඳු කැපකිරීම්ය ( සිද්ධිය පිළිබඳ බොහෝ විග්‍රහ තිබිය හැකි නමුත් මට අනුව මෙබඳු සිදුවීම් ඇත්තේ අතලොස්සකි. ඉන් එකක් නම් සරත් පොන්සේකා මහතාට බෝම්බ ප්‍රහාරය එල්ල වූ අවස්ථාවේ රැකවලට ගිය සෙබලාගේ ක්‍රියාවයි).

ස්තූතිය: මධුරංග - දියකැටපහණ


5 comments:

  1. ඔන්න මේ මිනිහවත් විකුණල. කෝප්‍රල් ගාමිණී කුලරත්න රණවිරුවාට ලංකාවේ උසස්ම සාංග්‍රාමික පදක්කම වෙන පරම වීර විභූෂණය පිදුවෙ 1991 ඔක්තොම්බර් 10 වෙනිද එවකට ජනාධිපති වෙලා හිටපු ප්‍රේමදාස ජනාධිපතිතුමා විසින්. මෙන්න බොලේ අවුරුදු 19කට පස්සෙ මහ රජ්ජුරුවො එක පාරක් දීපු ඒ පදක්කම ආපහු දෙනව 2010 ජුලි 1 වෙනිද!

    ReplyDelete
  2. අම්මට සිර!!! ඈත්ත නේන්නම්.
    මෙතන හැටියට සම්මානෙ දීල තියෙන්නෙ 91 ඔක්තෝබර් 10 ( http://en.wikipedia.org/wiki/Gamini_Kularatne), දැන් සිළුමිනේ (http://www.silumina.lk/2010/07/11/_art.asp?fn=af10071110) හැටියට " අනතුරව ශ්‍රී ලංකාවේ සෙබලෙකුට පිරිනමන උසස්ම වීර සම්මානය වන ‘පරම වීර විභූෂණ’ සම්මානය ජනාධිපතිතුමා වෙනුවෙන් මහ ඇමැති තුමා විසින් හසළක ගාමිණී කුලරත්න රණවිරුවා වෙත පිරිනමන ලදී.".

    'ඔබ පව් කර නැත ගාමිණි මේ දකින්න' කියල තමයි කියන්න වෙන්නෙ.

    ReplyDelete
  3. ෴ අගේ ඇති වියමනක් නෙව ෴

    මම අද තමයි මේ පැත්තේ ආවේ...

    දිගටම ලියන්නේ දේශපාලනය නම් මම මේ පැත්තේ නාවත් කමක් නැහැ වගේ...

    ReplyDelete
  4. @ වත්: ස්තූතියි ආවට. දිගටම ලියන්නෙ දේශපාලනයද කියන ප්‍රශ්නයට දෙන්න උත්තර දෙකක් තියනවා.
    01. මට හැමදේම දේශපාලනිකයි.
    02. ඔයාල තරම් රොමැන්ටික් විදිහට ලියන්න මට බැහැ.
    මේ උත්තර දෙකම 100%ක් ඈත්තත් නෙමෙයි, 100%ක් බොරුත් නෙවෙයි.
    අකමැති නම් නාවට අමනාපයක් නැහැ. හැබැයි මං නම් ඒ පැත්තෙ එනවා. (බල්ල බැඳල තියන්න හොඳේ).

    ReplyDelete